General Riding Tips

තමන්ට ගැලපෙන යතුරුපැදිය තෝරගමු

ගොඩක් අය අපෙන් අහන දෙයක් තමයි කොහොමද බයික් එකක් තෝරගන්නේ කියන ප්‍රශ්නය. ඒක මූලික වශයෙන් අපිට මේ නිර්නායකයන් මත තීරණය කරන්න පුලුවන්.

  • කැමැත්ත
  • අවශ්‍යතාවය
  • ආදායම

මේ අතරින් ප්‍රධානම දේ කැමත්ත.

තමන්ගේ කැමත්ත අනුව මූලිකම Sports,Naked, Commuter, Scooter, Trail, Supermoto, Cruiser වගේ කාණ්ඩ වලින් යතුරුපැදි තෝරගන්න පුලුවන්.

Sports Bike වලට ආසයි නම් KTM RC 200, Yamaha R 15, Suzuki Gixxer 250 වගේ බයික්ස් ලක්ශ 6ත් 8ත් සීමාවෙන් Brand New ගන්න පුලුවන්කම තියෙනව වගේම CBR250RR වගේ රීකන්ඩිශන් ජපන් බයික් එකක් ලක්ෂ 4.50 විතර මිලට ගන්න පුලුවන්. නමුත් Brand new bike එකකට ලැබෙන වගකීම, විශ්වාසය අලෙවියෙන් පසු සේවය වගෙ දේවල් කිසි විටකත් Recondition Used Bike එකකට නම් ලැබෙන්නෙ නැහෑ ඒක අමතක කරන්නත් එපා.

නමුත් Sports බයික් වල තරමක් දුර ගමන් අපහසුයි ඔයා නිතරම දුර ගමන් යන කෙනෙක් නම් සමහර විට Sports Bike එකක් ගැලපෙන එකක් නෑ. මේ නිසා ඔයාට පුලුවන් Sports වගේම කැපිල පේන Naked බයික් එකකට යන්න. හරියට Duke 250, Duke 200, NS 200, RTR 200 වගේ බයික් වලට. මේ බයික් සෙට් එකට යන්න බැරි කෙනෙක් නම් ආයෙමත් ලක්ෂ 4 -5 සීමාවෙන් මිලට ගන්න Sports Commuter බයික් සෙට් එකක් බලාගන්න පුලුවන් හරියට FZ v3, Hornet 160R, RTR 160 4V, Gixxer 160 සහ NS 160 වගේ මොඩල්ස් මේ බයික් අතරිනුත් ඔයාට ඉහල ඉන්ධන කාර්යක්ෂමතාවක් ඕන නම් NS 160 FI ABS සහ FZ v3 වගේ මොඩල්ස් වලට යන්න පුලුවන්.

මේ මේ ආකාරයට ඒ ඒ කාණ්ඩ වලින් බ්‍රැන්ඩ් නිව් වගේම රීකන්ඩිශන් බයික් අපිට මිලට ගන්න පුලුවන් කම තිබෙනවා. තීරණය වෙන්නෙ ස්ව කැමත්ත මතයි.

මීලඟ අවශ්‍යතාවය ගැන කතා කරමු.

අපි උදාහරණයක් ගත්තොත් ඔයා දවසට කිලෝමීටර් 100ක් බයික් එක පදින කෙනෙක් ඔෆිස් එකෙන් රුපියල් 500ක පෙට්‍රල් දෙනවා කියල හිතමු. ඔයා ඉතින් R15 එකක් ගන්නවා ගත්තා වගේ නෙමෙයි දුර පදිනකොට ඔයාට ගොඩක් අපහසුවක් දැනේවි ඒ වගේම පෙට්‍රල් කරන්නෙත් නැහැ. මේ නිසා ඔයාගෙ අවශ්‍යතාවය අනුව ඔයාට ගැලපෙනම බයික් එක FZ V3 හෝ NS 160 FI ABS කියන්න පුලුවන්. හේතුව ඉහල ඉන්ධන කාර්යක්ෂමතාව සහ සැපපහසුව ගමන් කිරීමේ හැකියාව.

මීලගට අපි හිතමු ඔයා නිතරම ට්‍රැෆික් එකේ යන නගරාසන්නව වටේ බයික් එක පදින කෙනෙක් කියලා. ඒ වගේම ඔයාගෙ බජට් එකත් ලක්ශ 4ට අඩුයි. ඔයාට හොඳට තෙල් කරන්න බයික් එකක් ඕන. අන්න එතනදි ඔයාට පුලුවන් Bajaj Platina, Discover, CT 100 වගේ මොඩල් එකකට යන්න මොකද මේ මොඩල්ස් ලක්ශ 4ට අඩුයි. ඒ විතරක් නෙමෙයි ඉතාම ඉහල ඉන්ධන කාර්යක්ෂමතාවක් මේ බයික් වල තියෙනවා.

ඒ වගේම ඔයා සැපට දුර පදින්න ආස කෙනෙක් නම් ඔයාට පුලුවන් කෘසින් බයික් එකක් ගන්න. හරියට Bajaj Avenger, Suzuki Intruder වගෙ මොඩල්ස්. මේ බයික්ස් සැපට දුර යන්න හදපු බයික්ක් ඒ වගේම හොඳ ඉන්ධන කාර්යයක්ෂමතාවයක් බලාගන්නත් පුලුවන්.

සෑම විටම තමන්ගෙ අවශ්‍යතාවය, අතේ ඇති මුදල, නඩත්තු කිරීමට ඇති හැකියාව වගෙ සාධක බලලා බයික් එකක් තෝරගන්න නැත්තම් බයික් එක ගත්ත දවසෙ ඉදලා දුක් විදින්න වද වෙන්න එහෙමත් නැත්නම් ෆිනැන්ස් එක ගෙවාගන්න බැරිව හෝ නඩත්තු කරගන්න බැරිව අඩු මුදලට අලෙවි කරන්න තමා වෙන්නේ. මීට අමතරව වැඩි විස්තරයක් අවශ්‍ය නම් පුද්ගලිකව අපි ඔයාට සහය වෙන්නම්. අපේ Page එකට මැසෙජ් එකක් දාන්න.

Facebook Comments
Share
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!