General Mechanical

අල්ලපු රටේ අලුත්ම යතුරුපැදි පෙරළිය

2020 කියන්නෙ මෝටරථ සහ යතුරුපැදි ක්ෂේත්‍රයේත් බොහො දේ වෙනස් වීමට සහ අලුත් වීමට නියමිත වසරක්. ඒ වගේම මේ වෙනස්වීම කලකට පෙර යුරෝපානු සහ ජපන් යතුරුපැදි නිෂ්පාදකයන් අතර පමණක් ප්‍රධානව සිදු උනත් ගත වු දශකය තුල අසල්වැසි ඉන්දියාව දැඩි තරඟයක් ජපානයට සහ ඉතාලිය ප්‍රමුක යුරෝපානු නිෂ්පාදනයන් හට එල්ල කරන ලදි.

2012 Bajaj KTM හවුල, 2016 TVS BMW හවුල 2019 Hero Ducati හවුල මේ එල්ල කල බලපෑමේ අතුරු ප්‍රතිපලයකි. මේ වෙන විට Bajaj සමඟ KTM, Triumph, Husqvarna ගිවිසුම් ගතව සිටියි. TVS, BMW Motarrd සමඟත් Hero Motor Corp Ducati සමඟත් ගිවිසුම් ගතව ඉදිරි වසර 5 තුල නව යතුරුපැදි කිහිපයක්ම එලි දැක්වීමට සැලසුම් කර ඇත. මෙලෙස සීග්‍රයෙන් දියුණු වෙන ඉන්දියානු යතුරුපැදි ක්ෂේත්‍රයේ නීතී රීති ද පසුගිය වසර කීපයෙ දැඩි විය.

2017 වසරේ AHO (Always Headlamp On) නීතිය, 2018 සිට 150cc පහල සියලුම යතුරුපැදි CBS බ්‍රෙක්ස් සමඟත් 150cc ඉහල යතුරුපැදි ABS  සමඟ නිපදවීම අනිවාර්ය කිරීම වැනි නීතී ඒ අතුරින් ප්‍රධානයි.මේ සියල්ල සමඟම ආ නවතම නීතිය වන්නේ 2021 වසරට පෙර සියළුම 150 ධරිතාවයෙන් ඉහල යතුරුපැදි EFI කල යුතු වීම සහ 2025 වන විට 150 ධාරිතාවයෙන් පහල සියලුම යතුරුපැදි විදුලි බලයෙන් හෝ පුනර්ජනනීය වන බලය ශක්තියකින් බල ගැන්විම අනිවාර්‍ය කර පෙට්‍රල් එන්ජින් නිශ්පාදනය නවතා දැමීමයි.

මේ නීති සඳහා කල් තියා සැරසුන ඉන්දියානු යතුරුපැදි නිෂ්පාදකයන් මේ වෙන විට වේගවත් හැඩකාර E Motorcycles ද ලෙහෙසියෙන් පහසුවෙන් ගමන් කල හැකි Scooter, Commuter යතුරුපැදි ද නිර්මාණය කිරීම ආරම්භ කර ඇත.

Zero, Energica වැනි ප්‍රසිද්ධ E Motorcycle නිශ්පාදකයන් හොල්මන් කල Emflux One

පසුගිය වසරේ එලි දැක්වූ මේ යතුරුපැදිය ඉන්දියාව නිර්මාණය කල වේගවත්ම සහ දියුණුම ඉලෙට්‍රික් යතුරුපැදිය වේ. එපමනක් නොව සමස්ත ලෝකයේම ඊ යතුරුපැදි පෙලගැස්මකට ගත් විට Emflux One පලමු 5 දෙනා අතර සිටීම නොඅනුමානයි.

පැයට කිලෝමීටර් 250ක උපරිම වේගයක්, අශ්වබල 72ක මෝටරයක්, ආකර්ෂණීය පෙනුමක්, කිලෝමීටර් 200කට වඩා ධාවනය කල හැකි ආයු කාලයක් සහිත බැටරිය පැය 3කින් Charge කල හැකි වීම වැනි අංග මෙ යතුරුපැදියේ විශේෂාංග ලෙස පෙන්වා දෙන්න පුලුවන්.

KTM Duke 390 Eletric වෙලාද? Ultraviolet F77

Ultraviolet නම් සමාගමක් නිපදවු මේ යතුරුපැදිය ගැලපෙන්නේ තරුණ පරම්පරාවට කිවොත් නිවැරදියි. KTM Duke 390 යතුරුපැදියට තරමක් සමාන මේ Ultraviolet F77 අශ්වබල 33ක මෝටරයකින් සමන්විතයි. පැයට කිලෝමීටර් 165ක පමණ වේගයක් වගේම කිලෝමීටර් 150ක පමණ දුර ධාවනයකට ඉඩක් මේ F77 සපයනවා. පැය 1.5ක් තුල Fast Charge කිරිමක් ද Full Charge කිරිමකට පැය 5ක්ද ගත කරනවා.

Budget එකට සෙට් වෙන E Commuter වණ්ඩියක්?

Revolt RV400 නම් මේ ඉලෙට්‍රික් යතුරුපැදිය ප්‍රමාණයෙන් තරමක් කුඩා යතුරුපැදියක්. සම්පුර්ණයෙන් චාජ් වෙන්න පැය 4.5 ගත කරනවා නමුත් පැය 2ක් තුල ෆාස්ට් චාජ් කරගන්න පුලුවන්කම සපයලා තියෙනවා. ෆුල් චාජ් එකකින් පසුව ධාවනය කල හැකි දුර කිලෝමීටර් 150ක්.

මහාපරිමාණ යතුරුපැදි නිෂ්පාදකයන් ගේමට එන්ටර් වෙයි…

Bajaj, TVS සහ Hero තම ප්‍රථම වෙඩි මුර ලෙස E Scooter එළි දක්වන ලදි. කෙසේ වෙතත් මේ ස්කුටර් අතර වැඩි ප්‍රායොගික බවක් සහ සාර්ථක බවක් පෙන්නුම් කලේ Bajaj විසින් නිශ්පාදනය කල Bajaj Urbite Chetak ස්කුටර් එක පමණි.

Hero Optima

මේ ස්කුටර් එක එක් චාජ් කිරීමකින් කිලෝමීටර් 65ක දුරක් ධාවනයට ඉඩ සලසා දෙනවා. මෙහි බැටරිය සම්පුර්ණයෙන් චාජ් විමට පැය 6ක කාලයක් ගත වේ. මේ ස්කුටරයේ අසාර්ථක බාවය එයිම ඔබට වැටහෙනු ඇත.

TVS iQube

පසුගිය 26 වන දින එලි දැක්වූ මේ ස්කුටරය Optima ස්කුටරය ට වඩා කිලෝමීටර් 10ක් දුර එනම් කිලෝමීටර් 75ක දුරක් ධාවනයට ඉඩ සලසමින් සම්පුර්ණයෙන් චාජ් කිරිමට පැය 5ක කාලයක් ගත වැය කරයි. මේ ස්කුටයර ද වඩා සාර්ථක වෙවියයි බොහො දෙනා සිතන්නෙ නැත.

Bajaj Urbanite Chetak

ගිය වසරේ අවසන් භාගයෙ කරළියට ආ මේ ස්කුටරය ගැන බොහෝ ධානාත්මක ප්‍රතිචාරයක් ලැබි තිබුනි. එක් චාජ් කිරීමකින් කිලෝමීටර් 100ක පමණ දුරක් ධාවනයට ඉඩ සලසන මේ ස්කුටර පැය 4කින් චාජ් කර ගැනිමටත් කිලෝමීටර් 90ක පමණ වේගයක ධාවනය කිරීමටත් ඉඩ සලසයි. ඒ වගේම මෙහි රයිඩින් මොඩ්ස් 2 ද ඇත.

ඉදිරියට කරළියට එන තවත් අලුත් බයික් ගැන කතා කරමු මේ කිහිපයක් විතරයි.

Facebook Comments
Share
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!