New NS 160 FI ABS is it value for you money ?
මීට මාස 2කට විතර කලින් කරළියට එන මේ Pulsar NS 160 FI ABS ඉතිහාසය ගැන කිව්වොත් NS 200 අභාෂයෙන් එන NS 150 නිශ්පාදනය නතර වීමත් එක්කම තමයි NS 160 කරළියට එන්නේ. පසුව ඉතා සාර්ථක අලෙවියත් එක්ක NS 160 බයික් එකට Dual Disk මාදිලියක් එකතු වෙනවා. පසුව තමයි අද මාතෘකාව වෙන NS 160 FI ABS කලඑළි බහින්නෙ.
ENGINE
160.3cc DTS – i Single Cylinder 4 Valve එන්ජිමකින් එන මේ NS 160 අදාල කාණ්ඩයේ RTR 160 4V ඇරෙන්න වෑල්ව 4ක් ඇති එකම එන්ජිම සහිත බයික් එක විදියට සලකන්න පුලුවන්. අශ්වබල 15.2 ක බලයක් ලබා දෙන මේ එන්ජිම කිසිම ගැටලුවක් නැතුව පැයට කිලෝමීටර් 135 වේගය පසු කිරීමටත් තත්පර 14කට ආසන්න කාලයකින් පැයට කිලෝමීටර් 100ක වේගය පසු කරන්නත් සමත් වනවා.
අදාල කාණ්ඩයේ අනිත් මාදිලි වෙන Hornet 160R, FZ 16 V3, Gixxer 155 යන සියලුම යතුරුපැදි වලට වඩා බලවත් සහ වේගවත් මේ NS දෙවෙනි වෙන්නේ RTR 160 4V හට පමණයි.
COOLING SYSTEM
අදාල කාණ්ඩයේ RTR 160 හැරෙන්නට Oil Cooling System එකක් ඇති එකම යතුරුපැදි මේ NS 160 වනවා. මේ නිසා ට්‍රැෆික් දාවනයේ වගේම ඉහල වේගයන් වලදි ධාවනය කරන විටත් එන්ජිම Over heat කරගන්නෙ නැතුව ධාවනය කිරීමේ වාසිය ලැබෙනවා.
FUEL CONSUMPTION
කලකට පෙර 160/150 කාණ්ඩයේ සිටි එකම FI යතුරුපැදිය FZ උනත් මේ වෙන විට NS 160 යතුරුපැදියත් Fuel Injection තාක්ෂණයෙන් සමන්විතයි. මේ නිසා පෙට්‍රල් ලීටර එකකට කිලෝමීටර් 45 – 50 අතර ඉහල ඉන්ධන කාර්යයක්ෂමතාවයක් ලබා ගන්න පුලුවන් කම ලැබෙනවා. එපමණක් නෙමෙයි FI යතුරුපැදියක් නිසා Carb යතුරුපැදියක් වගේ නිතර කාබ් ටියුන් කරන්න, මිස් කිරීම් වලට මුහුන දෙන්න ලැබෙන්නෙ නෑ වගේම කාබ් යතුරුපැදියකට සාපේක්ෂව දෙදරීම සහ ශබ්දය ද අවමයි.
DESIGN
බැලු බැල්මටම NS 200 එකටම සමානව නිර්මාණය කරපු මේ NS 160 බයික් එකට ශක්තිමත් දෙදරීමවම Perimeter Frame එකක් ලබා දී තිබෙනවා. සැප පහසු සීට් එකක් වගේම හොඳ Seating Position එකකින් ද එන මේ Ns 160 බයික් එකේ Pillion Seat එකටත් හොඳ ඉඩ වගෙම අල්ලා ගැනීමට Hump Holders ලබා දි තියෙනවා. මේ නිසා පසුපස ගමන් කරන කෙනාටත් කිසි ගැටලුවක් නැතුව ගමන් කරන්න පුලුවන්. NS 200 FI බයික් එකේ එන මීටර් එකම යොදාගෙන ඇති Bajaj ලීටර් 12ක ඉන්ධන ටැංකියට ලීටර 2.4ක Reserve Capacity එකක් වෙන් කර තිබෙනවා.
ඒ වගේම බයික් එකේ උස 800mm සහ Ground Clearance 167mm විදියට සටහන් වෙනවා. ඒ නිසා මේ බයික් එක ඕනෑම උසක අයෙක්ට ගැලපෙන බයික් එකක් විදියට සලකන්න පුලුවන්.
BRAKES
අදාල කාණ්ඩයේ FZ V3 හැරෙන්නට ඇති එකම ABS සහිත බයික් එක වෙන්නේ මේ NS බයික් එක මේ නිසා බයික් එකේ Brakes ගැන කතා නොකරම බැහැ.
ඉදිරිපස 260mm Petal Disk එකකින් සහ Bybre කැලිපරයකින් එන මේ යතුරුපැදියට BOSCH Single Channel ABS ලබා දී තිබෙනවා. මේ නිසා ඉතාම ආරක්ෂාකාරී සහ කාර්යයක්ෂම Brake යෙදීමක් සිදු කල හැකියි.
පසුපස 230mm Petal Disk එකකින් ද Bybre කැලිපරයකින්ද සමන්විත වන අතරම Rear Wheel Lift Off Protection තාක්ෂණයෙන්ද යුක්තයි.
TYRES & SUSPENSION
ඉදිරිපස 90/90-17 පසුපස 120/80-17 ප්‍රමාණ වලින් එන ටයර් වලින් සමන්විත මේ බයික් එකේ පෙන්නුම් කල හැකි විශාලම අඩුව මේ සිහින් ටයර් ලෙසට පෙන්වා දෙන්න පුලුවන්. නමුත් ඔබට අවශ්‍ය නම් මේ ටයර් ප්‍රමාණය වෙනස් කරගත හැකියි.
Suspension ලෙස ඉදිරිපස 38mm Telescopic Forks ද පසුපස Nitrox ගෑස් සමගින් එන සුවපහසු Monoshock එකකින්ද එන මේ NS 160 FI ABS සමන්විතයි.
SUMMERY
ලක්ශ 4ත් 5 අතර යතුරුපැදියක් ගන්න සැරසෙන ඔබට වගේම NS 200 යතුරුපැදියකට ආසා කරන නමුත් මුදල් මදිපාඩුවක් ඇති ඔබට ගැලපෙනම යතුරුපැදියක් විදියට මේ NS 160 FI ABS පෙන්වා දිය හැකියි. කාණ්ඩයේ බලවත්ම සහ වේගවත්ම යතුරුපැදියක් වන මෙය වර්තමානයේ රුපියල් 449,950 මුදලකට මිලට ගත හැකියි.