මෝටර්සයිකල් බැටරි ගැන දැනගනිමු
මෝටර්සයිකල් බැටරි ගැන දැනගනිමු
වෙළඳපොලේ විවිධ ආකාරයේ බැටරි වර්ග තියනවා. ඔබ මේවා ගැන කොපමණ දැනුවත්ද? විවිධ වර්ගයේ බැටරි ක්‍රියාකරන්නෙ විවිධ ආකාරයට. ඒවගේම ඒවා ආයුකාලය, බර සහ මිල අනුවත් වෙනස් වෙනවා. ඉතින් අද අපි බලමු මොනවද මේ බැටරි වර්ග කියලා එකින් එක.
Lead-Acid Batteries
වාහන බැටරි උපතේ සිට පැවත එන බැටරිය තමයි මේක. බැටරි ඇසිඩ්වල ගිල්වූ ඊයම් කැබලි වලින් සමන්විත මෙම බැටරි වර්ගය නිතර පාරීක්ෂා කර ඇසිඩ් මට්ටම නියමාකාරව තිබේදැයි බැලිය යුතුයි. ඊට අමතරව මෙම බැටරි බරින්ද වැඩිය. නමුත් එතරම් මිලක් වෙන්නේ නැත.
AGM Motorcycle Batteries
AGM කියන්නෙ Absorbed Glass Mat කියන එකට. සම්පූර්ණයෙන්ම සීල් වෙච්ච මේ බැටරිය සාම්ප්‍රදායික බැටරියෙන් වෙනස් වෙන්න මෙහි ඊයම් වෙනුවට ඇසිඩ් වලට ගිල්වා ඇත්තෙන් ෆයිබර් ග්ලාස්. මේ ෆයිබර් ග්ලාස් බැටරි ඇසිඩ් මට්ටම නොවෙනස්ව තබාගන්නා අතර නඩත්තුව අඩුයි. නමුත් සාම්ප්‍රදායික බැටරියට වඩා මිල වැඩියි.
Gel Motorcycle Batteries
මේක කලින් බැටරි දෙක වගේමයි. ඊයම් කැබලි සහ ඇසිඩ් තමයි තියෙන්නෙ. හැබැයි මේකෙ වෙනස මේකෙ ඇසිඩ් එක තියෙන්නෙ ජෙල් එකක් විදිහට. ඒ නිසා මේකෙ ඇසිඩ් අඩුවෙනවද කියලා බලන්න දෙයක් නෑ. නඩත්තුව අඩුයි හැබැයි අනිත් බැරටි වලට වඩා මිලෙන් අධිකයි. නමුත් ආයුකාලය වැඩියි.
Sealed Motorcycle Battery
මේකත් සාම්ප්‍රදායික බැටරිය වගේම තමයි හැබැයි මේක සීල්. ඒ නිසා මේක නිතර පරීක්ෂා කරන්න නඩත්තු කරන්න ඕනනෑ හැබැයි ආයුකාලය සාම්ප්‍රදායික බැටරියට වඩා අඩුයි. ඒකට හේතුවම මේක සීල් වීමයි. සීල නිසා නිතර පරීක්ෂාකරන්න අවශ්‍ය නොවුනට ආයුකාලය වැඩිකරගන්න ඇසිඩ් මාරුකරගන්න බැරි නිසා ආයුකාලය අඩුයි.
Lithium Motorcycle Batteries
ලිතියම් තාක්ෂණය අපි කවුරුත් දන්නවා ෆෝන්, ලැප්ටොප් සහ කැමරා බැටරි වගේ ඉලෙක්ට්‍රොනික් උපාංගවල බැටරි සඳහා භාවිතා වන්නක්. සම්පූර්ණයෙන්ම ඝණ බැටරියක්වන මෙයට සම්පූර්ණ චාර්ජ්වූ පසු ස්වයංක්‍රීයව විසන්දිවීමේ හැකියාවද අනෙක් සියලුම බැටරිවලට වඩා වේගයෙන් චාර්ජ්වීමේ හැකියාවද ඇත. ඉතාමත් සැහැල්ලු මෙම බැටරිය පරීක්ෂාකිරීම හෝ නඩත්තුකිරීම අවශ්‍ය වන්නේම නැත. හැබැයි මේක බයික් එකට භාවිතා කරනවා නම් වෙනම චාර්ජින් සිස්ටම් එකක් බයික් එකේ සවිකරලා තියෙන්න ඕන. ඒකට කියන්නෙ BMU (Battery Management Unit) කියලා. ඉතාමත් කාර්යක්ෂම බැටරියක් වන මේ ලිතියම් බැටරිය මිලෙන්ද අධිකයි.