General

Motorcycle Myths in Sri Lanka

ගොඩක් අය Smartphone Myths ගැන නම් අහලා ඇති හරියට අර රෑ එලි වෙනකම් චාජ් කරන්න එපා, ෆෝන් එක ගෙනාපු ගමන්ම පැය 6 චාජ් කරන්න වගේ කතා. අන්න ඒ වගේම කතා කිහිපයක්ම බයික් ගැනත් තියෙනවා අද අපි කතා කරමු ඒව ගැන.

1.  අලුත් බයික් එකක 40ට අඩුවෙන් යන්න

– මේකේ සත්‍යයක් නැත්තෙමත් නැහැ. නමුත් මෙතනදි වේගයට වඩා බලන්න ඕන RPM අගය අඩුවෙන් තියාගන්නයි.ඔයා කොච්චර හෙමින් ගියත් වැඩක් නෑ RPM එක 4000,5000ට වැඩියෙන් යනවා නම්.

2. උදේම බයික් එක කික් එකෙන් ස්ටාර්ට් කරන්න.

– සම්පුර්ණයෙන්ම මිත්‍යාවක්. එහෙනම් මේ වෙනකොට කික් නැති බයික් ඔක්කොම ලෙඩ දෙන්න පටන් අරගෙන.

3. හෙඩ් එක ඕෆ් කරලා ස්ටාර්ට් කරන්න.

– වර්තමානයේ නම් ගොඩක් බයික්ස් Onlight එන නිසා මේක බැටරියට බලපෑමක් නැහැ. නමුත් ඉස්සර නම් යම්තාක් දුරට මේක බැටරියට බලපෑවා මේ නිසා යම් සත්‍යයක් තිබෙනවා.

4. එන්ජින් කැපැසිටි එකට ගැලපෙන්න මිලක් ගෙවන්න.

– සම්පුර්ණයෙන්ම ම්ත්‍යාවක්, උදාහරණයක් හැටියට KTM Duke 125 EU බයික් එක සහ FZ V3 බයික් දෙක සසඳන්න FZ එක 150 උනාට අශ්වබල 13යි Duke 125 එක අශ්වබල 14.5යි. ඒ විතරක් නෙමෙයි ටයර් සයිස්,චැසිය, තාක්ෂණය, Dual Channel ABS සහ තවත් බොහෝ දේ Duke එක සතුයි. ඒ අනුව තේරුන් ගන්න ඕන දේ තමයි Capacity එක නෙමෙයි වැදගත් Specs කියන එක. මොකද Triumph Rocket 3 එක 2000cc උනාට ලෝකේ වේගවත්ම බයික් එක H2R එක 998cc කියල අමතක කරන්න එපා.

5. TPI Sensor Carb තෙල් කරනවා වැඩියි.

– සම්පුර්ණයෙන්ම මිත්‍යාවක්. සෙන්සර් කාබ් එකක් තිබුණ පලියට හොඳ ඉන්ධන කාර්යයක්ශමතාවක් ලබා ගන්න බැහැ. නමුත් EFI තාක්ෂණය සහිත බයික් වලට නම් සාපෙක්ශව හොඳ ඉන්ධන කාර්යයක්ශමතාවක් තිබෙනවා.

6. ඉදල හිටල 4 stroke බයික් වලටත් පෙට්‍රල් එක්ක 2T oil ටිකක් දැම්මට කමක් නෑ.

– සම්පුර්ණයෙන්ම මිත්‍යාවක්. ඔබ මේ වරද කරනවා නම් දැන්ම නවත්වන්න. කාබ් එක සහ ඉන්ටේක් වෑල්ව වලට හානි වෙන්න පුලුවන් මේ නිසා.

7. අධිබලැති යතුරුපැදි අනාරක්ෂිතයි, ලංකාවේ මේ යතුරුපැදි ධාවනය කරන්න මාර්ග නැහැ.

– වාසියට ගොතා ගත් තවත් මිත්‍යාවක්. වර්තමානයේ අපි ධාවනය කරන සියලුම යතුරුපැදි වලට වඩා 600 කාණ්ඩයෙන් ඉහල යතුරුපැදි ආරක්ෂාකාරි, ABS, Traction Control, Steering Damper, Riding Modes වැනි අංග සමඟයි වෙලඳපොළට නිකුත් වෙන්නේ.

8. ශෝරුම් වලට වඩා මිල අඩුවෙන් Head Office එකෙන් බයික් එකක් ගන්න පුලුවන්.

– තවත් අංක එකේ මිත්‍යාවක්. සිල්ලර කඩ සහ තොග කඩ වල වෙලඳාම් වෙන විදියට යතුරුපැදි අලෙවි වෙන්නෙ නෑ. ලංකාවම පුරාම සෑම අලෙවි නියෝජිතයෙකුම යතුරුපැදි අලෙවි කරන්නේ සම්මත මිලකමටම පමණයි.

9. Octane 95 ගැහුවම තෙල් කරනවා වැඩියි.

තවත් මිත්‍යාවක්, මෙරට ඔක්ටෙන් 95 පිරිසිදු 95 ඔක්ටෙන් ද නොවන වග කුප්‍රකට රහසක් ඉතින් එහෙව් තෙල් වලින් ඉන්ධන පිරිමැසෙන්නේ කෙසේද කියා මමත් නොදනී.

10. හැම බයික් එකටම 95න්ම ගන්න ඕන.

– මිත්‍යාවක්. EFI යතුරුපැදියකට හැර අනෙකුත් යතුරුපැදි වලට ඔක්ටේන් 95 යෙදිම අත්‍යවශ්‍ය නොවේ. ඒකෙන් වෙන්නේ නිකම්ම 95 ඔක්ටෙන් සඳහා යොදාගන්නා වර්ණක කාබ් එකේ සහ ටැංකියේ බැඳීම පමණි.

11. ෆුල් ෆේස් දාන්න ඕන ලොකු බයික් වලට විතරයි.

පුහු මාන්නයෙන් ඔලුව උදුම්මාගත් අයගෙ තවත් මිත්‍යාවක්, හැකි සෑම විටම නිසි තත්ව සහතික සහිත Full Face හිස් වැසුමක්ම පලදින්න ඔබ පදින්නේ Scooter එකක් ද, මදුරුවෙක්ද CT 100 එකක් ද යන්න ඔබේ ආරක්ෂාවට අදාල කරුණක් නෙමෙයි.

12. ලංකාවේ රෙජිස්ටර් කරන්න පුලුවන් 250cc වෙනකම් විතරයි.

මිත්‍යාවක්, නිසි ආකාරයට බදු ගෙවිම් කර ආනයනය කරන ඕනෑම යතුරුපැදියක් රුපියල් 5000කටත් වඩා අඩු මුදලක් වැය කර ලියාපදිංචි කල හැකියි. උදාහරණයන් ලෙස DPMC විසින් ආනයනය කරනා KTM Duke 390, RC390 සහ Bajaj Dominar 400 පෙන්වා දෙන්න පුලුවන්.

මීට අමතරව ඔයාලත් අහලා තියෙන දන්න කියන කතන්දර ගැන පෝස්ට් එක යටින් කමෙන්ට් එකක් දාන්න.

Facebook Comments
Share
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!