General

රජ ගමනකට Bajaj Avenger Cruise 220

රජ ගමනකට Bajaj Avenger Cruise 220

දිගුදුර ධාවනයට සුදුසු දිගුදුර සංචාරය කිරීමට සැපපහසුකම් වලින් යුතු බයික් වලට කියන්නෙ Cruisers කියලා. බොහෝ රටවල බයික් වලින් සංචාරය කරන්නන් කිලෝමීටර දහස් ගණන් සංචාරය කරන්නේ මෙම Cruiser වර්ගයට අයත් යතුරුපැදි වලයි. ඒ අතුරෙන් ලංකාව වගේ රටවල් වලට මේවායේ මාර්ග තත්වයන්ට ගැළපෙන ළඟදි ලංකාවට ආපු අලුත්ම Cruiser බයික් එකක් ගැන තමයි මේ කියන්න යන්නේ. මේ Bajaj Avenger Cruise 220.

220 එන්ජින් ධාරිතාවයකින් අශ්වබල 19කින් සමන්විත මෙම යතුරුපැදියේ එන්ජිම තනි සිලින්ඩරයක් හා වෑල් දෙකකින් සමන්විත වනවා. Fuel System එක Carburetor වන අතර Digital Twin Spark Ignition එකක් මෙහි අඩංගුවනවා. ගියර් 5ක් හා පැයට කිලෝමීටර 118ක නිර්දේශිත උපරිම වේගයක් ඇති මේ බයික් එකේ ඉන්ධන ධාරිතාව ලීටර් 14ක් වන අතර ලීටරයට කිලෝමීටර 45ක් ඉන්ධන කාර්යක්ෂමතාවයක් ඇත.

මෙහි ඉදිරිපස ඩිස්ක් හා පසුපස ඩ්‍රම් බ්‍රේක් අඩංගුවන අතර ඉදිරිපස 90/90-17ද පසුපස 130/90-15 ටියුබ් සහිත ටයර් සහ ස්පෝක්වීල් අඩංගුවේ. එමෙන්ම Tubular Double Cradle මාදිලියේ චැසියක් මෙහි අඩංගුවන අතර ඉදිරිපස Telescopic With Double Anti Friction Bush හා පසුපස Twin Shock Absorber Suspension අඩංගුවේ. විශේෂම කරුණ වන්නේ ඉතාමත් සැපපහසු සීට් එකක් මෙම බයික් එකේ අඩංගුවන අතර පසුපස ගමන්ගන්නා පුද්ගලයාට හේත්තුවීම සඳහා Backrest එකක් අඩංගුවේ.

ඉතින් ඔබට වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් පහළින් Comment කරන්න.

Facebook Comments
Share
  • 726
  •  
  •  
  •  
  •  
  •  
  •  
    726
    Shares

2 comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!