General Reviews

Top 200cc Motorcycles and Prices in Sri Lanka

ලංකාවේ මේ වෙනකොට තරඟකාරීම Capacity දෙක වෙන්නෙ 150/160cc සහ 200cc බයික් සෙට් එක. ඒ අතුරින් අද ලිපියේ පල කරන්නේ ලංකාවේ තියෙන 200 බයික් සෙට් එක ගැන. මේ බයික්ස් වල බලය අඩු වෙන පිලිවෙලට නම් සටහන් කරන්නම්.

1. KTM RC 200

මෙයා තමා Segment එකේ මිල අධිකම වගේම බලගතුම එන්ජිම සහිත කෙනා වෙන්නේ. 199cc DOHC Single Cylinder 4 Valve එන්ජිම අශ්වබල 25ක බලයක් ලබා දෙනවා. ඒ වගේම මේ RC 200, Duke 200 හැරුණම අදාල කාණ්ඩයේ එකම International Product  විදියට සලකන්නත් පුලුවන්.

මිල : 734,950/-

2. Bajaj Pulsar RS 200

අදාල කාණ්ඩයේ දෙවනියට ඉන්න මෙයාටත් RC 200 එකට සමානම එන්ජිමක් ලබා දීලා තිබුනත් මේ එන්ජිම Single Overheard Cam එන්ජිමක් මේ නිසා RC එකට සාපේක්ෂව අඩු පිකප් එකක් සහ වැඩි ඉන්ධන කාර්යයක්ෂමතාවයක් බලා ගන්න පුලුවන්. ඒ වගේම 2015 දි මෙයා තමා ලංකාවේ පලවෙනියටම Brand New මාකට් එකට ආපු ABS සහ FI සහිත එකම බයික් එක.

මිල : 635,950/-

3. KTM Duke 200

RC 200 බයික් එකේම Naked Model එක වෙන මේ Duke 200 එන්ජිමත් අශ්වබල 25ක බලයක් ජණනය කරනවා. RC 200 එකත් එක්ක සැසදුවම පෙනුම සහ මිල ගනන් වගේම බලාගන්න පුලුවන් ලොකුම වෙනස තමා මෙයාව ට්‍රැෆික් එකේ හසුරුවන්න බොහෝම ලෙහෙසියි. ඒ වගේම RC එකට වඩා සැපහසුයි.

මිල : 679,950

4. Bajaj Pulsar NS 200 FI ABS

ලිස්ට් එකේ අලුත්ම කෙනා වෙන්නේ මේ NS ABS FI මීට මාස 3කට 4කට විතර කලින් තමා කරළියට එන්නේ. තවම ඉන්දියාවෙ වත් ලෝන්ච් කරලා නැති මේ  NS 200 FI ABS, RS 200 එකේ එන එම එන්ජිමෙන්ම සහ RS එකේ එන BOSCH ABS සහ FI Unit එකෙන්ම බල ගන්වලා තියෙනවා. එන්ජිම සතු බලය අශ්වබල 24ක් ලෙසටත් සඳහන් වෙනවා.

මිල : 569,950/-

5. Bajaj Pulsar NS 200 ABS

මෙයාගේ පෙනුම බැලු බැල්මටම FI සහෝදරය එක්ක බැලුවම වෙනසක් නැති තරම්. ඒත් මෙයා සතුව Fuel Injection තාක්ෂණය බලාගන්න ලැබෙන්නෙ නැහැ. ඒ වගේම මෙයාගෙ එන්ජිම අශ්වබල 23ක් විතරයි ජණනය කරලා දෙන්නෙ.

මිල : 489,950/-

6. TVS Apache RTR 200 4V Race Edition 2.0

Segment එකේ නම දිගම බයික් එක කිව්වත් වරදක් නැහැ… 197cc Single Cylinder 4 Stroke 4 Valve එන්ජිමකින් එන මේ බයික් එක අශ්වබල 20ක් ජණනය කරනවා. ඒ වගේම මේ බයික් එක සතු විශේෂශත්වය විදියට Segment එකේ Slippe Clutch එකක් සහිත එකම බයික් එක විම පෙන්වල දෙන්න පුලුවන්. මේ Slipper Clutch එක නිසා ඉතාම පහසුවෙන් ගියර් උඩ පහල මාරු කරන්න පුලුවන් කම ලැබෙනවා. නමුත් දැනට මේ බයික් එකේ ABS FI Model එක ලංකාවේ මිලට ගන්න අවස්ථාවක් නැහැ.

මිල : 579,900/-

7. Hero Xtream 200R

Segment එකේ වැඩි ජනප්‍රියත්වයක් නැති මේ Hero Xtream බයික් එක 199cc Single Cylinder 2 valve එන්ජිමකින් අශ්වබල 18ක් ජණනය කරනවා. ඒ වගේම මේ බයික් එකට Single Channel ABS යොදාගෙන තිබෙනවා. ඒ හැරුනම මේ බයික් එකට NS, Duke,RTRවගෙ බයික්ස් වලට ලොකු තරඟයක් දෙන්න නම් තවමත් පුලුවන්කම ලැබිලා නැහැ.

මිල : 489,990/-

8. Hero XPulse 200

Segment එකේ එකම Off Road Type එකේ බයික් එක වෙන මේ Hero XPluse බයික් එක Xtream, Hunk 200 බයික් එකේ එන එන්ජිම මගින්ම තමා බල ගැන්වෙන්නේ.

මිල : 510,990/-

9. Hero XPulse 200T

මේ බයික් එකත් බොහෝ දුරට XPulse 200 එකටම සමාන නමුත් මිල සහ සුලු සුලු වෙනස්කම් කිහිපයකින් සමන්විත වනවා.

මිල 499,990/-

මේ සියළුම මිල ගණන් දැනුම් දීමකින් තොරව වෙනස් විය හැක.

Facebook Comments
Share
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!