General Riding Tips

Motorcycles for Short Riders in Sri Lanka

 

1. Bajaj Avenger 160 Street ABS

Cruising කාණ්ඩයේ බයික් එකක් වෙන මේ ඇවේන්ජර් ඉතාම සැප පහසු වගේම ඉහල ඉන්ධන කාර්යයක්ශමතාවක් ලබා දෙන උසින් අඩු අයටත් ගැලපෙන බයික් එකක්. ඒ වගේම මේ බයික් එක ABS බ්‍රේක් වලිනුත් සමන්විතයි.

සීට් හයිට් එක 730mm
බර කිලෝග්‍රෑම් 150

2. Suzuki Intruder 150

මේ සුසුකි බයික් එකත් ටිකක් පෙනුමෙන් අමුතු උනාට සැපපහසු බයික් එකක්. ඇවේන්ජර් තරමටම හොඳ ඉන්ධන පිරිමැස්මක් බලාගන්න ලැබෙන්නෙ නැහැ. ඒ වගේම මිලත් ලක්ෂ 5කට ආසන්නයි. කොහොම උනත් මේකත් උසින් අඩු අයට හොඳ බයික් එකක්.

සීට් හයිට්  740mm
බර කිලෝග්‍රෑම් 148

3. Haujue GN 125

Suzuki GN 125 කියන්නෙ අපි කවුරුත් දන්න සුපිරිම බයික් එකක් නමුත් Suzuki සමාගම මේ බයික් එක ආනයන කර අලෙවි කලත් මේක 100% මේ වෙනකොට නිෂ්පාදනය වෙන්නේ චීනයේ ඒ නිසා ඉස්සර GN එකෙන් බලාපොරොත්තු වෙන්න බැරි වෙයි.

සීට් හයිට් 735mm
බර කිලෝග්‍රෑම් 130

4. Bajaj Discover 125

මේ බයික් එකත් ඉහල ඉන්ධන පිරිමැස්මක් සහිත එදිනේදා වැඩ වලට කියාපු බයික් එකක්. මේ බයික් එක තරමක් අනිත් බයික් වලට වඩා උසින් වැඩි උනත් අඩු බර නිසා හසුරුවාගන්න පහසුයි.

සීට් හයිට් 800mm
බර කිලෝග්‍රෑම් 122

5. Bajaj CT 100

පෙට්‍රල් ලීටර එකකට කිලෝමීටර් 100 පමණ කිසිම කරදරයක් තොරව දාවන කරන්න පුලුවන් මේ CT 100 ලංකාවේ පෙට්‍රල් වැඩකාරයා විදියටත් හදුනවනවා නඩත්තු අවම පොකට් එකට වාසි මේ බයික් එකත් Discover එකේ උසටම සමානයි

සීට් හයිට් 800mm
බර කිලෝග්‍රෑම් 110

6. Bajaj Platina 100 ES

පෙට්‍රල් ලීටර එකකට කිලෝමීටර් 80කට වඩා පදින්න ඉඩ සලසන ඒ වගේම දිග සීට් එකකින් එන කාටත් ලේසි කාටත් පහසු මේ ප්ලැටිනා බයික් එකත් උසින් අඩු අයට හොද තෝරාගැනිමක්.

සීට් හයිට් 807mm
බර කිලෝග්‍රෑම් 111

7. Honda CB Twister 110

තරුණ අයටත් ගැලපෙන හොන්ඩා වෙතින් එන Twister බයික් එකත් කොට කෙනෙකුත් හොඳ තෝරාගැනීමක් නමුත් මේ බයික් එකේ ඉතාම සිහින් ටයර් සහ කිලෝග්‍රෑම් 108ක බර නිසා තරමක අනාරක්ෂිත බවකුත් තිබෙනවා.

සීට් හයිට් 800mm

8. Honda Navi

කුඩා හුරුබුහුටි මේ බයික් එකත් උසින් අඩු අයෙකුට ගැලපෙනවා. නමුත් මේ වෙනකොට මේ බයික් එකේ නිෂ්පාදනය නවතා ඇති නිසා සහ ඉතාම අඩු විකුණුම් මිලක් ඇති නිසා දෙපාරක් හිතලා බලන්න වෙනවා.

සීට් හයිට් 765
බර කිලෝග්‍රෑම් 100

9. Yamaha TW 200

ජපන් යතුරුපැදි අතර නඩත්තුව අවම සාක්කුවට වාසි මේ බයික් එකත් උසින් අඩු අයෙකුට ගැලපෙනවා. නමුත් ලංකාවේ මේ බයික් Brand New ගන්න නැති නිසාත් වගකීමක් ලබා දෙන්න ආයතනයක් නැති නිසාත් හොදින් හොයලා බලලා තමා ගන්නවා නම් ගන්න වෙන්නේ.

සීට් හයිට් 790mm
බර කිලෝග්‍රෑම් 128

මීට අමතරව ස්කුටර් උනත් උසින් අඩු අයට ගැලපෙන බව මතක් කල යුතුයි.





Facebook Comments
Share
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!