බයික් වල පොදු ප්රශ්ණ සහ හේතු
හැඩල් එක පාලනය අස්ථීර වීම
ප්රශ්ණය: හැඩල් එක පාලනය අපහසුවී එහාට මෙහාට වැනීම
හේතුව: පසුපස ටයරයේ හුලං මදිවීම හෝ පැච් එකක් ගිහින් තිබීම
බ්රේක් ලිවරය නිකම්ම හැඩල් එකට ඇවිත් හේත්තුවීම
ප්රශ්ණය: ඉදිරිපස බ්රේක් වැඩ නොකිරීම
හේතුව: බ්රේක් ලයින් එකේ වායු සිරවීම, සීල් වලට හානිවීම හෝ බ්රේක් ඔයිල් අධික ලෙස රත්වීම
එන්ජිම රේස් කරාට බයික් එක ඇක්සලරේට් නොවීම
ප්රශ්ණය: ක්ලච් එක වීම
හේතුව: ක්ලච් ප්ලේට් ගෙවීයාම නිසා ඒවායේ ඝර්ශණය නැතිවීම
එකම වේගයකින් ගමන්කරන විට එන්ජිම නැවතීම
ප්රශ්ණය: Fuel Tank Breather එක Block වීම
හේතුව: පෙට්රල් ටැංකියෙන් වාතය එළියට අදින බටය අවහිරවීම
ඉදිරිපස බ්රේක් යොදනවිට බ්රේක් ලිවරය දෙදරීම
ප්රශ්ණය: Rotors ඇදගැසී තිබීම
හේතුව: එක් අවස්ථාවකදි Rotors වලට දාරගතහැකි උෂ්ණත්වය පසුවූ විට එහි හැඩය වෙනස් වේ
Facebook Comments