General

Coronavirus impact on Two – Wheelers segment

මේ පෝස්ට් එක ලියන වෙලාව වෙනකොටත් ලෝකය පුරා මිලියන 10කට වඩා පිරිස අතර ව්‍යාප්ත වෙලා තියෙන මේ වෛරසය නිසා ලක්ෂ 5කට අධික පිරිසක් මිය ගිහින් අවසානයි. මේ වෛරසයෙන් සියලුම ව්‍යාපාර ක්ෂේත්‍රයන් අතර වගේම අලුත උපන් බිලිඳා ගේ සිට මරණයට පත් නිසල සිසුරු දක්වාම දැඩි බලපෑමක් එල්ල වී තිබෙනව. මේ අතුරින් Bikers Hub අපේ මාතෘකාව යතුරුපැදිය එහෙමත් නැත්තම් Bikes නිසා ඒ ගැන කතා කරමු.

ඉන්දියාවේ තත්වය

ලංකාවේ Brand New බයික් මාකට් එකේ 98% පමණ කොටස ඉන්දියානු බයික් වලින් තමා සපිරෙන්නේ ඉතුරු 2% තායිලන්තය, ජපානය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ කොරියාව වගේ රටවල් වලින් එන බයිස්.මේ නිසා ඉන්දියාවට වෙන බලපෑම කෙලින්ම ලංකාවට බලපානවා මොකද Bajaj, TVS, Hero වගේ ඉන්දියානු සමාගම් වගේම KTM, Yamaha, Honda, Suzuki වගේ ඉන්දියාව සමඟ සහයොගි සමාගම් හැම එකක්ම වගේ බයික් ලංකාවට එවන්නේ ඉන්දියාව හරහායි.

මාස 2ක කාලයක් කර්මාන්තශාලා ද ඇතුලුව වසා දැමීම, ඉතාම අඩු මුදලට පාඩු සහිතව පැරණි BS4 මාදිලි බයික් විකුනා තොග අවසන් කිරීමට සිදු වීම, රජයේ බදු සහ කොරෝණා ආධාර වැඩසටහන් සඳහා අනුග්‍රහය දැක්වීම වගේම වරායවල් සහ ගුවන් තොටුපොලවල් වසා දැමීම එක්ක ලොව පුරා රටවල් 70කට අධිකව අලෙවි වෙන Bajaj, TVS ඇතුලු යතුරුපැදි වල ඉල්ලුම කෝරොනා තත්වය නිසා පහත වැටීම මේ සියල්ලටම හේතු වෙනවා මේ තත්වය ඉන්දියාවට පමණක් නෙමෙයි ලොකයේ සෑම රටකටම බලපා තිබෙනවා කොටින්ම ඇමරිකාවේ හාලි ඩේවිඩ්සන් සමාගම පවා අන්ත අසරණ වෙලා තියෙනවා.

ඉහත කිව්ව කාරණා නිසා යතුරුපැදි නිෂ්පාදනයන් හට සියලුම යතුරුපැදි වල මිල ගනන් ඉහල දැමීමට සිදු වී තිබෙනවා. මෙයට ප්‍රධානම හේතුව සේවකයන් ගේ වැටුප් සහ බදු ගෙවීමට අවශ්‍ය මුදල් සපයා ගැනීමයි. සාමාන්‍යයෙන් ඉන්දියාවේ සියලුම යතුරුපැදි මෙරට මුදලින් රුපියල් 5000 සිට 10,000 දක්වා මුදලකින් වැඩි වී තිබෙනවා.

මෙරට බලපෑම

මෙරට තත්වය තරමක් වෙනස්. පසුගිය දවසට නිවේදනය කරපු ගැසට් එකට අනුව අත්‍යාවශ්‍ය ද්‍රවය හැර අනෙකුත් දේවල් මාස 3කට හො නැවත දැණුම් දෙන තුරු ආනයනය සීමා කර තිබෙනවා. මේ අතරට ඉලෙට්‍රොනික උපකරණ (TV, Fridge, Laptop, Smarphone ආදි) අත්‍යාවශ්‍ය නොවන ඇගලුම් සහ මෝටර් රථ සහ යතුරුපැදි අයත් වෙනවා. මේකත් එක්ක අලුත්ම BS යතුරුපැදි වර්ග ලංකාවේ දැනට බලාගන්නට ලැබෙන්නේ නැහැ.

මාස 3කට ආසන්නව වසා තිබ්බ රටත් එක්ක මෙරට සියලුම යතුරුපැදි ආනයන කරන සමාගමුත් තම යතුරුපැදි වල මිල ගණන් යම් ආකාරකින් ඉහල දැමීමට තීරණය කර තිබෙනවා ඒ තම සේවා ස්ථාන සහ වියාපාරයේ මෙහෙයුම් කටයුතු අඩාල නොකරගෙන පවත්වාගෙන යෑමටයි.

Finance සහණයේ බලපෑම

කෝරොනා හාන් කවිසයක් වත් නැති කාලෙක බයික් එකක් ගත්ත කෙනෙක් නම් ඔබ මේ වෙනකොට මාස 3ක හෝ මස 6ක ෆිනෑන්ස් සහනය ලබාගෙන ඇති මෙය යතුරුපැදි ක්ෂේත්‍රයට වඩා වාසි සහත උනේ රෝද 3 සහෝදරයන් හට. කොහොම උනත් සැලකිය යුතු මට්ටමකින් ෆිනැන්ස් සමාගම් වලට ගලා එන මුදල් අඩු වීමත් එක්ක ඔවුන්ටත් සිදු වෙලා තිබෙනවා මූලික ගෙවීම 30% සිට 40% හෝ 50% දක්වා තාවකාලිකව වැඩි කරන්න.

උපදෙස් කිහිපයක්

ඔයාට කරන්න පුලුවන් දේවල් කිහිපයක් තියෙනවා.

  1. සල්ලි ටිකක් පරිස්සමින් එකතු කරලා ගන්න ඉන්න බයික් එකට 40% වත් අඩුම හදාගන්න මෙකෙන් ෆිනෑන්ස් කම්පනි එකට වඩා වාසිය වෙන්නේ ඔයාටයි මොකද වාරික සහ වාරිකයක වටීනාකම අඩු වෙනවා.
  2. මුදල් එකතු කරගෙන ආයෙමත් 30% තත්වය එනතෙක් ඉවසන් ඉන්න. (නමුත් ස්තීර දිනයක් පැවසිය නොහැකියි.)
  3. රුපියල් ලක්ශ 5කට අඩු නිශ්පාදිත වර්ශය වසර 3කට නොඅඩු අඩු ධාවන මට්ටමේ පාවිච්චි කරපු බයික් එකක් මිලග ගන්න බලන්න.

ස්තුතියි.

Facebook Comments
Share
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!