General Riding Tips

MotoGP ගැන පිස්සු හැදෙන කරුණු 15ක් (Part 2)

Moto GP ලිපියේ ඉතුරු කොටස…

8. රේසිං තරඟයකදි ධාවකයා ලීටර් 2කට ආසන්නව දහඩිය පිට කරන අතර මුලු ශරීර බරෙන් කිලෝ 4කට ආසන්නව මුදා හරියි.

9. රේසිං ධාවනයට යොදා ගන්නා ඇදුම් වල ඇතුලත කැංගරු හමෙන් සදා ඇති අතර මේ නිසා යතුරුපැදිය හැසිරවිමට මෙන්ම ඇදුම හැද සිටීමට වැඩි පහසුවක් හිමි වේ.

10.MotoGP ධාවකයන් බෝම්බ නිශ්ක්‍රීයකරුවෙකුට වඩා ආම්පන්න තරඟය අතරතුර පලඳියි. – හිස, ගෙල, අත්, වැලමිට, දනහිස, කොන්ද, මැනික් කටු, පපුව ඇතුලු සියලුම සන්දි ආරක්ෂාවන ලෙස මොවුන්ගේ ඇදුම් සකසා ඇත. මේ නිසා පැයට කිලෝමීටර් 250 ඉක්මවා ගැටීමක් වූවද බොහෝ විට සිදු වන්නේ සුලු ආබාදයන් පමණි. නමුත් රේසිං ධාවන පථය තුලම මිය ගිය සහ සදා එකතැන් වූ ධාවකයන් ද ඇත.  MotoGP ‍යතුරුපැදි හිස්වැසුමක් උඩින් රෝද 8ක කන්ටේනරයක් රැගෙන ගිය ද හානියක් නොවේ.

11.එක් ගියර් එකකින් තවත් ගියර් එකකට මාරු වීමට ගත කරන්නේ තත්පර 0.0009 තරම් ක්ෂණික කාලයකි.

12. ඔක්ටේන් 100 වැනි අති පිරිසුදු ඉන්ධන මේ යතුරුපැදි වලට යොදා ගන්නා අතර හදිසි අනතුරකදී යතුරුපැදිය ගිනි ගැනීමට ඇති ඉඩ මේ නිසා වැඩියි.

13. GP ධාවකයන් ගේ මතකය රේසිං පථය තුල දි ඉතාම කෙටිය ඔවුන් මේ සඳහා මනස පුහුණු කර ඇත.

එසේ නොමැති වුවහොත් තමා අනතුරකට පත් වුවහොත් පසු කාලීනව එම පථයේම ධාවනය කරන විට ඒ සිදුවීම නැවත නැවත ආවර්ජනය වීම නිසා තරඟය මතින් අවධානය ගිලිහී යා හැකි නිසා.

14. ධාවනයක් සහ ඔවුන්ගේ යතුරුපැදිය වලට වසරෙන් හරි අඩකට වඩා මවුබිමෙන් පිට සිටීමට සිදු වේ.

15. MotoGP යතුරුපැදියක් යම්කිසි කාල සීමාවකින් පසුව රේසිං ධාවන තරඟ වකින් ඉවත් කර විශ්‍රම ගන්වන අතර කිසි විටකත් අලෙවි කිරීම සිදු නොකරයි. නමුත් පසුගිය දෙසැම්බරයේ දි KTM තම 2015 MotoGP යතුරුපැදි දෙකක් මහජනයා හට මිලට ගැනීමට යුරෝ 250,000 කට සමාජ ජාලා වෙත මුදා හරින ලදි.

මේ වගේ දේවල් දැනගන්න දිගටම Bikers Hub එක්ක එකතු වෙලා ඉන්න.

Facebook Comments
Share
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!