General Reviews

Brand new sport bikes in Sri Lanka with latest price

තවත් ගොඩක් අය අපිට යොමු කරන ප්‍රශ්නයක් තමා මොනාද ලංකාවේ අලුතෙන් ගන්න තියෙන Sports Bike කියන එක. සාමාන්‍යයෙන් CBR Gullarm වගේ බයික් එකක් ලක්ශ 6කට විතර ගන්න පුලුවන් උනත් ඒක වේගවත් උනත් හේතු කිහිපයක් නිසා සමහර අය තමන්ටත් වඩා වයසින් වැඩි මේ වගේ බයික් ගන්න බයයි ඒකට හේතු විදියට වගකීමක් නොලැබීම, නීත්‍යානුකූල බාවයේ ගැටලු වගේම නඩත්තු පිරිවැය. ඉතින් ඒවගේ අය ගන්න හොඳම තීරණය Brand New බයික් එකකට යන එක. මෙන්න මේව තමා ලංකාවේ Brand new Sports Bikes.

1. KTM RC 390

මේක තමා මේ බයික් අතර මිල අදිකම සහ බලගතුම වේගවත්ම බයික් එක වෙන්නේ. 373cc  DOHC Liquid Cool EFi එන්ජිමකින් එන මෙයා අශ්වබල 44ක බලයක් ලබා දෙනවා.

මිල රුපියල් 1,606,950 වෙනවා.

2. TVS Apache RR 310

312cc DOHC 4 Liquid Cool EFI එන්ජිමකින් එන මෙයා අශ්වබල 34ක් ලබා දෙනවා. දන්න තරමින් නම් මේ බයික් 3ක් හෝ ඊටත් අඩුවෙන් තමා අලෙවි වෙලා තියෙන්නේ ඒ වගේම මේක තමා ලංකාවේ මිල අධිකම ඉන්දියන් බයික් එක.

මිල ලක්ශ 13කට ආසන්නයි.

3. Suzuki Gixxer 250 SF

250cc කාණ්ඩයේ අඩුම බලයක් සහිත Sports Bike එකක් වෙන මේක 249cc Oil Cool එන්ජිමකින් අශ්වබල 26ක් ලබා දෙනවා. කොහොම උනත් KTM RC 125 වගේ බයික් පවා Liquid Cooling System එකක් ලබා දෙනකොට මේ 250 එකට Oil Cool ලබා දීම cost cutting trick එකක් වෙන්න පුලුවන්.

මිල රුපියල් 834,900 ලෙසට සඳහන් වෙන්නේ.

4. Honda CBR250R Fireblade

250cc Brand New බයික් අතර ලංකාවට මුලින්ම ආපු මෙයා අශ්වබල 27ක් ලබා දෙන 249cc PGM-FI එන්ජිමකින් බල ගන්වලා තියෙනවා.

මිල රුපියල් 765,900 ලෙසට සටහන් වෙන්නේ.

5. KTM RC 200

200cc කාණ්ඩයේ හොඳම පිකප් එකක් සහිත මේ RC 200 බයික් එක 199cv DOHC Liquid Cool EFI එන්ජින් එකෙන් අශ්වබල 25ක් ලබා දෙනවා. ඒ වගේම මේ බයික් එක 90%ම RC390 එකට සමානයි.

මිල රුපියල් 735,950 වනවා.

6. Bajaj Pulsar RS 200

199cc අශ්වබල 25ක බලයක් සහිත EFI එන්ජිමකින් බල ගන්වා තිබෙනවා. 200 බයික් සෙට් එකේ හොඳම Top End Performance සහිත බයික් එකක් ලෙසට සැලකෙන මේ RS200 ලංකාවේ වෙලඳපොළට ආපු පලවෙනි ABS සහ FI සහිත බයික් එක වෙනවා.

මිල රුපියල් 637,950

7. Yamaha YZF R15 V3

150cc උනත් Performance පැත්තෙන් ඉතාම හොඳ බයික් එකක් කියල මේ R15 එකට කියන්න පුලුවන්. මෙයා 155cc DOHC EFI එන්ජිමකින් බල ගන්වලා තියෙනවා. ඒ වගේම VVA තාක්ෂණය නිසා අශ්වබල 19ක් ජණනය කරනවා. එන්ජින් එක සහ වේගය සුපිරි උනත් මේ බයික් එකේ Overall Build Quality එක සහ Plastic Quality එක ගැන නම් සෑහිමකට පත් වෙන්න අමාරුයි.

මිල රුපියල් 617,750 විදියට සටහන් වෙනවා.

8. KTM RC 125

125 බයික් අතරට අලුතෙන්ම එකතු උන මේ RC 125 අශ්වබල 15ක 4 valve EFI එන්ජිමකින් බල ගන්වා තිබෙනවා. ඒ වගේම මේ බයික් එක ප්‍රමාණයෙන් සහ බොහෝ මානයන් ගෙන් RC 200 එකට සමානකම් දක්වනවා.

මිල රුපියල් 599,950 ලෙසට සටහන් වෙන්නේ.

9. Suzuki Gixxer 150 SF

මේ බයික් එක තමා මිල අඩුවෙන්ම දැනට ලංකාවේ ගන්න තියෙන Brand New Sports බයික් එක. මිල වගේම බලය සහ Specs අඩු මේ බයික් එක 155cc 2 Valve air cool එන්ජිමකින් බල ගන්වලා තියෙනවා. උපරිම බලය අශ්වබල 14ක් පමණයි.

මිල රුපියල් 499,900 ලෙසට සටහන් වෙනවා.

මේ තියෙන්නෙ මේ පොස්ට් එක ලියන වෙලාවේ ලංකාව තුල ගන්න පුලුවන් Brand New Sports bikes ටික සහ ඒවයේ මිල ගනන්. මේව දැණුම් දීමකින් තොරව ඕනෑම වෙලාවක වෙනස් වෙන්න පුලුවන්.



Facebook Comments
Share
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!