General Mechanical

යතුරුපැදියකට ABS (Anti-lock brake System) කොච්චර වැදගත්ද?

මුලින්ම බලමු තිරිංග පද්ධතියක තිබිය යුතු ගුණාංග මොනවද කියල

  • අවම කාලයකදී හා අවම දුරකදී රථය ස්ථායිව හා පාලනයක තබාගෙන නතර කර ගැනීමට හෝ වේගය පාලනය කරගැනීමට හැකි විය යුතුයි.
  • අඩු ආයාසයකින් ක්‍රියා කිරීමට හැකිවිය යුතුයි.
  • ඕනෑම කාලගුණික හා පාරිසරික තත්වයක් යටතේ හොඳින් ක්‍රියා කල යුතුයි.

මොකක්ද මේ ABS

Anti-lock brake System කියල තමා මේකට කියන්නේ
Aircraft, Cars, Jeeps, Trucks, Bus වලට ABS Use කරනවා. ඊට අමතරව යතුරුපැදි සඳහාද ABS යොදා ගැනෙනවා.. 1988 දී තමයි මුලින්ම යතුරුපැදි සඳහා ABS හඳුන්වාදෙනු ලැබුවේ

සාමන්‍ය තිරිංග පද්ධතියකට වඩා ABS වෙනස් වෙන්නේ කොහොමද?

සාමන්‍ය Brake පහරකදී සිදුවන්නේ වාහනයේ සියළුම රෝද Lock වීමයි. එහිදී රථය ලිස්සා යෑමේ ඉඩකඩ ඉතා වැඩිය.
නමුත් ABS වලින් සිදුවන්නේ කොතරම් වේගයෙන් තිරිංග තද කලත් රෝද ලොක් නොවී රථයේ වේගය අනුව කඩින් කඩ රෝද වලට තිරිංග යෙදවීමයි.
මෙහිදී රථය ලිස්සා යාමේ ප්‍රවනතාව බොහෝ සෙයින් අඩු වේ.

කොහොමද මේ ABS වැඩ කරන්නේ

ABS වල Bike එකේ රොද දෙකටම ස්පීඩ් සෙන්සර් 2ක් සවි වී පවතිනවා.. මේ සෙන්සර් මගින් තිරිංග යෙදීමකදී Bike එකේ වේගය හා රෝද කැරකෙන වේගය පිළිබඳ Signal එකක් Bike එකේ ECU (electronic control unit) එකට යැවෙනවා. ඉන් පසු ECU එක මගින් ABS ක්‍රියාත්මක වී රෝදයට ලැබෙන Brake Oil ප්‍රමාණය පාලනය කර රෝද ලොක් වීමට හෝ ලිස්සා යාමට ඉඩ නොදී කඩින් කඩ තිරිංග ක්‍රියාත්මක වී වේගය පාලනය කරයි.

ABS වලින් ඇති වාසි මොනවද

ඕනෑම කාළගුණ හෝ පරිසර තත්වයකදී තිරිංග යෙදීමේදී රෝද ලිස්සා නොයයි.
තිරිංග යෙදීමකදී Bike එකේ ස්ථායි බව හා පාලන හැකියාව වැඩි වේ. එම නිසා අනතුරු ඇතිවීමේ හැකියාව අඩු වේ.
රොද සහ මාර්ගයේ ඝර්ෂනය අඩු කරමින් තිරිංග යෙදීමදී රොද වල කාර්යක්ෂමතාව වැඩි කරයි.
Bike එකෙහි 2nd hand වටිනාකම ඉහල අගයක් ගනී.

ලංකාවේ ABS තිබෙන යතුරුපැදි මොනවද?

KTM RC390, KTM DUKE 390, Bajaj Dominar 400, KTM DUKE 250, CB 150R Exmotion, Bajaj RS 200, Suzuki Gixxer SF ABS, Suzuki Intruder 150
මීට අමතරව 2019 වසරේදී Bajaj Pulsar 200NS FI ABS, KTM Duke 200 ABS, RC200 ABS වැනි යතුරුපැදි මාදිලි මෙරට වෙලඳපොළට එකතු වීමට ඉඩ තිබෙනවා
මේ මාදිලි නිකුත් වූ වහාම ඔබව දැනුවත් කරන්නම්.

Facebook Comments
Share
  • 15
  •  
  •  
  •  
  •  
  •  
  •  
    15
    Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!