General

සරල සුපිරි ගමනකට CT100 ES

සරල සුපිරි ගමනකට CT100 ES

ලංකාවෙ නිතර පදින එහෙමත් නැත්නම් දිනපතා බයික් භාවිතා අය අතරෙ ආදරේ දිනාගත්ත බයිකෙ එකක් තමයි CT100 කියන්නෙ. නඩත්තු වියදම් අඩු එච්චර සංකීර්ණ නැති සරල පොඩි පොඩි රෙපෙයාර් ගෙදරදීම වුනත් කරගන්න පුලුවන් කොටින්ම කියනවා නම් හොඳට පෙට්‍රල් කරන පාඩුවෙ පදින්න පුලුවන් බයික් එකක් තමයි CT100 කියන්නෙ. ඉතින් මේ බයික් එකේ අලුත්ම මාදිලිය මේ වෙනකොට ලංකාවට ඇවිල්ලා තියනවා නිකම්ම නෙවෙයි කලින් මාදිලි වලට වඩා ටිකක් මොඩ් වෙලා. අපි අද කතා කරමු ඒ Bajaj CT100 ES බයික් එක ගැන.

සුපුරුදු විදිහටම තනි සිලින්ඩරේ 4 ස්ට්‍රෝක් 100cc ධාරිතාවයෙන් යුතු එන්ජිමේ ඉන්ධන පද්ධතිය ක්‍රියාකරන්නෙ කාබියුලේටරයෙන්. ගියර් 4කින් සමන්විත මේ බයික් එකේ ඉදිරිපස සහ පසුපස දෙකටම ඇවිල්ලා තියෙන්නෙ ඩ්‍රම් බ්‍රේක්. ඒ වගේම අපි කවුරුත් දන්න දෙයක් තමයි ලීටරයට කිලෝමීටර් 90ක් කරන මේ බයික් පෙට්‍රල් ටැංකියේ ධාරිතාව ලීටර් 10.5ක් වන අතර රිසවු ලීටර 3.4ක් පිරවිය හැක. ඊට අමතරව ඉදිරිපස 2.75-17 හා පසුපස 3.00-17 ටියුබ් සහිත ටයර්ද Tubular single down tube with lower cradle frame චැසියක් හා Hydraulic teliscopic, 125 mm Travel ඉදිරිපස සස්පෙන්ශන්ද SNS suspension(Spring in spring suspension), 100mm wheel travel පසුපස සස්පෙන්ශන්ද අඩංගුවේ.

ඉතින් මේ අලුත් මාදිලියට අලුතෙන්ම එකතුවෙලා මොඩ් වෙලා ආපු කොටස් ටික තමයි

අලංකාර ඇලෝයීවීල් කට්ටලය
ඉලෙක්ට්‍රික් ස්ටාර්ට් (ES මාදිලිය වන්නේ මේ නිසාය)
ඉන්ධන ප්‍රමාණය පෙන්වන මීටරය

ඔබගේ මේ බයික් එක සම්බන්ධව ඇසීමට ඇති ප්‍රශ්ණ පහළින් comment කරන්න

Facebook Comments
Share
  • 23
  •  
  •  
  •  
  •  
  •  
  •  
    23
    Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!