General Mechanical

බයික් එකක් හරියට Modify කරන්න Tips 10ක්.

බයික් එක හරි විදියට Modify කරමු.

මේ වෙනකොට FB බැලුවත් පාර තොටේ දැක්කත් දැකගන්න ලැබෙන දෙයක් ස්ටිකර් පුරෝපු බයික්ස්, සද්ද 7 හෝන් ගහපු බයික්ස් තොරන් වගේ බයික්ස් වගේ නානාවිද බයික්ස්.හැබැයි ඉතින් මොඩිෆිකේශන් එකක් කියන්නෙ ඕකට නම් නෙමෙයි. අද අපි කෙටියෙන් සහ සරළව කතා කරමු කොහොමද ලස්සනට පිලිවෙලට බයික් එකක් මොඩිෆයි කරගන්නෙ කියල. ඒ වගේම මේ පොස්ට් එකෙන් ඉලක්ක කරන්නේ නම් මධ්‍යම පාන්තික කොල්ලො සෙට් එක.

1. කිසිම තේරුමක් නැති වැදගත් බවක් නැති හිස් වචන ස්ටිකර් ගහන්න එපා. හරියට සිංදු කෑලි වගේ. ඒ වගේම බයිසික් එක වැහෙන තරමට අහු වෙන හැම ස්ටිකර් එකම ගහන්නත් එපා. පුලුවන් තරන් බයික් එකට ආවේනික පෙනුම රැකගෙන Decent Modification එකකට යන්න බලන්න.2. කාසි ගහලා, යතුරු ගහලා බීට් එක ගන්න හදන්න එපා. ඒක බයික් එකට හොඳ නැහැ. පුලුවන් නම් රුපියල් 3000-4000 වියදම් කරලා ඊබේ එකෙන් යුනිවර්සල් මෆ්ලර් එකක් ඕඩර් කරගන්න. ලස්සනයි පිලිවෙලයි.3. සද්ද බද්ද හෝන් ගහන්න එපා. ඒක මිනිස්සුන්ටත් වදයක් පොලිසියෙනුත් කේස්. ඒ විතරක් නෙමෙයි අර “රස්තියාදුකාරයා, ගංජාකාරයා, කසිප්පුකාරයා” වගේ ඔයාවත් නිකම්ම “බයික්කාරයෙක්” වෙනවා. අනික ඔය හෝන් එක නිසා බයික් එකේ බැටරි ආයූ කාලෙත් අඩු වෙනවා.4. තොරණ් රාජයෝ වගේ ලයිට් ගහන්න එපා. බයික් එක වටේට තොරණ වගේ ලයිට් ගැහුවට වැඩක් වෙන්නෑ. ඒකෙන් ඇති ලස්සනකුත් නෑ. බැටරි ආයුකාලේ බහිනවා. සමහර විට එහෙන් මෙහෙන් දාන මූට්ටු නිසා බයික් එකට එන ෆැක්ටරි වයරින් සෙටප් එකත් අවුල් යනවා. ලයිට් ගහනවා නම් ලස්සනට LED Signal lights 4ක් දාන්න. පුලුවන් නම් LED Head එකක් දාන්න. ලස්සනයි පිලිවෙලයි.5. සද්දේ 7 හෝන් ගහන වෙලාවේ ඒ සල්ලි වලින් බයික් එකට RPM මීටර් එකක් ගහගන්න CT,Platina වගේ බයික් වලට නම් වඩා හොඳයි. අතේ යහම්න් සල්ලියක් තියෙනවා නම් රුපියල් 15,000ට අඩුවෙන් ඊබේ එකෙන් Fully Digital මීටර් එකක්ම ගහගත්ත හැකි.6. බරපතල මොඩිෆ්කෙශන් එකකට යනවා නම් බයික් එක ෆිනෑන්ස් නම් ෆිනෑන්ස් එක ක්ලොස් වෙනකම් ඉන්න. නැත්තම් ඔයා කොතනකදි හරි හිර උනොත් බයික් එකට යට කරපු සල්ලි අපරාදේ. ඒ වගෙම ඔයා බයික් එක විකුනන්න යනකොට උනත් සෑහෙන්න මාකට් එක අඩු වේවි. මොකද ඔයාට වටින මොඩිෆ්කෙශන් එක තව කෙනෙක්ට නොවටින්න පුලුවන් නිසා.7. CT, Platina, Boxer, CD Dawn වගේ බයික්ස් ඉතාම සුලු මුදලක් යට කරලා කැෆේ රේසර්, ස්ක්‍රැම්බ්ලර් වගෙ බයික් විදියට මොඩිෆයි කරගන්න පුලුවන්. ලක්ශ ගනන් දීලා ස්කුටර් ගන්න වෙලේ පාවිච්චි කරපු CT100 එකක් අරන් කැෆේ රේසර් කරල ගත්තා නම් තෙලුත් කරනවා පෙනුමත් හොඳයි කැපිලත් පේනවා. සල්ලිත් ඉතුරුයි.8. Drum Brakes තියෙන බයික් එකක් නම් පොඩ්ඩක් වියදම් කරලා ඉස්සරහ විතරක් හරි Disk Brake කරගන්න. පෙනුමට ආරක්ෂාවට දෙකටම හොඳයි.9. වේගය වැඩි කරගන්න අදහසක් තියෙනවා නම් Air Filter එක, Carb එක, Exhaust System එක එහෙම මාරු කරගන්න. වෙන දවසක සම්පූර්ණ විස්තරයක් ඒ ගැනත් අරගෙන එන්නම්.10. Air Cool එන්ජින් එකක් තියෙන බයික් එකක් වගේම නම් මුලු බයික් එකම වැහෙන්න විශේෂයෙම් එන්ජිම වැහෙන්න Body kit ගහන්න එපා. ඒකෙන් එන්ජිමේ උෂ්ණත්වය පිට වීම අඩු වෙනවා. එන්ජිම රත් වෙන එක වැඩි වෙලා කල් පැවත්ම වගේම කාර්යක්ෂමතාවත් අඩු වෙනවා.තවත් දවසක මේ වගේ Bikers ලට වැදගත් වෙන ලිපියක් අරගෙන එන්නම්. කලින් කිව්ව වගේ මේ ලිපියෙන් නම් ඉලක්ක කරේ NS,RTR,Duke වගේ ටිකක් ගනන් වැඩි බයික් එකක් ගන්න වත්කම අඩු කොල්ලොන්ට ලාබෙට අඩුවට Gear Bike එකක් අරගෙන කරගන්න පුලුවන් Modifications ගැන තව දවසක Duke,NS වගේ බයික් Modify කරන හැටි සහ Japanese Bike Mod කරන හැටිත් කතා කරන්නම්.Bikers Hub©

Facebook Comments
Share
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!