General

අලුත්ම Pulsar දඟකාරයා NS160 Twin Disc

අලුත්ම Pulsar දඟකාරයා NS160 Twin Disc

Pulsar NS160 Twin Disc අලුත්ම මාදිලිය පසුගියදා ශ්‍රීලංකාවේදී එළිදකිනු ලැබුවා. මෙතෙක් ඉදිරිපස පමණක් ඩිස්ක් බ්‍රේක් පැමිණි මෙම යතුරු පැදිය දැන් ඉදිරිපස සහ පසුපස ඩිස්ක් බ්‍රේක් වන අතර වඩාත් පුළුල් ටයර්වලින් සමන්විතව වෙළඳපොලට එන්නේ Pulsar යතුරුපැදි මිලියන 10ක් ඉන්දියානු මාර්ග වලට එකතුවීම සැමරීමේ එක් පියවරක් ලෙසයි. ඉදිරිපස 90/90-17 ටයරද පසුපස 120/80-17 ටයර යතුරුපැදියට මනා පෙනුමක් මෙන්ම පාර සමඟ වැඩි ග්‍රිප් එකක් ලබා දෙනවා.

Honda CB Hornet 160R, Suzuki Gixxer, and Yamaha FZ-S සමඟ තරඟකිරීමට කරලියට එන මෙම යතුරුපැදියේ එන්ජින් ධරිතාව 160cc වන අතර RPM 8500 දී අශ්වබල 15.5ක් යතුරුපැදියට ලබාදෙයි. තත්පර 7.29කින් පැයට කිලෝමීටර 80 ඉක්මවන වේගයක් ලබාගත හැකි ගියර් 5කින් සමන්විත මෙම යතුරුපැදියේ නිර්දේශිත උපරිම වේගය පැයට කිලෝමීටර 111.17කි. Perimeter Frame චැසියකින් සමන්විත Pulsar NS160හි ඉදිරිපස Telescopic with Anti-friction Bushද පසුපස Nitrox mono shock absorber with Canister Suspension වලින්ද සමන්විතවේ. ඉන්ධන ධාරිතාව ලීටර 12ක් වන අතර ලීටරයට කිලෝමීටර 40ක් ඉන්ධන කාර්යක්ෂමතාවකින් යුතුවේ.

ඊට අමතරව සෙල්ෆ් සහ කික් ස්ටාර්ට්, ටියුබ් රහිත ටයර් සමඟ ඇලෝවීල්, ඩිජිටල් මීටර් LED Pilot Lamps සහ LED tail lights මෙහි අමතර අංගවේ.

ඉතින් ඔබට වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් පහළින් Comment කරන්න.

Facebook Comments
Share
  • 875
  •  
  •  
  •  
  •  
  •  
  •  
    875
    Shares

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!