General Riding Tips

යතුරුපැදි ධාවනයේ නොකල යුතු දේවල් 10ක්

ඔයත් මේ වැරදි කරනවා නම් තාමත් ඔයා බයික් එකට අලුත් කියල තමා පිලිගන්න වෙන්නේ. ලිපිය කියවලා බලන්න අවසානෙට ඔයා මේ කියන දේවල් වලින් කීයක් කරනවද කීයක් නොකරනවද කියලා.

1. මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් පසුව යතුරුපැදිය ධාවනය.

කිසිදු වාහනයක් මත් බවින් ධාවනය කිරීම අනුමත කරන්න බැහැ. ඒ අතුරින් මෝටරථයකට වඩා අඩු ස්ථාවර බවක් සහ අඩු ආරක්ෂාවක් ඇති රෝද දෙකේ වාහනයක් වෙන යතුරුපැදිය කිසි විටකත් මත් ගතියෙන් ධාවනය නොකරන්න.

2. රාත්‍රියට හෝ අඩු ආලෝකය සහිත කාලයන් වලදි අදුරු වයිසර්, අව් කණ්නාඩි භාවිතය.

අඳුරු වයිසර, අව් කණ්නාඩි තුලින් මාර්ගය නිවැරදිව ඔබට බලාගැනීමට නොහැකි විය හැකියි. මේ නිසා මාරාන්තික අනතුරු සිදු විය හැකියි.

3. එක් පසෙක තිරංග පමණක් යෙදීම.

කිසි විටකත් ඉදිරිපස හෝ පසුපස පමණක් තිරිංග යෙදීමෙන් වලකින්න. ඉදිරිපස 70% සහ පසුපස 30% ලෙස තිරිංග යොදන්න.

4. මහා මාර්ග වල සහ මාර්ග තදබද අතරතුර රේස් යෑම.

මහා මාර්ග යනු රේසිං ධාවන පථයක් නොවෙයි. එලෙස යතුරුපැදිය ධාවන කිරීමෙන් ඔබ මාර්ග නීති කඩ කිරීම යටතේ දඩයකට යටත් වීමටත් මාරාන්තික අනතුරකට ලක් වීමටත් ඉඩ ඇත.

5. නිතර නිතර කකුලක් බිම තැබීම.

තිරිංග යොදන විට, වේගය අඩු කරන විට සහ වංගු ගන්නා විට කකුලක් තැබීමෙන් වලකින්න. එමගින් ඔබ තවමත් යතුරුපැදියට අලුත් බව බැලු බැල්මටම වැටහෙනු ඇත.

6. ගෙවුන ටයර් වලින් යතුරුපැදිය ධාවනය.

80%කට වඩා ගෙවී ගිය කැන්වස් පවා පෑදී ඇති ටයර් වලින් ධාවනය නොකරන්න. මෙමගින් ඔබටත් යතුරුපැදියටත් දැඩි අනතුරු සිදු විය හැකියි. ටයර් මාරුවකට මුදල් ලැබෙන තෙක් හැකිනම් පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිතා කරන්න.

7. ජංගම දුරකථනය භාවිතා කිරීම.

යතුරුපැදිය ධාවනය කරන විට එක අතකින් ජංගම දූරකථනය භාවිතා කිරීම, සංගීතයට සවන් දීම වැනි දේ කිරීමෙන් වලකින්න. යතුරුපැදිය ධාවනය කිරීමේදි ඔබේ මුලු අවධානයම තිබිය යුත්තේ මාර්ගය සහ යතුරුපැදිය මතය. නව පන්නයේ යතුරුපැදි වන Duke 125 EU , Duke 390 වැනි යතුරුපැදි වල මීටර් එකට ජංගම දුරකථනය සම්බන්ද කල හැකි අවස්ථාව තිබුන ද යතුරුපැදි ධාවනය අතර තුර මේවා සිදු කිරීම එතරම් නුවණට හුරු නැහැ.

8. පැති කණ්නාඩි ගැන අවධානය නොදීම.

සෑම විටම පසු කර යාම් වලදි, හැරවීමේදි, මාර්ගය වෙනස් කිරීමේදි පැතිකණ්නාඩි දෙස අවධානය යොමු කරන්න. අනිවාර්යයෙන් පැහැදිලිව පිටුපස පෙනෙන කණ්නාඩි යුගලයක් යතුරුපැදියට යොදාගන්න.

9. වැරදි ආරක්ෂක පිලිවෙත්.

හැකි සෑම විටම යතුරුපැදිය ධාවනය කරන විට දිගු කලිසමක් අදින්න. සෙරප්පු වෙනුවට සපත්තු පලදින්න. හිස්වැසුම් සහ අනෙකුත් ආරක්ෂාකාරී උපාංග සියල්ල පලදින්න. කොට කලිසම්, පාවහන් මෙන්ම හිස් වැසුම් නොමැතිව ධාවන නිසා සුලු අනතුරකින් වූවද දැඩි හානි සිදු විය හැකියි.

10. හැරවීමේ විදුලි සංඥා නිසි වෙලාවට ක්‍රියා විරහිත නොකිරීම, වැරදි ඉස්සර කිරීම්.

සිග්නල් ලයිට්ස් ඔබ හැරවීම හො මාර්ගය වෙනස් කල සැනින් නිවා දමන්න. පසු කර යෑමක් කරන සෑම විටම ද එය දකුණු පසින් සිදු කරන්න ඊට පෙර පාසින් හෙඩ් එක යොදා දකුණට සංඥා යොදන්න එමගින් ඉදිරිපස සහ පසුපස රථයන් ඔබ ඉස්සර කිරීමට සූදානම් වන බව වටහා ගනි.

මේ දේවල් වලට අමතරව තවත් ඔයාල දන්න දේවල් FB Post එකේ Comment කරන්න. තව කෙනෙක්ට වැදගත් වෙයි කියල හිතෙනවා නම් Share කරන්න.

Facebook Comments
Share
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!