General Mechanical

ඔබේ යතුරුපැදියට Geunineම Parts දාන්න ඕන ඇයි?

Genuine පාර්ට්ස් පට්ට ගණන් ඒ නිසා අපි Local එකකට යනවා. අනිත් එක Genuine, Local කියල වෙනසක් නෑ හොඳට පාවිච්චි කරන්න පුළුවන්නේ.. මේක තමා අපේ  Motorcycle පදින ගොඩදෙනෙක් ගෙන් අහපුවාම දෙන උත්තරේ..

මේ උත්තරේ හරිද? වැරදිද? ඇත්තටම Genuine වලට වඩා Local හොඳයිද? බලමු අපි.

මොනවද මේ Genuine පාර්ට්ස්

වාහනය නිෂ්පාදනය කරන සමාගම විසින්ම නිපදවන හෝ සහතික කරන ලද වාහනයත් සමග පරීක්ෂාවට ලක් කර ඇති උසස් තත්වයෙන් හා කල්පැවැත්මෙන් වැඩි පාර්ට්ස් තමයි Genuine පාර්ට්ස් කියන්නේ.

වාහනය නිෂ්පාදන සමාගමෙන් ඔබේ වාහනයට නිර්දේශ කල ඇති වගකීමක් සහිත පාර්ට්ස් Genuine පාර්ට්ස් වේ.

මොනවද මේ බාල පාර්ට්ස්

Local පාර්ට්ස් අදාල වාහනය සමග කිසිම පරීක්ෂාවකින් තොරව වෙළද පොලට නිකුත් කරන genuine පාර්ට්ස් වල කොපියක් බවත් ඔවුන් වගකීම් සහතික ලබා දෙන්නේද නැත.

බාල පාර්ට්ස් වර්ග

Counterfeit හෙවත් ව්‍යාජ පාර්ට්ස්

බොරු සීරියල් නම්බර් එකකින් හා අදාල වාහන සමාගමේ logo එක use කරගෙන genuine විදිහට හොර පාරෙන් එන පාර්ට්ස් තමයි මේ. මේවා ඉතාම භයානකයි. බාල අමුදෘව්‍ය වලින් හා කිසිම තත්ව පරීක්ශාවකින් තොරවයි මේව වෙලදපොලට නිකුත් වන්නේ.

Salvaged හෙවත් ගලවන ලද පාර්ට්ස්

පරණ හෝ අනතුරට ලක් වී ඇති වාහන වලින් ගලවන ලද පාර්ට්ස් මෙයට අදාල වේ. එම පාර්ට්ස් හොදින් පිරිසිදු කර සැක නොහිතෙන ලෙස පැක් කර වෙලදපොලට නිකුත් කරයි.

Aftermarket හෙවත් වෙනම සමාගම් වලින් නිපදවන පාර්ට්ස්

වාහනය අයිති සමාගම විසින් නිර්දේශ නොකරන ලද වෙනත් ව්‍යාජ සමාගම් වලින් නිපදවන පාර්ට්ස් මෙයට අයිති වේ.  එම පාර්ට්ස් කිසිවිටක අදාල වාහන සමග් testing නොකරන නිසා එවා භාවිතය ඉතා භායානක වේ.

Genuine පාර්ට්ස් මිලෙන් වැඩි ඇයි

නිපදවන පාර්ට් එකේ quality තබා ගැනීමටත් සහ වැඩි කල්පැවැත්මත් සදහා එය නිපදවීමට යෝදා ගන්නා අමුද්‍රව්‍ය උසස්ම ඒවා වේ.  ඊට අමතරව මෙහි නිෂ්පාදන ක්‍රියාවලිය දීර්ඝ වේ.

ඒ නිපදවන සෑම පාර්ට් එකක්ම තත්ව පරීක්ෂාවට හා testings වලට භාජනය වන නිසා වේ. ඊට අමතරව ඇසුරුමේ quality එකද වැඩි වේ. වෙනත් රටවල් වල සිට නැව් වල මාස ගනන් පැමිණෙන නිසා ඇසුරුම ඉතා ආරක්ශාකාරි විය යුතුය.

මිල වැඩි නිසා ආදේශක වලට නැඹුරු වීම්

සමහර වේලාවට ඉන්ෂූරන්ස් company එකේ නීති අනුව අනතුරක්දී ඔබේ වාහනයට ගෙවන මුදල අඩු වෙන්න පුළුවන් ඔබ බාල පාර්ට්ස් දාල තිබුනොත් වාහනේට.

අපි දන්නව මේක කරන්නම දෙයක් නැති නිසා කරන දෙයක්. හැමෝම අකමැති පර්ස් එකට බර දේවල් කරන්න. නමුත් මේ බාල පාර්ට්ස් දාගෙන බර ගානක් ගෙවල ගත්ත  වාහනෙත් ඔබේ ජීවිතෙත් අනතුරේ දාගන්නවද කියල ඔබ සිතන්න ඕන කරුණක්.

Genuine එකට වඩා local එක හොදයි. ගොඩ කාලයක් පාවිච්ච් කරන්න පුළුවන්නේ

මේක සිත නිවන කතාවක් බව අපි හැමෝම දන්නවා.. සමහර වෙලාවට වාහනේ තියන සිදුරු ලොකු කරන්න හෝ අලුතෙන් සිදුරු ව්දින්න වෙනව මේ බාල කෑලි දාන්න ගියාම.

බාල පාර්ට්ස් use කිරීමෙන් ඔබේ වාහනයේ ආයු කාලය මෙන්ම 2nd hand market price එකත් බොහෝ සෙයින් අඩු වෙනවා.

වාහනේ value එක විතරක් නෙමේ වාහනයේ safety පැත්ත,  කල් පැවැත්ම, performance, ඉන්ධන පිරිමැස්ම, අලුත් වැඩියා කාලය මේ සියළුම දේවල් වලට ලොකු බලපෑමක් මේ බාල පාර්ට්ස් ඇති කරනවා.

වෙළඳපොලේ ඇති Genuine හා Fake පාර්ට්ස් වෙන් කර හඳුනා ගැනීම.

මේ සඳහා විවිධ උපක්‍රම භාවිතා කරනවා. ඇසුරුමට Sticker එකක් යෙදීම, SMS එකක් මගින් තහවුරු කරගැනීම ආදී දේවල්.

උදාහරණයක් ලෙස,

බජාජ් සමාගම විසින් ඔවුන්ගේ පාර්ට්ස් හඳුනා ගැනීම සඳහා ඇසුරුමේ අලි පැංචා ලාංචනයත්, හොලෝග්‍රෑම් ස්ටිකර් එක සූරා එහි ඇති Code එක SMS කර Genuine දැයි තහවුරු කිරීමේ ක්‍රමයක් හඳුන්වාදී ඇත.

Facebook Comments
Share
  • 13
  •  
  •  
  •  
  •  
  •  
  •  
    13
    Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!