General Mechanical Riding Tips

මගදි ක්ලච් කේබල් එක කැඩුනොත් මොකද කරන්නෙ?

ක්ලච් කේබල් එක කියකිය කැඩෙන්නෙ නෑ. ඉතාමත් අනපේක්ෂිත සිදුවීමක් තමයි ක්ලච් කේබල් එක කැඩෙනවා කියන එක. හැබැයි ඉතින් ඔබ බයික් එක හරියට නඩත්තු කරනවා නම් ඒ වගේ සිදුවීම් වලට මුහුණ දෙන්න වෙන්නෙ හරි අඩුවෙන්. සාමාන්‍යයෙන් වසරකට සැරයක් කේබල් වලට ග්‍රීස් දාලා සැතපුම් 40000කට සැරයක් ක්ලච් කේබල් මාරු කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි දිනපතා ක්ලච් කේබල් එකේ කොන් දෙක පරීක්ෂා කරනවා නම් හොඳයි මොකද සමහර විට කේබල් එක ක්ලච් ලිවරයට සවිවන තැනින් ලිවරය කඩලා යන්නත් පුලුවන්. ඉතින් ඔබ දුර පදින්නෙක් නම් අමතර ක්ලච් කේබල් එකක් ටූල් කිට් එකත් එක්ක ළඟ තියාගන්න.

හරි දැන් කොහොමහරි මගදි ක්ලච් කේබල් එක කැඩුනොත් බයික් එක පදින්න පුලුවන්ද? ඔව් පුලුවන් හැබැ‍යි බයික් එක පාලනය කිරීමේ හැකියාව අඩුවන අතර එය අමතර අවධානමකි. හැබයි ඔබ ක්ලච් කේබල් එක මාරුකරගන්න කොහෙට හරි යනවා නම් කොහොමද යන්නෙ?

මේක ප්‍රවේසමින් කරන්න ඕන වැඩක්. සමහර අයට නම් මේක හොඳට හුරුයි. අපිට ගියර් මාරු කරන්න විදිහක් නෑනේ ඒ නිසා මුලින්ම එන්ජිම නවත්තලා තියෙද්දී බයික් එක නිවුට්‍රල් කරගන්නවා. ඊට පස්සෙ ක්‍රම දෙකක් තියනවා. එකක් තමයි නිවුට්‍රල් තියෙද්දිම බයික් එක ස්ටාර්ට් කරලා තව කෙනෙකුගේ තල්ලුවක හෝ පල්ලම ආධාරයෙන් බයික් එක ඉදිරියට ඇදෙන්න ඇරලා එකපාරටම දෙවන ගියරයට දානවා. පළමු ගියරයට දාන්න එපා පික් අප් වැඩී. අනිත් ක්‍රමේ තමයි එන්ජිම නවත්තලා තියෙද්දිම නිවුට්‍රල් කරලා තල්ලු හෝ පල්ලමක ආධාරයෙන් බයික් එක ඉදිරියට ඇදෙන්න දීලා එකපාරම දෙවන ගියරයට දාන ගමන් Start Button එක ඔබා මදක් රේස් කිරීම. එතකොට බයික් එක ස්ටාර්ට් වෙලා කෙලින්ම ඔබට ඉදිරියට ඇදෙන්නයි තියෙන්නේ.

එතනින් එහාට ගියර් ටික දාගන්න එක එච්චර අමාරු නෑ. කොහොමත් ක්ලච් එක නැතුව වැඩි ගියර් වලට මාරුකරන්න පුලුවන්. රේස් කරන එක (throttle) පොඩ්ඩක් අඩුකරලා කකුලෙන් ගියර් එකට පොඩි බලයක් දෙන්න විතරයි ඕන ගියර් එක මාරුවෙනවා. අඩු ගියර් වලට මාරුවෙද්දි රේස් කරන එක (throttle) සම්පූර්ණ නවත්තලා කකුලෙන් පොඩි බලයක් දෙන්න ගියර් එක මාරුවෙනවා. හැබැයි ටිකක් ගැස්සෙන්න පුලුවන්. ඒකට ලෑස්තිපිට කරන්න.

ට්‍රැෆික් එකක වගේ නවත්තන්න වුනොත් දුර සිටම බයික් එක නිවුට්‍රල් කරගෙන බ්‍රේක් වලින් ඇවිත් නවත්තන්න. ආපහු අපි මුලින් කිව්ව විදිහට තල්ලුවක්දාලා ගමන පටන්ගන්න.

Facebook Comments
Share
  • 1.3K
  •  
  •  
  •  
  •  
  •  
  •  
    1.3K
    Shares
error: Content is protected !!