General Mechanical

මොකක්ද මේ ECU කියන්නෙ?

දිනෙන් දින තාක්ෂණයේ ඇතිවන දියුණුවත් සමඟ මිනිසා වඩාත් පහසු වේගවත් කාර්යක්ෂම යන්ත්‍රසූත්‍ර නිපදවනු ලබනවා. ඒ අතුරින් මෝටර් රථ යතුරුපැදි ක්ෂේත්‍රය ඉතාමත් ඉහළින් ඉන්නවා. ECU එක එන්න ඔන්න ඔය තාක්ෂණික පෙරලියත් එක්කයි. Engine/Electronic Control Unit එහෙමත් නැත්නම් ECU එක එන්ජිමේ performance සම්බන්ධයෙන් ප්‍රධාන කාර්යබාරය ඉටුකරනවා. එන්ජිමේ වායු ඉන්ධන මිශ්‍රණය ignition timing සහ idle speed එක මේ සියල්ල පාලනය කරන්නෙ ECU එකේ ඇති sensors සහ actuators වලින්.

වායු ඉන්ධන මිශ්‍රණය පාලනය
අභ්‍යන්තර එන්ජින් දහනයට අවශ්‍ය වායු හා ඉන්ධන ප්‍රමාණය අවස්ථානුකූලව තීරණය කර මුදාහැරීම සිදුකරයි

Ignition timing control
පෙරකී වායු ඉන්ධන මිශ්‍රණය උපරිමව හා කාර්යක්ෂමව දහනය කිරීමට නිවැරදිම වෙලාවේ spark එක දීම ECU එක තීරණය කරයි

Idle speed control
එන්ජිම, එන්ජිමේ උෂ්ණත්වය සහ කූලන්ට් උෂ්ණත්වය අනුව එන්ජිමේ Idle speed එක පාලනය කරනු ලබයි

මේකෙ වාසි මොනවද?
නිවැරදිව පෙට්‍රල් ප්‍රමාණය පෙන්වන අතර ඉන්ධන කාර්යක්ෂමතාව වැඩියි වායුවිමෝචනය අඩුයි
එන්ජිමෙ කාර්යක්ෂමතාව වැඩියි රේස්කිරීමේදී අවම කාලයකින් පික් අප් වේ

අවාසි මොනවද?
අලුත්වැඩියාව අමාරුයි
අලුත් එකක් දාන්න මිලෙන් අධිකයි

Facebook Comments
Share
  • 826
  •  
  •  
  •  
  •  
  •  
  •  
    826
    Shares

2 comments

  1. බොහොම හොඳ ලිපියක්…..අපිට බැරිද මේ වගේ ලිපියක් ඔයාලගෙ පේජ් එකට දාන්න….මොකද මම බයික් නම් හදන්නෙ නෑ…..මම වාහන හදන්නෙ…..ඒත් බයික් වල e.f.i ටියුනප් නම් කරනවා..

    1. ඔබට බොහොම ස්තූතියි !!!
      ඔබගේ ලිපි යතුරුපැදි ගෙන නම් අපට දදාන්න පුළුවන්

Comments are closed.

error: Content is protected !!