General Reviews

ලාබාලම KTM RC සාමාජිකයාගේ ආගමනය KTM RC 125

KTM Duke125 ආගමනයත් සමඟ 150cc සහ 160cc යතුරුපැදි සහ සමහරෙක් 200 යතුරුපැදි අතරද දැඩි පෙරළියක් ඇති විය. කොටින්ම Duke 200 අභිබවා යමින් තම බාලයා වන Duke 125 අති සාර්ථකව අලෙවි විය. මේ සමඟම KTM යලිත් යතුරුපැදි වෙළඳපොල කනපිට ගැසීමට තීරණය කලේය. එහි ප්‍රතිඵලයක් ලෙස RC 125 ආගමන සිදු විය. හැඩකාර වැඩකාර වේගවත් RC 125 යනු KTM සතු ධාරිතාවයෙන් අඩුම සහ මිලෙන් අඩුම Racing Sports යතුරුපැදිය වේ.

එන්ජිම

124.7cc DOHC,Four Stroke, 4 Valve කුඩා ඒත් වේගවත් එන්ජිම අශ්වබල 14.5කින් පැයට කිලෝමීටර් 130කට ආසන්න වේගයක් ලබා දෙනවා. මේ එන්ජිමම Duke 125 හීද දැකගන්න පුලුවන්. එන්ජින් එක සිසිල් කරගන්න ද්‍රව සිසිලන පද්ධතියක් යොදාගෙන තියෙන නිසා ඉහල වේගයන් වල පවා එන්ජිම සාමාන්‍ය උෂ්ණත්වයක තියාගෙන ධාවනය කරන්න පුලුවන්.

ඉන්ධන සැපයුම

මේ බයික් එකෙත් Duke 125 එකේ සහ අනෙකුත් හැම KTM බයික් එකක වගේ EFI පද්ධතියක් අන්තර්ගත වෙනවා. ඒ නිසා ඉතාම සියුම් සහ කාර්යක්ෂම Throttle response එකක් වගේම පෙට්‍රල් ලීටර 1කට කිලෝමීටර් 40ත් 45ත් අතර ඉන්ධන කාර්යක්ෂමතාවක් ලබාගන්නත් ඉඩ ලැබෙනවා.

Gear සහ Clutch

125cc උනත් වේග 6ක ගියර් පද්ධතියක් මේ බයික් එකටත් ලබා දෙන්න KTM අමතක කරලා නෑ ඒ වගේම ඉතා සුමට රේසිං ට්‍රැක් එකේදී පවා ලේසියෙන් ගියර් උඩ පහල කල හැකි ක්ලච් එකක් මේ RC 125 සතුයි.

Design එක

බැලූ බැල්මට Graphics වලින් හැර 100% තම පවුලේ අනෙකුත් සාමාජිකයන් වන RC200, RC250 සහ RC 390 පෙනුමෙන් නිර්මාණය වී ඇති මේ RC125 ද අනෙකුත් RC යතුරුපැදි වගේම MotoGP, Moto 3 යතුරුපැදියෙහි රේසිං ආභාශය හොඳ හැටි ලබාගෙන තියෙනවා. මේ නිසා ඉහල වේගයන් වල වැඩි ස්ථාවර බවක්, හැසිරවීමේ පහසුව, වාතය හරහා කපාගෙන යෑම වගේ දේවල් ඉතාම පහසුවෙන් සිදු කරගන්න පුලුවන්

Trellis Racing Frame එක, රේසිං ක්ලිප් ඔන් හැඩල්, USD Suspension, පසුපස Seat Cover එකක් වැනි නමුත් එසේ නොවන Seat එක වැනි දේවල් අංගසම්පූර්ණ Track යතුරුපැදියක් සිහි ගන්වනවා. කෙසේ උනත් මේ Aggressive Race riding position එක ට්‍රැෆික් සහ දුර ගමන් වල නම් ටිකක් ධාවකයව අපහසුතාවට පත් කරනවා.

Instrument Cluster

එහෙම නැත්තම් මීටර් බෝඩ් එක RC 390 එකේ එන මීටර් එකමයි. පෙනුමෙන් සරල නමුත් සවිස්තරාත්මක මේ මීටර් එකේ එන්ජින් උෂ්ණත්ව, වේගය, ට්‍රිප්, වෙලාව, ඉන්ධන මට්ටම, RPM, ගියර් Position, Average Fuel consumption වගේ දේවල් මූලිකව බලාගන්න ලැබෙනවා.

Brakes සහ Tyres

RC 125 හී 300mm Disk එකක් සමඟ Pot 4 කැලිපයරක් සහ BOSCH ABS අඩංගු වනවා. ඒ වගේම පසුපස 230mm Disk එකක් සමඟ Rear Wheel Liftoff Protection තාක්ෂණය යොදාගෙන තියෙනවා. මේ නිසා හදිසි බ්‍රේක් යෙදීම් වලදි බයික් එක ලිස්ස ගන්නෙ නැතුව ඉතා ඉක්මනින් නවත්තගන්න පුලුවන්. ඒ වගේම තෙත සහ වැලි සහිත මතුපිටක උනත් ආරක්ෂාකාරී බ්‍රේක් යෙදීමක් කරගන්න පුලුවන්.

ටයර් විදියට පසුපස පුළුල් 150/60 ටයර් එකක් සහ ඉදිරිපස 110/70 ටයර් එකක් යොදාගෙන තියෙනවා. මේ නිසා වංගුව වල සහ ඉහල වේගයන් වලදි ස්ථාවරබාවය වගේම හොඳ තිරිංග ප්‍රතිචාරයක් ලබා ගන්න පුලුවන්කම තියෙනවා.

Suspension

ඉදිරිපස 43mm WP USD ද පසුපස WP Monoshock ද එන මේ RC 125 යතුරුපැදි 125cc යතුරුපැදියකට එහා යන පෙනුමකින් හෙබි වීමට මේ USD Suspension විශාල උපකාරයක් කර තිබෙනවා.

අනෙකුත් දේ

Seat Height – 835mm
Ground Clearance – 157mm
Weight – 154.2KG
Petrol Capacity – 9.5 Liters

අවසානයට මේ යතුරුපැදිය ගැන කියන්න තියෙන්නේ. ඔබ බරපතළ KTM ලෝලියෙක් නම් RC මාදිලියට ප්‍රියයි නම් මිලග ගන්න තියෙන මිල අඩුම බයික් එක තමයි මේක. ඉදිරි මාසයේ මේ බයික් එක ලංකාවේ වෙළඳපොලට එන්න නියමිත බවට දැනගන්න ලැබෙනවා.

Facebook Comments
Share
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!