General

ආකර්ශණීය යතුරුපැදියක ඉතිහාස කතාව Royal Enfield

ආකර්ශණීය යතුරුපැදියක ඉතිහාස කතාව Royal Enfield

රෝයල් එන්ෆීල්ඩ් තමයි තවමත් නිශ්පාදන කටයුතු සිදුකරන ලොව පැරණිතම මොටර්සයිකල් සමාගම. ඒවගේම ලොව දීර්ඝ කාලයන් නිශ්පාදනය කල එකම මෝටර්සයිකලයේ ගෞරවය හිමිවන්නේද 1931 සිට අදටත් නිශ්පාදනය කරන Royal Enfield Bullet මෝටර්සයිකල් එකටයි. 1901දි බ්‍රිතාන්‍යයේ ආරම්භවන මේ සමාගම ඉතා විශිෂ්ඨ පාපැදි යතුරුපැදි මෙන්ම මෝටර් රථද නිශ්පාදනය කරන නමුත් 1978න් මේ සමාගමේ ගමන නවතිනවා.

නමුත් ඊට පෙර 1955දී ඔවුන් ඉන්දියාවේ මැඩ්‍රාස් මෝටර්ස් සමඟ අත්වැල් බැඳගෙන තිබුනා. ඒ එවකට ඉන්දියානු රජය විසින් ඔවුන්ගේ පොලිස් සහ හමුදාබටයන්ට ඉන්දියානු දේශසීමාවේ මුර සංචාර වල යෙදීමට යෝග්‍ය යතුරුපැදියක් සොයමින් සිටින අතරවාරයේ ඔවුනට මෙම Royal Enfield Bullet යතුරුපැදිය හමුවේ. ඉන්පසු එයින් 350cc ධාරිතාව යතුරුපැදි 800ක් ඇණවුම් කරන ඉන්දියානු රජය ඒ සමගම රෝයල් එන්ෆීල්ඩ් යතුරුපැදි එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් චෙන්නායි වල පිහිටුවීමේ එකඟතාවයකට පැමිණේ.

1955දී එකලස් කිරීමෙන් පටන්ගන්නා මෙම කර්මාන්තශාලාව 1962 වන විට සියලුම කොටස් ඉන්දියාවේ නිශ්පාදනය කර යතුරුපැදිය නිශ්පාදනය කිරීමේ පියවර තබයි. 1990දී රෝයල් එන්ෆීල්ස් අයිතිය අප කවුරුත් දන්නා Eicher සමාගමට පැවරෙන නමුත් ඔවුනට ඉතාමත් අපහසු කාලසීමාවකට මුහුණදීමට සිදුවේ. එහි ප්‍රතිඵලයක් ලෙස 2002දී ජායිපූර් කාර්මාන්තශාලාව වසාදැමෙන නමුත් 2013 වන විට චෙන්නායි වල ඔවුනට තවත් කර්මාන්තශාලාවක් විවෘත කිරීමට සිදුවන්නේ ඉල්ලුමට සැපයුම ප්‍රමාණවත් නොවුන නිසාය. 2014දී රෝයල් එන්ෆීල්ඩ් සමාගම ලොව සුප්‍රකට ඩුකාටි වැනි යතුරුපැදි වල ඩිසයින් සිදුකරන Pierre Terblanche ඔවුන්ගේ ප්‍රධාන නිර්මාණ සැලසුම් කණ්ඩායම ලෙස එක්කර ගන්නවා. 2015දී Royal Enfield Continental GT Cafe Racer චැසි නිර්මාණය කල Harris Performance Products නම්වූ බ්‍රිතාන්‍ය සමාගම මොවුන් මිලට ගන්නවා.

වර්තමානයේ රටවල් 50කට අලෙවි කරන මෙම යතුරුපැදිය 2015දී Harley-Davidson විකුණුම් අභිබවා ඉදිරියට යෑම විශේෂ කාරණයක්.

කාගෙත් සිත් වසඟයට ගන්නා මේ රෝයල් එන්ෆීල්ඩ් යතුරුපැදියකට අයිතිවාසිකම් කියන්න කවුද අකමැති.

Facebook Comments
Share
  • 904
  •  
  •  
  •  
  •  
  •  
  •  
    904
    Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!