General Mechanical

Completely Discontinued Japanese motorcycle in Sri Lanka

ගොඩක් අය පේජ් එකට මැසෙජ් කරලා අහන දෙයක් තමා මචං මට Brand new Hornet එකක් ගන්න බැරි ද? Brand new Gullarm එකක් ගන්න බැරි ද? Tracker එකක් ගන්න බැරි ද වගෙ ප්‍රශ්න.

ඇත්තම මේ බයික් අපිට බ්‍රැන්ඩ් නිව් ගන්න නම් අවුරුදු 10ක් 20ක් ආපස්සට යන්න වෙනවා මොකද මේ බයික් හැම එකක්ම අවම වශයෙන් අවුරුදු 10කට එහා නිෂ්පාදනය නවත්වපු බයික්ස්. දැනට ලංකාවේ තියෙන්නෙත් ඉස්සරහට එන්නේත් රීකන්ඩිශන් කරපු එහෙම නැත්තම් වෙන රටක පාවිච්චි කරලා එන බයික්ස්. අද අපි කතා කරමු අන්න ඒ වගේ ලංකාවේ ජනප්‍රිය මේ වෙනකොට නිෂ්පාදනය සහමුලින් නැවතා දැමු ජපන් බයික් 10ක් ගැන.

1. Honda AX-1 (1987-1994)

මේ බයික් එක ඔය 89-94 කාල සීමාවෙ තමා නිෂ්පාදනය උනේ. 249cc තනි සිලින්ඩර මේ එන්ජින් එක අශ්වබල 29කින් පැයට කිලෝමීටර් 150ක විතර වේගයක් ලබා දෙන බයික් එකක්. මේ වෙනකොට රුපියල් ලක්ෂ 2 ඉදන් 4 වගෙ වෙනකම් මාකට් එකක් මේ බයික් එකට තියෙනවා.

2.Honda CB Jade 250 (1986 -1996)

සිලින්ඩර 4ක අශ්වබල 40ක් දෙන මේ 250cc බයික් එක පැයට කිලෝමීටර් 180ක විතර වේගයක් ජණනය කරන එන්ජිමකින් සමන්විත වෙනවා. මේ වෙනකොට රුපියල් ලක්ශ 2.50 ඉදන් 4.50 වගේ පරාසයක මේ බයික් එකේ මාකට් එක රැදිලා තියෙනවා.

3. Honda CBR250RR MC22 Gullarm (1986 -1996)

250 සෙට් එකේ වෙගවත්ම බයික් එක කිව්වොත් නිවැරදි. අශ්වබල 45ක් ඇති මේ සිලින්ඩර 4 බයික් එක පැයට කිලෝමීටර් 190ක් විතර ලබා දෙනවා. මාකට් එක ලක්ශ 3ත් 7ත් අතර පරාසයක යනවා.

4. Suzuki Bandit 250 (1989 – 2000)

45hp එන්ජිමක් උනත් වේගවත් උනත් මේ බයික්ස් අතර මාකට් එක අඩුම ලෙඩ වැඩිම අමතර කොටස් අඩුම බයික් එකක් හැටියට බැන්ඩිට් සැලකෙනවා. රුපියල් ලක්ෂේ ඉදන් ලක්ස්ග 2.50 වගේ මිලකට මේ බයික් එක අලෙවි වෙනවා.

5. Yamaha Zeal FZ250X (1991 – 1999)

අශ්වබල 40ක 250cc මේ බයික් එකත් මාකට් එක අඩුම ජපන් බයික් ගනයට වැටෙනවා. අමතර කොටස් හිඟය නිතර ලෙඩ දෙන එන්ජිම සහ කාබ් එක වගෙ කාරණා නිසා රුපියල් ලක්ෂයේ ඉදන් ලක්ෂ 2 වගේ මුදලකට Zeal 250 ගන්න පුලුවන් කම තියෙනවා.

6. Yamaha FZR250R (1986 – 1994)

Zeal බයික් එකේ Sports model එක මේක කිව්වොත් නිවැරදි. අශ්වබල 45ක එන්ජිමක් සහිත මේ බයික් එක පැයට කිලෝමීටර් 185ක විතර වේගයක් ලබා දෙනවා.කොහොම උනත් අමතර කොටස් වගේම මේ යතුරුපැදිත් මෙරට බොහෝම අල්ප වශයෙන් ඇති නිසා රුපියල් ලක්ශයෙ වගේ ඉදල මිලකට මේ බයික් එක ගන්න පුලුවන්.

7. Kawasaki KLX 250 D Tracker (1998 – 2007)

මේ බයික් එකත් ලංකාවේ Supermoto ලෝලින් අතර ගොඩක් ප්‍රසිද්ධ බයික් එකක්. තනි සිලින්ඩර අශ්වබල 29ක එන්ජිමකින් සමන්විත මේ SM බයික් එක රුපියල් ලක්ශ 3.50 ඉදන් 6 වගේ මුදල් පරාසයකට අලෙවි වෙනවා.

8. Honda XR Baja 250 (1996 – 2005)

අශ්වබල 30ක Enduro මාදිලියේ මේ බයික් එක තව හොඳ වෙළඳපොල වටිනාකම් ඇති යතුරුපැදියක් විදියට සැලකෙනවා. රුපියල් ලක්ශ 2.50 සිට 5.50 වගෙ පරාසයකට මේ බයික් එකේ මාකට් එක රැදී තිබෙනවා.

9. Honda Hornet 250 (1996 – 2006)

මෙරට ජනප්‍රියත්වම 250 යතුරුපැදිය මෙය කිව්වොත් නිවැරදි. සිලින්ඩර 4ක අශ්වබල 40ක එන්ජිමක් සහිත මේ බයික් එක රුපියල් ලක්ශ 3.50 පමණ සිට ලක්ෂ 10 දක්වා වන මිල පරාසයකට අලෙවි වනවා.

10. Yamaha WR250X (2008 – 2017)

මෙරට මිල අධිකම SM යතුරුපැදියක් විදියට මේ බයික් එක සලකන්න පුලුවන්. අශ්වබල 30ක මේ Supermoto බයික් එක මීට වසර 2කට පෙර සම්පුර්ණයෙන් නිෂ්පාදනය නවතා දමනු ලැබුවා.මෙහි මිල රුපියල් ලක්ෂ 7 සිට ලක්ෂ 12 දක්වා පරාසයක විහිදෙනවා.

මේ යතුරුපැදි නිෂ්පාදනය නැවතුන ද මෙරට යතුරුපැදි ලෝලින් අතර තියෙන කැමත්ත නම් අඩු වෙලා නෑ. හොනට් සහ WRX හී මිල ගනන් වලින්ම ඔබට එය වැටහෙන්න ඇති. කෙසේ වෙතත් සැම සමාගමක් ම තම භාණ්ඩයක් නිෂ්පාදනය නවතා වසර 10 ගෙවූ තැන අමතර කොටස් නිකුත් කිරීම නවත්වනවා. මේ නිසා මේ යතුරුපැදි වලින් බොහෝමයකට මේ වෙන විට යොදා ගන්නා අමතර කොටස් පවා තායිවාන, චීන හෝ පෙර භාවිතා කරන ලද අමතර කොටස් වෙනවා.

තවත් සමහරෙක් යතුරුපැදි වල අමතර කොටස් නැතිම තරම්. ඒත් ජපන් යතුරුපැදියක් තමන්ගේ කරගැනීමේ සිහිනය වෙනුවෙන් ඉතා අවම මිලෙන් ඇති යතුරුපැදි මිලට ගැනීමට සමහරෙන් තරුණයන් පෙලබෙනවා. ඒ කොහොම උනත් බයික්ස් එක්ක නිතරම ඉන්න අපිට කියන්න තියෙන්නේ අතේ ගානට සල්ලි තියන් ජපන් බයික් හොයන්න එපා. ශෝ රුම් එකකින් බ්‍රැන්ඩ් නිව් බයික් එකක් වොරන්ටි එක්ක ගන්න එකයි ජපන් රීකන්ඩිශන් බයික් එකක් ගන්න එකයි වෙනස්ම විදියක කතා දෙකක්.

Facebook Comments
Share
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!