General

Top 10 Motorcycle in Sri Lankan Security forces

අද කතා කරන්නෙ ගොඩක් දෙනෙක් කතා නොකරන මාතෘකාවක් ගැන ඒ තමයි ලංකාවේ ආරක්ෂක අංශය සතුව ඇති යතුරුපැදි ගැන.

ආරක්ෂක අංශය විදියට හැඳින්වුයේ පොලිස්, විශේෂ කාර්යය බලකා, ජනාධිපති ආරක්ෂක සහ ත්‍රිවිධ හමුදා සියලුම අංශයි.

1. BMW R1200GS

ලොව ප්‍රමුඛ පෙලේ Adventure යතුරුපැදියක් ලෙසට සැලකෙන මේ GS යතුරුපැදිය 2011 වසරේ දී PSD එසේ නැතිනම් ජනාධිපති ආරක්ෂක අංශයට ලබා දෙන ලදි. යතුරුපැදිය 12කින් මේ Squad එක සමන්විත වේ. මේ යතුරුපැදිය 1,170cc Two cylinder boxer, Four -stroke එන්ජිමකින් බල ගනවා එමගින් අශ්වබල 110ක බලයක් ලබා දෙයි.

2. Yamaha FJR1300

2018 වසරේදී ප්‍රභූ රථ පෙලපාලි ඉදිරියෙන් ගමන් කිරීමට ශ්‍රී ලංකා පොලීසියට සහ හමුදා පොලීසියට ලබා දෙන ලදි. යතුරුපැදිය 6ක් හෝ 7ක් මෙරටට ආණයන කරන ලදි. 1,298cc සිලින්ඩර 4ක එන්ජිමක් සහිත මේ යතුරුපැදිය අශ්වබල 140ක් ජණනය කර දේ. ලොව ජනප්‍රිය Sports Touring යතුරුපැදියක් වන මෙය බොහෝ රටවල් වල පොලිස් සේවයට ද යොදා ගනු ලබයි.

3. Yamaha XJ600 Diversion

2012 අග වන විට මෙරටට ආනයන කරන මේ යතුරුපැදිය ශ්‍රී ලංකා පොලිසියේ මුර සංචාරයන් හී යෙදීමට, අධිවේගි මාර්ගයේ මාර්ග නීති කඩන්නන් ලුහු බැදීමට, සහ රථවාහන පොලිසියට අයත් සියලුම කාර්යයන් සඳහා සහය වීමට යොදා ගනු ලබයි. යතුරුපැදිය 325ක් පමණ ආනයන කරණු ලැබීය.600cc සිලින්ඩර 4ක එන්ජිමකින් එන මේ යතුරුපැදිය අශ්වබල 76ක් ජණනය කර දෙනු ලබයි. එමෙන්ම මේ යතුරුපැදිය ද බොහො රටවල් වල පොලිසියට යොදාගනු ලබන මාදිලියකි.

4. Suzuki DRZ400E

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, කමාන්ඩෝ බලකාය, විශේෂ කාර්යය බලකාය වැනි අංශයන් හී භාවිතා වේ. දශයකයට වැඩි කාලයක් මෙරට ත්‍රිවිධ හමුදාවන්ට සහයක් වූ මේ යතුරුපැදිය ලොව ජනප්‍රිය Enduro යතුරුපැදියකි. 398cc තනි සිලින්ඩර එන්ජිමකින් එන මේ යතුරුපැදිය අශ්වබල 45ක් ජණනය කරයි.

5. Honda CRF250L

2018 වසරේදි ශ්‍රී ලංකා පොලිසීයෙ වෙරළ ආරක්ෂක බලකායට යතුරුපැදිය 24ක් හෝ ඊට ආසන්න ගණනක් ලබා දෙන ලදි. 249cc තනි සිලින්ඩර එන්ජිමකින් එන මේ යතුරුපැදිය අශ්වබල 23ක් ජණනය කරනු ලබයි.

6. Yamaha XT250

2018 වසරේ මෙරට සේවයට සේන්දු වෙන XT යතුරුපැදිය මත් ද්‍රවය සහ පාතාලය මඩින්නට නිර්මාණය කල චීටා කල්ලියට ලබා දෙන ලදි. යතුරුපැදිය 12ක් හෝ ඒ ආසන්න ගණනක් මේ චීටා කල්ලියට ලබා දී ඇත.249cc තනි සිලින්ඩර එන්ජිමකින් එන මේ යතුරුපැදිය අශ්වබල 19ක් ජණනය කරනු ලබයි.

7. Suzuki DR250S

විශේෂ කාර්යය බලකායට සහ යුද්ධ හමුදාවට භාවිතා කිරීමට යතුරුපැදි 20 හෝ ඊට ආසන්නව 2019 වසරේදි ආනයන කරන ලදි.249cc තනි සිලින්ඩර එන්ජිමකින් එන මේ යතුරුපැදිය අශ්වබල 19ක් ජණනය කර දෙනු ලබයි.

8. Suzuki GSX250FX

දශක දෙකකට පමණ පෙර මුර සංචාර සඳහා මේ යතුරුපැදිය සහ GN 250 යතුරුපැදිය යොදා ගන්නා ලදි. කෙසේ වෙතත් කල්‍ යත්ම මේ යතුරුපැදිය වෙනුවට Yamaha XJ 600 යතුරුපැදිය ආදේශ වීමත් සමඟ මේ යතුරුපැදිය තරමක් අඩු විය. වැඩි වශයෙන් සිවිල් ජනතාවට මේ යතුරුපැදි වෙන්දේසි කරන ලදි. 249cc සිලින්ඩර 4ක එන්ජිමකින් එන මේ යතුරුපැදිය අශ්වබල 40ක් ජණනය කරයී.

9. KTM Duke 200

අප්‍රේල් 21 සිදුවීමත් සමඟ ක්‍රියාන්විතයන් සඳහා ආරක්ෂක අංශ සතු වූ යතුරුපැදි ප්‍රමාණවත් නොවීය. මේ නිසා මොවුන් කුලී පදනම යටතේ යතුරුපැදිය සපයා ගන්නා ලදි. ඒ අතරතුරදී නිල වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට KTM Duke 200 යතුරුපැදිය 20ක් මිලට ගන්නා ලදි. 199cc තනි සිලින්ඩර එන්ජිමකින් එන මේ යතුරුපැදිය අශ්වබල 25ක් ජණනය කරනු ලබයි.

10. Bajaj NS 200

Duke 200 වලට අමතරව NS 200 සහ NS 160 යතුරුපැදි 40ක්ද යුද්ධ හමුදාවට යොදාගන්නා ලදි. මීට අමතරව යම් ප්‍රමාණයකින් TVS Apache RTR 200 4V Race Edition යතුරුපැදි ද යොදාගත් බවට වාර්ථා විය.

Bikers Hub©

Facebook Comments
Share
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!