General Reviews

Hornet 250 vs KTM Duke 250 which on is the best?

අද කතාකරන්නෙත් කට්ටියට තියෙන ලොකු ප්‍රශ්නයක් ගැන.

ගොඩක් අය පෝස්ට් දාල මැසෙජස් දාලා අහන දෙයක් ගැන. KTM Duke 250 ද Honda Hornet 250 ද හොඳම බයික් එක? මේ ගැන අද සරළව තේරුම් කරන්නම්.

Honda Hornet කියන්නේ 1996 ඉදල 2007 වෙනකම් නිෂ්පාදනය කරපු 250 කාණ්ඩයේ බලගතු සිලින්ඩර 4ක 40hp බලයක් තියෙන බයික් එකක්. මේ බයික් එකේ නිෂ්පාදනය නවත්තලා මේ වෙනකොට අවුරුදු 12ක් විතර ගෙවිලා ගිහින් තියෙන්නේ ඒ වගේම මේ බයික් එකේ වේගය, සැපහසුව හැරුනම වෙන විශේෂ දෙයක් නැති තරම්.

KTM Duke කියන්නෙ 2017 ඉදල නිෂ්පාදනය ආරම්භ කරපු වර්තමානයට ගැලපෙන නවීන තාක්ෂණය සහ පෙනුමත් එක්ක එන බයික් එකක්. වේගය නම් හොනට් එකට සමාන නැහැ. අශ්වබල 30ක එන්ජින් එකක් තමා මේ බයික් එකට තියෙන්නෙ. දෙකම 250 උනාට Duke එකේ එන්ජිම තනි සිලින්ඩර නිසා Hornet එකට සාපේක්ෂව වේගය සහ බලය අඩුයි.

බයික් දෙකේ වේගයක් සන්සන්දනය කලොත් Duke එකේ Stock speed එක 165kmph විතර වෙනවා. Hornet එක නම් කිසිම ගැටලුවක් නැතුව 170kmph – 180kmph වේගය ලන් වෙනවා. වේගය අතින් සහ බලය අතින් ඉහලින්ම Hornet ජයග්‍රහණය කරනවා.

Frame

ෆ්‍රේම් එක එහෙම නැත්තම් චැසිය ගැන කිව්වොත් Duke 250 එකේ Split trellis frame එකක් බලාගන්න ලැබෙනවා. මේක නවීනතම Chassis Category එකක් නිසා වර්තමානයට ගොඩක් ගැලපෙනවා. ඒ වගේම බරින් අඩුයි.

Hornet 250 චැසිය සාම්ප්‍රදායික Diamond Frame එකක් මේ Frame එක බරින් වැඩි වගේම අනතුරකදි චැසිය ඇද වෙන්න තියෙන ඉඩත් වැඩි. ඒ වගේම මේ බයික් රීකන්ඩිශන් නිසා කලින් මොන වගේ අනතුරු වලට මූන දුන්න ඒවද චැසි ඩැමෙජ් උන ඒවද කියල සමහර විට දැනගන්නත් අමාරුයි. එහෙම චැසි ඇද උන බයික් එකක් ගත්තොත් ඔයාගෙ හොනට් හීනෙට දෙවිපිහිටයි.

ඉන්ධන කාර්යක්ෂමතාව

Duke 250 එකේ නවීනතම BOSCH EFI සිස්ටම් එකක් තමා බලාගන්න ලැබෙන්නේ මේ නිසා බයික් එකේ මිස් කිරිලි නිතර කාබ් ටියුන් කිරිම් වගෙ දේවල් නම් කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ.ඉන්ධන කාර්යක්ෂමතාවත් පෙට්‍රල් ලීටර එකකට කිලෝමීටර් 30ත් 35ත් අතර තියෙනවා.

Hornet 250 බයික් එකේ නම් සාම්ප්‍රදායික CV කාබ් එක තමා බලාගන්න ලැබෙන්නේ Chassis 120 ඉදල Throttle position sensor carb එකක් ආවත් ඒකෙනුත් ඉන්ධන කාර්යක්ෂමතාවට ලොකු වෙනසක් සිදු උනෙ නැහැ. ඒ වගේම කාබ් නිසා EFI බයික් එකකට සාපේක්ෂව tune කරන්න වෙන වාර ගානත් වැඩියි. ඉන්ධන කාර්යක්ෂමතාව පෙට්‍රල් ලීටර එකකට කිලෝමීටර් 20ත් 25ත් අතර අගයක් ගන්නවා.

මීටර් එක

Duke 250 සතුව නවින Fully Digital Meter එකක් බලාගන්න පුලුවන්. මේකේ Speed, RPM, ODO,Trip,Time,Engine Temperature වගේම Average fuel consumption වගේ දේවල් පවා බලාගන්න ලැබෙනවා. ඒ වගෙම මේ බයික් එකේ සියලුම දේවල් ECU එක හරහා අධ්‍යයන වෙන නිසා බයික් එකේ මොකක් හරි සුලු ගැටලුවක් ආවත් ඒක Meter එකේ Code එකකින් පෙන්නුම් කරනවා.

Hornet 250 එකේ නම් Analog Meter එකක් තමා බලාගන්න හම්බ වෙන්නේ 90 දශයකයට අයිති බයික් එකක් හැටියට නම් ඒක ලොකු අඩුපාඩුවක් නෙමෙයි නමුත් 2019 වසරට සහ Duke 250 එකට සන්සන්දනය කලාම නම් කල්පැනපු ගතියක් තියෙන්නේ. මේ මීටර් එකේ Speed,ODO,Trip සහ RPM බලාගන්න හම්බ වෙනවා. මීට අමතරව Fuel Gauge එකත් පෙන්නුම් කරනවා හැබැයි Chassis 120ට කලින් බයික් වල නම් Fuel Gauge එකක් වෙනුවට එන්නේ Engine Temperature Gauge එකක්.

Brakes

Brakes අතින් ගත්තම Duke එකේ ඉස්සර 300mm Disk එකක් සහ පසුපස 230mm Disk එකක් එක්ක BOSCH Dual Channel ABS බලාගන්න ලැබෙනවා.නමුත් හොනට් එකේ 296mm Disk එකක් සහ පසුපස 230mm Disk එකක් එන්නේ. ABS බලාගන්න ලැබෙන්නෙත් නෑ මොකද හොන්ඩා ABS තාක්ෂණය මුල් වරට Hornet යතුරුපැදියකට එකතු කරන්නෙත් 2007 වසරේ දි Hornet 600 එකට. ඒ වෙනකොට Hornet 250 නිෂ්පාදනය නවත්වලා ඉවරයි.

තවත් කාරණා කීපයක් කිව්වොත් හොනට් එකේ සාමාන්‍ය Halogen Lights බලාගන්න ලැබෙනවා. නමුත් Duke එකේ LED Lights සහ DRLs බලාගන්න පුලුවන්. Design එක අතින් Hornet තරමක් Old School උනත් Duke 250 Modern look එකට ගැලපෙන්න ඉන්නවා. ටයර් වල ප්‍රමාණය සහ Grip එක Hornet එකේ වැඩි උනත් Braking response එක වඩා හොඳ අගයක තියෙන්නේ Duke 250 එකේ හේතුව ABS.

Suspension විදියට WP USD suspension බලාගන්න ලැබෙන්නේ Duke එකේ විතරයි. Hornet එකේ නම් එන්නේ සාමාන්‍ය Telecopic showa suspension. මේ නිසා Duke එකේ Premium look එකත් වැඩි.

අවසාන වශයෙන් කියන්ම තියෙන්නේ වේගය ගැන විතරක් හිතනවා නම් Hornet 250 එකකට ඔයාට යන්න පුලුවන්. නමුත් overall හැම දේම ඕන නම් Duke 250 එක තමා ගැලපෙනම බයික් එක ඒ වගේම Recondition bike එකක් ගන්න බයයි නම් ඔයාට තියෙන විසදුමත් Duke 250 මොකද Brand new ඒ වගෙම වසර 2ක වගකීමත් හිමි වෙනවා. දෙකම හොඳ බයික්ස් නමුත් මෙතන කාලානුරූපව සැසදීමක් කලොත් Duke 250 ඉස්සරහෙන් ඉන්නවා.

මොකද්ද ඔයාගෙ අදහස?

Facebook Comments
Share
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!