General Mechanical

බ්‍රේක්පෑඩ් ගැන දැනගනිමු

කොහොමද බ්‍රේක්පෑඩ් වැඩ කරන්නෙ?
ඔබ ඩිස්ක්බ්‍රේක් සහිත බයික් එකක ලිවර් එකෙන් හෝ පැඩල් එකෙන් බ්‍රේක් තදකරන විට එම පීඩනය විසින් බ්‍රේක් කැලිපර් වෙත හයිඩ්‍රොලික් පීඩනයක් ලබාදෙනවා. එතකොට එම කැලිපර් වල ඇති පිස්ටන් මඟින් බ්‍රේක්පෑඩ් වල පසුපසට තල්ලුවක් ලබාදෙනවා. එවිට බ්‍රේක්පෑඩ් තල්ලුවෙලා ගිහින් රෝදයේ කැරකැවෙන රොටර් එක දෙපැත්තෙන් තදකරගන්නවා. ඔන්න එතකොට තමයි බ්‍රේක් වදින්නෙ.

මොනවද මේ බ්‍රේක්පෑඩ් කියන්නෙ?
බ්‍රේක්පෑඩ් කියන්නෙ ඝර්ශණය සහිත මතුපිටක් ඇති බ්‍රේක් ඩිස්ක් එක හා සම්බන්ධවන ලෝහ කැබලි දෙකකි. මූලික බ්‍රේක්පෑඩ් වර්ග 4කි.

  1. Sintered Brake Pads
  2. Organic Brake Pads
  3. Semi-Sintered Brake Pads
  4. Ceramic Composite Brake Pads

බ්‍රේක්පෑඩ් පරීක්ෂා කරන්නෙ කොහොමද?
පුරුද්දක් විදිහට හැමදාම බැලුවට වැරැද්දක් වෙන්නෙනෑ. ඔබට මේ සඳහා ලයිට් එකක් ඕන වෙනවා කැලිපර් අතරින් බ්‍රේක්පෑඩ් බලන්න. ඔබට බ්‍රේක්පෑඩ් එක පේන්නෙ පැත්තෙන්. ඒකෙ ලෝහ කැබැල්ල සහ ඝර්ශණයට හසුවන කොටස වෙනවෙනම බලාගන්න පුලුවන්. ඉතින් එම ඝර්ශණයට හසුවන කොටස එහෙමත් නැත්නම් අපේ භාෂාවෙන් මස් ටික ගෙවිලා සිහින් වෙලා නම් බ්‍රේක්පෑඩ් මාරුකරන්න වෙනවා.

ඊට අමතරව කොහොමද දැනගන්නෙ?
බ්‍රේක් වලින් එන ශබ්දයෙන් අඳුරගන්න පුලුවන්. ලෝහ ඇතිල්ලෙන ශබ්දයක් එනවා නම් බ්‍රේක් කරනකොට දෙදරනවා නම් ඒ කියන්නෙ බ්‍රේක්පෑඩ් මාරුකරන්න කාලෙ හරි කියලා.

Facebook Comments
Share
  • 915
  •  
  •  
  •  
  •  
  •  
  •  
    915
    Shares
error: Content is protected !!