General

Biggest Engine Displacement Production Motorcycles In 2020

සාමාන්‍යයෙන් බයික් එකක් කිව්වම ගොඩක් අයගෙ ඔලුවට එන ලොකුම ධාරිතාවය 1000cc නමුත් ඔයාල දන්නවද සාමාන්‍යයෙන් අපි එදිනෙදා දකින කාර් වල එන්ජින් වලටත් වඩා ධාරිතාවය ඉහල Production Bikes තියෙන බව? අද ලිපියෙන් ඒ වගේ බයික් කීපයක් ගැන කතා කරමු.

  1. Triumph Rocket 3

වසර ගණනාවක් පුරා ලොව විශාලතම එන්ජින් ධාරිතාව සහිත බයික් එක විදියට නම් දරාගෙන ඉන්න මේ Rocket 3 බයික් එක inline 3 Cylinder 2.4 liter එහෙමත් නැත්නම් 2458cc එන්ජිමකින් බල ගැන්වෙනවා.අශ්වබල 165ක බලයක් ලබා දෙන මේ බයික් එකේ බර කිලෝ 291ක්.

  1. Harley Davidson CVO Limited

V Twin 1923cc එන්ජිමකින් බල ගැන්වෙන මේ බයික් එක හාර්ලි ඩෙවිඩ්සන් සතු විශාලතම එන්ජින් ධාවනය සහිත ෆ්ලැග් ශිප් යතුරුපැදියයි. අශ්වබල 107ක බලයක් ලබා දෙන මේ බයික් එක කිලෝ 414ක බරකින් යුක්තයි.

3. Indian Roadmaster Elite

ඇමරිකන් යතුරුපැදි නිශ්පාදකයෙක් වෙන ඉන්ඩියන් සමාගමේ මේ බයික් එක 1890cc V2 එන්ජිමකින් බල ගැන්වෙනවා. අශ්වබල 94ක බලයක් ලබා දෙන මේ බයික් එක කිලෝ 415ක බරකින් යුක්තයි.

  1. Yamaha Star Venture

ලොව ඉහල ධාරිතාවය සහිත ජපන් යතුරුපැදිය විදියට සැලකෙන මේ Star Venture බයික් එක V Twin 1854cc එන්ජිමකින් බල ගැන්විලා තියෙනවා.අශ්වබල 92ක බලයක් ජණනය කරන මේ බයික් එකේ බර කිලෝ 434 ලෙසට සටහන් වෙනවා.

  1. Honda Gold Wing

ලොව සැපහසුම බයික් වලින් එකක් වෙන Gold Wing බයික් එක Box 6 1833cc එන්ජිමකින් බල ගැන්වෙන අතර අශ්වබල 125ක බලයක් ලබා දෙනවා. මේ බයික් එකේ බර කිලෝ 379කි.

  1. BMW R18

මේ බයික් එක Twin Boxer 1802cc එන්ජිමකින් බල ගන්වා තිබෙනවා.අශ්වබල 91ක බලයක් ජනණය කර දෙන මේ බයික් එක සම්පූර්ණ බර කිලෝ 340ක් වනවා.

  1. Suzuki Boulevard

Suzuki Intruder යන නමෙනුත් හදුන්වන මේ බයික් එක 1783cc V Twin එන්ජිමකින් බල ගනවා තිබෙනවා. අශ්වබා 127ක බලයක් ලබා දෙන මේ බයික් එක කිලෝ 347ක බරකින් යුක්තයි.

  1. Kawasaki Vulkan

1700cc V Twin අශ්වබල 73ක් පමණක් ජණනය කරනා එන්ජිමකින් එන මේ බයික් එක කිලෝ 406ක බරකින් යුක්තයි.

මේ ලිස්ට් එකේ තියෙන්නේ මේ වෙනකොටත් ලෝකයේ නිශ්පාදනය වෙන බයික් කිහිපයක් විතරයි. නිශ්පාදනය නවතා දැමු බයික් හෝ කස්ටම් ඩිසයින් මේකට ඇතුලත් කරලා නෑ. ඒ වගේම මේ බයික් වල පොදු ලක්ශනය වේගයට වඩා සැපහසුව ලබා දීම. මේ නිසා මේ බයික් වල එන්ජින් ධාරිතාවය වැඩි උනත් වේගය සාපේක්ෂව 600cc යතුරුපැදියකට වඩා අඩුයි.

Facebook Comments
Share
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!