General Mechanical

Mono vs. Dual Shock ගැන දැනගනිමු

Mono vs. Dual Shock ගැන දැනගනිමු

1913දී තමයි මෝටර්සයිකල් ෂොක් ඇබ්සෝබර්ස් නිර්මාණය වෙන්නෙ. බයික් එක ධාවනය කරන විවිධ මාර්ග තත්වයන්වලදී බයික් එකට ප්‍රතිවිරුද්ධව ඇතිවන බලපෑම අඩුකරලා ධාවකයාට සුවපහසු ධාවනයක් ලබාදීම තමයි මේකෙ අරමුණ වුනේ. ඉතින් අද වෙනකොට අපේ අය කතා බහට ලක්වෙන මාතෘකාව තමයි මොනෝද ඩුවල්ද වඩා හොඳ කියන එක. ඉතින් අපි බලමු මේ වර්ග දෙක ගැනම අද.

Twin-Shock තමයි මුලින්ම නිර්මාණය වෙන්නෙ. ඒ off-road motorcycles වලට. 80 දශකයෙන් පස්සෙ තමයි මොනෝ ෂොක් කරලියට එන්නෙ. කෙලින්ම swingarm එකට සම්බන්ධවුනු තනි ෂොක් එක නිසා බයික් එකේ handling සහ breaking බ්‍රේකින් හොඳයි. පාරෙ තියන 90%ක් බයික් වල සස්පෙන්ශන් upgrade කරලා නෑ. adjust කරන්න තියන ඒවා adjust කරගෙනවත් නෑ. ඒ තරමට අපේ අය ඒ ගැන හිතන්නෙවත් නෑ. හැබැයි තමුන්ගෙ riding comfort එකට බයික් එකේ performance වලට ලොකු බලපෑමක් මේ සස්පෙන්ශන් වලින් වෙනවා. හැබැයි හැම තිස්සෙම මොනෝ ෂොක් එක හොඳත් නෑ. ස්කූටර් වලට එනකොට ඩුවල් ෂොක් තමයි smooth comfortable ride එකක් ලබාදෙන්නෙ. කොහොම වුනත් තමගෙ අවශ්‍යතාවය ගැලපෙන ෂොක් එක තමන් තීරණය කලයුතු වෙනවා.

ඩුවල් ෂොක්වල වාසි
වැඩි බරක් දරාගත හැකිවීම
බම්ප්ස් හොඳින් ග්‍රහණය කරගැනීම
රළු බිමේ සුමට ධාවනය
නඩත්තු වියදම් අවමවීම
චැසියට එන බර අවම කරදීම

ඩුවල් ෂොක්වල අවාසි
කලක් යනවිට ෂොක් දෙක අසමාන විය හැකි වීම
වංගු ගැනීමට හොඳ විශ්වාසයක් ලබා නොදීම
වේගයෙන් ධාවනය අපහසුවීම

මොනෝ ෂොක්වල වාසි
වංගු ගැනීමට පහසුවීම සහ වේගයේ ධාවනයේදී ස්ථාවරබව
උස් තැන්වලින් ධාවනයට හැකිවීම
Tune සහ adjust කිරීමේ පහසුව
Better handling and ride ability

මොනෝ ෂොක්වල අවාසි
නඩත්තු වියදම් වැඩිවීම
අධික බර දැරීමට නොහැකිවීම
ආයුකාලය අවම වීම

Facebook Comments
Share
  • 566
  •  
  •  
  •  
  •  
  •  
  •  
    566
    Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!