General

අපි කවුරුත් ආදරේ කරන වෙස්පා

අපි කවුරුත් ආදරේ කරන වෙස්පා

වෙස්පා කියන්නෙ ඉතාලි ස්කූටර් එකක්. මේක හදන්නෙ පියාජියෝ සමාගමෙන්. මේකට වෙස්පා කියලා නම වැටෙන්නෙ ඉතාලි භාෂාවෙන් බඹරාට කියන්නෙ වෙස්ප් කියලා. මුලින්ම මේ සොඳුරු ස්කූටර් එක එළියට එන්නෙ 1946යේ.

ආකර්ෂණීය වර්ණ, වානේ තනි බඳ, සම්පූර්ණයෙන් ආවරණයවූ එන්ජිම, පාදවල ආරක්ෂාව සඳහා ආවරණය ලෙස ඇති පැතැලි පාපුවරුව මේ ස්කූටර් එකට විශේෂයි.

දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙ ඉතාලියෙ යුධ අත්හදාබැලීම ක්‍රියාකාරකම් වගේ දේවල් වලට සෑහෙන්න තහන්චි වැටුනා. විශේෂයෙන්ම ගුවන්යානා ආශ්‍රිතව. ඒ වන විටත් පියාජියෝ සමාගමට අදාල ගුවන්යානා නිශ්පාදන කර්මාන්තශාලාවත් බෝම්බ ප්‍රහාර වලින් විනාශ වෙලයි තිබුනේ. ඉතින් තවදුරටත් ගුවන්යානා ක්ෂේත්‍රයේ ඉන්නෙ නැතුව පියාජියෝ නිර්මාතෘවරයාගේ පුතා මෝටර් සයිකල් ක්ෂේත්‍රයට එනවා.

150cc 2 ස්ට්‍රෝක් එන්ජිමකින් ආපු මේ හුරුබුහුටි ස්කූටර් එකට පැයට කිලෝමීටර් 90ක උපරිම වේගෙන් යන්න පුලුවන්. ත්‍රීවිල් එකේ වගේ වමතට මැනුවල් ගියර් 4ක් එන මේ බයික් එකේ ටයර් සයිස් 10 ඩ්‍රම් බ්‍රේක් තමයි ආවෙ. ලීටර් 6ක පෙට්‍රල් ධාරිතාවයක් මේ බයික් එකේ අඩංගුවුන අතර කොයිල් ස්ප්‍රින් ඩබල් ෂොකට් සස්පෙන්ශන් ආවා. පොදුවේ විස්තරේ මෙහෙම වුනාට විවිධ මාදිලිවල පොඩි පොඩි වෙනස්කම් තියනවා.

1960දී ඉන්දියාවට පියාජියෝ සමාගම මේ බයික් එක අරන් එන්න බජාජ් සමාගමත් එක්ක අත්වැල් බැඳගෙන. හැබැ‍යි 1971දී එවක ඉන්දියානු අග්‍රාමත්‍ය ඉන්දිරා ගාන්ධි පෞද්ගලීකරණ වැඩසටහනත් එක්ක පියාජියෝ ලයිසන් එක අලුත් කරගන්න බැරිවෙනවා. ඊට පස්සෙ තමයි බජාජ් සමාගම තනියම මේ බයික් එක Chetak කියන නමින් වෙළඳපොලට එවන්නෙ.

මේ සුන්දර හුරුබුහුටි බයික් එකට තාමත් අපේ කොල්ලො ආසයි. තාම හොයනවා කීය ගියත් සල්ලි වලට අරන් හදලා ලස්සනට පදින්න.

Facebook Comments
Share
  • 1.4K
  •  
  •  
  •  
  •  
  •  
  •  
    1.4K
    Shares
error: Content is protected !!