General

මලකෑමෙන් සයිලන්සරය ආරක්ෂා කරගනිමු

මලකෑමෙන් සයිලන්සරය ආරක්ෂා කරගනිමු

බයික් පදින කොල්ලොන්ට බයික් එක පරිස්සමින් නඩත්තු කරගන්න හැටි අමුතුවෙන් කියලා දෙන්න ඕනෙ නෑ මොකද පණවගේ තමයි බයික් එක බලාගන්නෙ. හැබැයි සමහර වෙලාවට අපි නොහිතන විදිහෙ දේවල් වලට මූණපාන්න සිදුවෙනවා. එයින් එකක් තමයි මේ බයික් එකේ සමහර කොටස් මලකඩ කෑම. ඉතින් අද අපි කතා කරන්න යන්නෙ ඒ අතුරෙන් සයිලන්සර් එක මලකෑම ගැන සහ ඒකෙන් සයිලන්සර් එක ආරක්ෂා කරගන්නෙ කොහොමද කියන එක.

සයිලන්සර් මලකඩ කන්න හේතු මොනවද?
මේකට ප්‍රධාන සාධක කිහිපයක් තියනවා. තෙතමනය, header wraps, තාපය සහ ලුනු වලට නිරාවරණය වීම.

තෙතමනය
තෙතමනය තමයි සයිලන්සරයට ඉන්න ප්‍රධාන සතුරා. ජලයේ අඩංගු ඉලෙක්ට්‍රොලයිට් වාතයේ අඩංගු කාබන්ඩයික්සයිඩ් සමඟ මුසුවීමෙන් බරපතල විදිහට මලකෑම සිදුවෙනවා. සයිලන්සර් එක නිරන්තරවම වැස්ස වගේ දේවල් එක්ක ජලය හා ගැටෙන නිසා මලකෑමේ සම්බාවිතාව වැඩියි.

Header Wraps
එන්ජිමේ තාපය පිටතට නො එන ලෙස යතුරුපැදිකරු සහ බයික් එක header wraps වලින් ආරක්ෂා කරාට ඒවා තෙමුනම ඒ තුළ වතුර රැඳිලා ආපහු මුලින් කියපු විදිහට මලකන්න පුලුවන්.

තාපය
ඍජුවම තාපය මලකෑමට සම්බන්ධ නොවුනත් අර කලින් අපි කියපු ආකාරයට මලකෑම වේගවත් වෙනවා තාපයත් එක්ක ඇතිවෙන රසායනික ප්‍රතික්‍රියාව නිසා.

ලුනු
මේක ඉතින් අපි හැමෝම දන්න දෙයක් විශේෂයෙන්ම මුහුදුබඩ ප්‍රදේශවල තියන පරිස්සම් කරගන්න හරීම අමරුයි.

මෙහෙම මලකාපු සයිලන්සර් වල මලකඩ ඉවත් කරගන්න කොහොමද?

Chrome Polish and Steel Wool Method
1. ස්ටීල් වූල් එකකින් මලකෑ කොටස් පිරිමැද කැබලි ඉවත් කරගන්න

2. ස්ටීල් වූල් එකට ක්‍රෝම් පොලිෂ් එකතුකර සෙමෙන් අත රවුමට කරකවමින් පිරිසිදු කරගත් ස්ථාන පිලිෂ් කරගන්න

3. අවසානයේ ටවල් එකකින් පිසදාගන්න

Coca-cola Method
1. සයිලන්සරය ගලවා අදාල මලකෑ ස්ථානය කොකාකෝලා වල බස්සා දින කීපයක් තබන්න. එසේ කිරීමට නොහැකි නම් ඊයම් කොලයක් කොකාකෝලා වලින් තෙමා මලකෑ ස්ථානය පිරිමදින්න

2. ඉන්පසු රෙදිකැබැල්ලකින් මලකඩ පිසදාගන්න

3. සයිලන්සරය පිරිසිදුකර වියලාගන්න

Vinegar and Baking Soda Method
1. ස්ප්‍රේ බෝතලයකට විනාකිරි අවුන්ස 10ක් සහ බේකින් සෝඩා තේ හැඳි 3ක් මිශ්‍ර කරගන්න

2. මලකෑ ස්ථානයට ස්ප්‍රේකර බ්‍රෂ් එකකින් පිසදමන්න

3. නැවත ස්ප්‍රේකර පැයක් පමණ තබන්න

4. අවසානයේ ටවල් එකකින් පිසදා පිරිසිදු කරගන්න

කොහොමද සයිලන්සරය මලකෑමෙන් ආරක්ෂා කරගන්න?

1. හැකි සෑම විටම සයිලන්සරය වියලිව තබාගන්න. වැස්සෙ ගිහින් ආපු ගමන් පුරුද්දක් විදිහට පිසදාන්න

2. Header Wraps දානකොට හොඳින් වියලිව ඇත්නම් පමණක් දාන්න. තෙමුනොත් ගලවලා වේලා නැවත දාන්න

3. High-temperature paint එකක් ආලේප කරන්න

4. වතුර නොරැඳෙන WD40 වගේ ස්ප්‍රේ එකක් ගහන්න

5. මලනොකන අමුද්‍රව්‍යයකින් සෑදු සයිලන්සරයකට මාරුවෙන්න

Facebook Comments
Share
  • 1.1K
  •  
  •  
  •  
  •  
  •  
  •  
    1.1K
    Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!