General Mechanical

MotoGP ගැන පිස්සු හැදෙන කරුණු 15ක් (Part 1)

Bikers Hub අද කතා කරන්නේ MotoGP ගැන පිස්සු හැදෙන කරුණු 15ක් ගැන.MotoGP කියන්නේ මේ ලෝකේ යතුරුපැදි ධාවන අතර වැඩිම පිරිවැයක් දරණ ඉතාම ප්‍රසිද්ධ යතුරුපැදි ක්ෂේත්‍රයට නව සොයා ගැනීම බොහෝමයක් දායාද කල රේසිං ධාවන ඉසව්වක්. වසරේ පුරා මාස 9ක් පමණ පවත්වන මේ MotoGP තරඟ මාසයෙන් මාසයට තෝරාගත් රටවල් වල පවත්වනවා. මේ තරඟ සඳහා ප්‍රධාන වශයෙන් ඉතාලිය, ප්‍රංශය, ඇමරිකාව, ආර්ජන්ටිනාව, කටාරය වැනි රටවල් ඉලක්ක කරගන්නවා.ධාවන තරඟ කාණ්ඩ 3ක් යටතේ පවත්වන අතර ඒ Moto3 (250cc), Moto2(600cc) සහ Premium (1000cc) ලෙසට නම් කරනවා.පිස්සු හැදන කරුණු 15 දැන් කියන්නම්.

1. MotoGP Premium කාණ්ඩයේ යතුරුපැදියක වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 2 ඉක්මවයි.

* එනම් මෙම එක් යතුරුපැදියක් ලැම්බොර්ගිනි ගලාඩෝ මෝටර් රථයකට වඩා මිල අධිකය.* ගුවන් යානා සඳහා යොදාගන්නා ඉතාම මිල අධික බරෙන් අඩු අමුද්‍රවය වලින් සකසන මේ යතුරුපැදි සියල්ලම මිනිස් ශ්‍රමය මගින් අතින් එකලැස් කරනා එන්ජින් වලින් බල ගැන්වේ. මේ සඳහා විශාල කාලයක් සහ පිරිවැයක් වැය වේ.

* සෑම යතුරුපැදියක්ම මූලාකෘතියක් සේ සකසන අතර මේ යතුරුපැදි වල ඇති තාක්ෂයෙන් 50%ක් වත් අප භාවිතා කරනවා වෙලඳපොල ඇති වෙන කිසිදු යතුරුපැදියක නොමැත. (1000cc යතුරුපැදියක වත් නොමැත)* ජීපී යතුරුපැදි වලට යොදාගන්නා තාක්ෂණය ඒ අදාල යතුරුපැදි නිෂ්පාදන ආයතනයෙහි Research & Development කණ්ඩායම් විසින් පරීක්ෂා කර බලන අතර අද අප භාවිතා කරනා සාමාන්‍ය 1000cc යතුරුපැදියක ඇත්තේ මීට වසර 5කට එහා MotoGP යතුරුපැදි වල භාවිතා වු තාක්ෂණයයි.

* මෝටෝ ජිපී යතුරුපැදි වලින් ලබාගන්නා ආභාශය සහ සමහරෙක් තාක්ෂණය පසු කාලීනව සාමාන්‍ය යතුරුපැදි සඳහා ද යොදා ගනු ලැබීය. උදාහරණ ලෙස Cross plane crank shaft, quick shifter, Dry Clutch වැනි අංග පෙන්වා දිය හැකියි. එමෙන්ම අප එදිනෙදා දකිනා RC200 සහ RC390 යතුරුපැදි ද KTM Moto3 යතුරුපැදි ආභාශය ලැබු යතුරුපැදිය.

2. සෑම MotoGP යතුරුපැදියක්ම අශ්වබල 250ත් 260ත් අතර බලයක් ජණනය කරනා අතර පැයට කිලෝමීටර් 360ක පමණ උපරිම වේගයක් මෙම යතුරුපැදි වලට ලබා ගත හැකිය. එමෙන්ම මෙම යතුරුපැදි තත්පර 2.5කින් පැයට කිලෝමීටර් 100 ඉක්මවීමට තරම් බලසම්පන්නය.

3. ජීපී පථයේදි යතුරුපැදියෙහි සාමාන්‍ය වේගය සෑම විටම පැයට කිලෝමීටර් 250ත් 300ත් අතර වන අතරම වංගු වලදී සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 130ත් 150ත් අතර වේ.

4. GP යතුරුපැදියක Red Line එක 16,000RPM දක්වා ඇති අතර එක් තප්පරයකට පිස්ටනය 250 වතාවක් උඩ පහල යෑම සිදු වේ.

5.යතුරුපැදිය ධාවකයාගේ බර මෙන් දෙගුණයක් වන අතර යතුරුපැදිය හැසිරවීමට විශේෂ කායික පුහුණුවක් මොවුන් හට අවශ්‍ය වේ. කෙසේ වෙතත් මේ මෝටෝ ජීපී යතුරුපැදි මහා මාර්ග වල ගමන් ගන්නා යතුරුපැදි සමඟ සැසදු කල සාමාන්‍ය 250cc යතුරුපැදියකට වඩා බරෙන් අඩුයි.

* GP තරඟ වලදි ලබා ගන්නා වංගු වලදි ටයරයේ මුල් වර්ගඵලයෙන් ඉතාම කුඩා ප්‍රමාණයක් පමණක් පොලව සමඟ සම්භන්ද වන අතර මේ ප්‍රමාණය ක්‍රෙඩිට් කාඩ් එකක ඝනකමට සමාන වනවා.

6. මිහිපිට ඇත රථවාහන අතර Power to Weight Ratio ශේණිගත කිරීම් අනුව ඉහලින්ම ඇති රථයකි.* Power to weight ratio යනු රථයෙහි බර අශ්වබල ගණනින් බෙදා වෙන් කල පසු ලැබෙන අගයයි. මෙය යතුරුපැදියෙහි වේගයට ප්‍රධානව බලපායි.

7. මුලු යතුරුපැදිය පුරාම සංවේදක 500කට ආසන්නව ඇත. එමගින් ධාවකයාද රේසිං කණ්ඩායමේ කාර්යය මණ්ඩලය ද යතුරුපැදිය ගැන අවධානයෙන් සිටියි.

ඉතිරිය හෙට…

Bikers Hub©

 

Facebook Comments
Share
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!