General Mechanical

පාවිච්චි කරපු බයික් එකක් ගන්න කලින් මේ දේවල් ගැනත් බලන්න.

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි පාවිච්චි කරපු බයික් එකක් මිලට ගද්දි මොනාද බලන්න ඕන කරුණු කියන එක. සරළව කිව්වොත් නම් Showroom එකකින් Brand New Bike එකක් අවුරුදු 2ක Warranty එක්ක ගන්නවා වගෙ නම් නෙමෙයි. එන්ජිමේ ඉදල නට් එකට බෝල්ට් එකට එනකම්ම හැම දේම බලන්න වෙනවා.ඉතින් ඒ වගේ බලන්න ඕන වඩාත්ම වැදගත් සාධක කිහිපයක් ගැන අද කතා කරමු.

1.බාහිර පෙනුම

මේක තමා මූලික දේ උදාහරණයක් ගත්තොත් ලක්ශ 3කට විකුණන බයික් එකක ඒ මුදලේ වටිනාකමට සරිලන බාහිර පෙනුමක් තියෙනවද බලන්ම වෙනවා. ප්ලාස්ටික් කැඩිල ද, පුපුරලද, මලකඩ කාලද, ඇද වෙලා ද පේන්ට් එක ෆේඩ් වෙලා ද, ස්ටිකර් ගැලවිලාද වගේ බොහොම සරළ දේවල්. මේව බලන්න නම් මහ ලොකු මැකැනික් කෙනෙක් වෙන්න ඕන නෑ.ඒ වගේම ටයර් වල තත්වෙ කොහොමද කියලත් බලන්න වෙනවා. හොනට් එකක් CBR එකක් වගේ නම් ටයර් වලට රුපියල් 40,000 කිට්ටුව වියදම් වෙන නිසා ගෙවුන ටයර් තියෙන බයික් එකක් නම් ටයර් දෙකෙ වටිනාකම බයික් එකෙ වටිනාකමෙන් අඩු කරගන්න එක වඩා හොඳයි.

2.Electronic උපාංග

හෙඩ් ලයිට්, සිග්නල්, හෝන්, සෙල්ෆ් ස්ටාර්ට්, ටේල් ලයිට් මීටර් එකේ ලයිට් ඔක්කොම වැඩ ද බලන්න. හෝන් එකෙ සද්දෙ අඩුවක්, ලයිට් එකෙ ඩිම් ගතියක් තියෙ නම් එක්කො ශොර්ට් එකක් නැත්තම් බැටරි බැහැලා වෙන්න පුලුවන්. ඒ වගේම මීටර් එක වැඩ ද බලන්න RPM, Speedo විතරක් නෙමෙ ODO මිටර් එකත් කැරකෙනවද බලන්න.

3.එන්ජිම

එන්ජින් කික් බයික් එකක් නම් කික් එකෙන් කික් සහ ඉලෙට්‍රික් ස්ටාටර් තියෙන එකක් නම් දෙවිදියෙන්ම සහ ඉලෙට්‍රික් ස්ටාටර් එකක් විතරක් තියෙන බයික් එකක් නම් ෆෙල්ෆ් ස්ටාර්ට් එකෙන් බයික් එක පනගන්වල බලන්න. එක සැරෙන්ම ස්ටාට් එනවද මිස් කරනවද ස්ටාට් වෙන්නෙ නැද්ද වගේ කාරණා ගැන. ඊලඟට ටිකක් රේස් කරල බලන්න කර ගඳවල් ඔයිල් ලීක් එනවද කියල. ඊට පස්සෙ රේස් නොකර එන්ජිම Idle තියල බලන් ඉන්න එන්ජිම නවතීද කියල. ඒ අතරතුර එන්ජිම ඇතුලෙන් සහ බයික් එකේ කොටස් වලින් අනවශ්‍ය ශබ්ද එනවද කියලත් අවධානෙ දෙන්න.

ඒ වගේම කාබ් එක CDI එක ගැනත් බලන්න Bandit වගෙ බයික් වල CDI සහ කාබ් එකේ ආවෙණික ලෙඩ කිපයක්ම තියෙනවා.

4.එන්ජින් ඔයිල් සහ කූලන්ට්

අනිවාර්යයෙන් අවසන් වරට එන්ජින් ඔයිල් මාරු කරපු කිලෝමීටර් ගාන අහගන්න. ඒ වගෙම දාපු එන්ජින් ඔයිල් වර්ගය සහ ශේණිය අහගන්න. ඔයාට ඒ ඔයිල් එක වෙනුවට වෙන ඔයිල් එකක් පාවිච්චි කරන්න ඕන නම් බයික් එක මිලට ගත්තට පස්සෙ එන්ජින් ඔයිල් ඉවත් කරල ඔයිල් ෆ්ලශ් එකක් යොදල පස්සෙ ඔයාට අවශ්‍ය එන්ජින් ඔයිල් එක යොදන්න.

වෝටර් කුල් බයික් එකක් නම් රේටියේටර් එක වැඩ ද සහ කූලන්ට් පරණ වෙලාද ඇති තරමට කූලන්ට් තියෙනව ද වගෙ දේවල් බලන්න. කූලන්ට් දාන බයික් කිව්වෙ Hornet,Jade, CBR වගෙ බයික්ස් ඉන්දියන් බයික්ස් අතර නම් NS 200 සහ RS 200.

AX1, Hornet වගෙ බයික් වල ගොඩක් ඔය රේඩියේටරය ආශ්‍රිතව ලෙඩ එනවා. ගොඩක් ජපන් බයික් වල රේඩියේටර් ෆෑන් එක ඔටෝ ඔන් වෙන්න තියෙන සිස්ටම් එක අයින් කරලා ස්විච් එකක් මගින් ඩිරෙක්ට් ෆෑන් එකට කරන්ට් එක දෙන ක්‍රමයක් තියෙන්නේ. ඒ නිසා රේඩියේටරය ගැන එන්ජිම ගැන වගේම ටිකක් වැඩියෙන් බලන්න ජපනක් ගන්නවා නම්.

5.Frame එක

ෆ්‍රේම එක එහෙම නැත්තම් චැසියෙ මලකඩ කෑම්, ඇද, පිපිරුම්, පලුදුවීම් හෝ පෑස්සුම් තියෙනවද බලන්න එහෙම බයික් එකක් නම් ගන්න එපා ඔයා අමාරුවෙ වැටේවි. ගොඩක්ම මේ වගෙ ජල්තර බලාගන්න හම්බ වෙන්නෙ රීකන්ඩිශන් ජපන් බයික් වල තමා.

6.Suspension සහ Brakes

ඉස්සරහ සහ පස්සේ Suspension හොඳින් වැඩ ද බලන්න. හිර වෙනවද සද්ද බද්ද එනවද ඔයිල් ලීක් වෙනවද බලන්න. බොහෝ විට ඔයිල් සීල් ගිය Suspension වලින් ඔයිල් බෙරෙනවා. සද්ද එනවා. අනික Tripple Clamp සහ Cupset හොඳට තියෙනවද බලන්න Cupset ගෙවිල නම් අනිව බයික් එකේ ටෙස්ට් රයිඩ් එක යනකොට සද්ද බද්ද එක්ක බයික් එක ඇද ගහලා බැලන්ස් නැති ගතියක් ඒවි.

බ්‍රේක් පෑඩ්ස් ගෙවිලද බලන්න. ඩිස්ක් එක යට ඉදන් උඩට ඇගිලි දෙකකින් අල්ලලා අත ගාල බලන්න. කේන්ද්‍රය ඉදන් උඩට එනකොට ඩිස්ක් එක හීනි වෙල කියල ඇගිලි දෙකට දැනෙනවා නම් ඒ කියන්නෙ ඩිස්ක් එක ගෙවිලා. මේ ලෙඩෙත් ගොඩක්ම ජපන් බයික් වල බලාගන්න ලැබෙන්නේ. GN125, CBR MC17, Jade වගෙ බයික් වල තමා ගොඩක්ම.

7.Clutch එක

Clutch plates ගෙවිලද බලන්න. ඒ වගේම ක්ලච් සහ බ්‍රේක් කේබල් හරියට ප්ලේ වෙනවද බලන්න බ්‍රෙක් ලිවර් ක්ලච් ලිවර් හිර වෙනවා නම් ඒ කියන්නෙ කේබල් හිර වෙලා තියෙනව කියන එකයි. එක තැන පරණ වෙවි තියෙන ගොඩක් බයික් වලට මෙහෙම වෙනවා කේබල් ඇතුලෙ තියෙන Lubricant ගල් වෙලා.

8.Chain සහ Sprocket

ඉස්සහර සහ පස්සේ දැති රෝද දෙක එහෙම නැත්තම් ස්ප්‍රොකට් දෙක ගෙවිල ද බලන්න ඉස්සරහ එක බලන්න නම් හවුසින් එක ගලවන්න වෙනවා. චේන් එකත් ගෙවිල ද කැපිල ද කියල බලන්න.ඒ අතරම පිටිපස්සෙ ස්වින්ග් ආම් බුශ් ගිහින්ද බලන්න. ඒකත් ඔයාට ටෙස්ට් රයිඩ් එක යනකොට තේරුන්ගන්න පුලුවන්.

9. ලියකියවිලි සහ සහතික පත්

නිරවුල්ව නිරවද්‍ය ඒවද බලන්න. පොතෙ තියෙන චැසි අංකෙම, එන්ජින් අංකෙම බයික් එකේ තියෙනවද බලන්න. සමහර විට චැසි කොටල තියෙන්න පුලුවන් එහෙම කොටල නම් ඒක රථවාහන සුපරිශක ලඟ තියෙන කෙමිකල් එකකින් පහසුවෙන් හොයාගන්න පුලුවන් ( චැසි කොටපුව උසාවි දාපුවම නිරවද්‍යතාව හොයගන්නෙ එහෙමයි) අපි ලඟ ඒ කෙමිකල් නැති නිසා අකුරු කොටල තියෙන ස්භාවය,අකුරි අතර දුර සහ ගැබුර වගෙ දේවල් වලින් තමා කොටල ද නැද්ද කියල අනුමාන කරගන්න වෙන්නේ. හොනට්, ජේඩ්, CBR, DRZ, D Tracker වගෙ ජපන් යතුරුපැදි වල තමා මේ දේ 99%ක්ම වෙන්නේ.

ආදායම බලපත්‍රය වගෙ දේවල් සහ දුම් සහතිකය අලුත් කරලද කියලත් අනිවාර්යයෙන් බලන්න. නැත්තම් ඔව්වා ආයෙ හදාගන්න ඔයාට රස්තියාදු වෙන්න වේවි.

10. Test Ride එක

ටෙස්ට් රයිඩ් එකක් අනිවා යන්න බයික් එකේ අයිති කෙනා පිටිපස්සෙන් හරි දාගෙන.එතකොට අර උඩ කිව්ව දෙවල් බ්‍රේක්, ක්ලච්, කප් සෙට්, ස්වින්ග් ආම් බුශ් වගෙ දේවල් වල තත්වය ගැන අවබෝදයක් ඔයාට ලබා ගන්න පුලුවන්

* කෙටි උපදෙස් කිහිපයක්

බයික් ගැන සාමාන්‍යයෙන් දැණුමක් ඇති විශ්වාසවන්ත කෙනෙක් බයික් එක බලන්න යනකොට එක්කන් යන්න.

පාවිච්චි කරන ලද යතුරුපැදියක් මිලට ගන්නව නම් අනිවාර්යයෙන් Brand New යතුරුපැදියක් මිලට ගන්නවට වඩා වැඩි ඉඩක් ලෙඩ එන්න තියෙනවා. ඒ අතුරිනුත් ජපන් බයික් එකක් ගත්තොත් ඉන්දියන් සෙකන්ඩ් හැන්ඩ් බයික් එකකට වඩා ලෙඩ එන්න පුලුවන් වගේම ලෙඩ ගොඩ දාගන්න 3න් 4 ගුණයක් වියදම් වෙන්නත් පුලුවන්.

රීකන්ඩිශන් බයික් එකක් හෝ Second Hand බයික් එකක් ගන්න හිතෙ කුකුසක් තියෙනවා නම් හොඳම දේ Brand New යතුරුපැදියක් මිලට ගන්න එක. මොකද කලින් කවුරුත් පාවිච්චි කරලත් නෑ. ලෙඩක් ආවත් කිලෝමීටර් 30,000ත් යනකම් වගකීම හෝ අවුරුදු 2ක විතර වගකීමත් ලැබෙනවා. තීරණය ඔයාට තමා බාර.

Facebook Comments
Share
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!