General

Top 10 Motorcycle Races in the world

1. MotoGP

ලොව වේගවත්ම සහ මිල අධිකම යතුරුපැදි සහභාගි වන යතුරුපැදි තරඟය මෙය වේ. Fédération Internationale de Motocyclisme (FIM)  යටතේ පවත්වන මේ තරඟය කාණ්ඩ 4කින් සමන්විත වේ. ඒ MotoGP, Moto2, Moto3 සහ MotoE ලෙසිනි.
Honda.Ducati,Yamaha,KTM,Suzuki සහ Aprilia යන යතුරුපැදි නිෂ්පාදකයන් MotoGP කාණ්ඩයට තරඟ කරනු ලැබේ. වර්ථමාන ශූරතාව Honda කණ්ඩායමේ මාක් මාකස් සතුව පවති.

2. Isle Of Man TT

සාමාන්‍ය මහා මාර්ගයක් තුල Isle of Man නම් ප්‍රදේශයේ පවත්වන මේ තරඟය ලොව වේගවත්ම තරඟයක් මෙන්ම භයානකම තරඟයක් ලෙසට සැලකෙයි. මේ තරඟය පවත්නව ලද කාලසීමාව තුල ආසන්න වශයෙන් 300 පමණ ධාවකයන් සහ නරඹන්නන් මරණයට පත්ව ඇත. ලොව ප්‍රමුඛ පෙලේ සියලුම යතුරුපැදි නිෂ්පාදකයන් මේ තරඟයට සහභාගි වන අතර Senior TT, Junior TT සහ TT Superbike නමින් කාණ්ඩ 3ක් ඇත. වර්තමානයේ ශූරතාවය Dean Harrison සතුය.

3. Pikes Peak International Hill Climb

තවත් ලොව භයානකම ධාවන තරඟයක් ලෙසට සැලකෙන මේ තරඟය ඇමරිකාවේ කොලරාඩො ප්‍රාන්තයේ කදුකර මාර්ගයක් මත පදනම්ව පවත්වනු ලබයි. මේ තරඟය සඳහාද ලොව ප්‍රමුඛ පෙලේ සියලුම යතුරුපැදි නිෂ්පාදකයන් එක්වන අතර මෙවර තරඟය අතරතුර සිව් වරක් මෙම තරඟයේ ශූරතාවය දිනා ඇති Carline Dunn නවතම Ducati Streetfighter V4 යතුරුපැදියෙන් තරඟ වදින අතරතුර ජයග්‍රහණය පෙනි පෙනි හදිසි අනතුරකින් මරණයට පත් විය.

4. Dakar Rally

1978 දී ආරම්භ වන ඩකා රැලිය ද ඉතාම දුෂ්කර මෙන්ම අවධානම් සහිත රේසින් තරඟයක් ලෙසට ලොව ප්‍රචලිතය. කාන්තාර මැදින් දිවෙනා මේ තරඟය සඳහා Honda, Yamaha, Hero, BMW වැනි යතුරුපැදි නිෂ්පාදකයන් සහභාගි වන අතර පුරා වසර 7ක් නොකඩවා ශූරතාවය KTM විසින් දිනාගෙන ඇත.

5. FIM World Superbike Championship

වේගවත් මෙන්ම යතුරුපැදි නිෂ්පාදකයන් ගේ බලය සහ වේගය පෙන්වන තරඟයක් වන WSBK සඳහා 1000cc කාණ්ඩයේ යතුරුපැදි යොදාගනු ලැබේ. වසර 5ක් පුරා ශූරතාවය Kawasaki සතුකරගෙන සිටින අතර Ducati, BMW, Yamaha වැනි නිෂ්පාදකයන් කරට කර තරඟයක් ලබා දේ.

6. Suzuka 8 Hours Endurance Race

1978 වසරේ ඇරබෙන මේ තරඟය ජපානයේ පවත්වනු ලබයි. Honda සමාඟමට අයිති Suzuka ධාවන පතයේ පවතන මේ තරඟය පුරා පැය 8ක් පුරා පවත්වනු ලබයි. සහය දිවීමේ තරඟයක මෙන් ධාවකයන් 3 දෙනෙකු ධාවනය කරන අතර පැය 8 තුල හොඳම කාලය වාර්ථා කරනා කණ්ඩායම ජයග්‍රහණය කරනු ලබයි. මේ වන විට ශූරතාවය WSBK ලෝක ශූර Jonathan Rea ප්‍රමුක කවසාකි කණ්ඩායම සතුව පවති.

7. Motocross World Championship MXGP

1952 ආරම්භ වන මේ තරඟ ඉසව්ව ලොව පුර දක්ෂයින් අතරින් අති දක්ෂ Motorcross ශූරයා තේරීමේ තරඟයක් ලෙසට හඳුන්වනු ලබයි. FIM යටතේ පවත්වන මේ තරඟය සඳහා ද Honda, Yamaha,KTM,Husqvarna වැනි යතුරුපැදි නිෂ්පාදකයන් සහභාගි වන අතර වර්තමානයේ ශූරතාවය හොන්ඩා සතුව පවති.

8. Erzberg Rodeo

ලොව වැඩිම තරඟකරුවන් පිරිසක් සහභාගි වන තරඟ ඉසව්වක් ලෙසට සැලකෙන Erzberg Rodeo ධාවන තරඟය Motorcross යතුරුපැදි වලින් පවත්වනා තරඟයකි. 1995 ආරම්භ වන මේ තරඟයට යුරෝපය ප්‍රමුඛව ලොව නන් දෙසින් ධාවකයන් 1500 පමණ සහභාගි වේ. වර්තමානයේ ශූරතාවය Husqvarna සතුව පවති.

9. SCORE BAJA 1000

මෙය ද Dakar රැලිය හා සමානවම දුශ්කර සහ අවධානම් සහිත තරඟ ඉසව්වකි. මෙක්සිකෝව පදනම්ව පවත්වන මේ තරඟය 1967 දි ආරම්භ වූ අතර ලොව පුරා වෙසන ධාවකයන් මේ තරඟයට සහභාගි වේ.

10.Supermoto Championship S1

FIM යටතේම පවත්වන මේ තරඟය මහද්වීප පදනම්ව පවත්වනු ලබයි. KTM,Husqvarna,Yamaha,Honda,Suzuki,Gas Gas වැනි යතුරුපැදි නිෂ්පාදකයන් මේ සඳහා යතුරුපැදි එක් කරනු ලබයි. 2017 වසරේදි FIM Asia Championship සඳහා මෙරට නියෝජනය කරමින් ප්‍රවීන යතුරුපැදි ධාවනශූර ඩේශාන් සෝලංකි ද සහභාගි වී ඇත.

මේ අතුරින් ඔයා කැමතිම රේස් එක මොකද්ද? මතක ඇතුව Comment එකක් දන්න.

Facebook Comments
Share
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!