General Reviews

NS160 හැඩකාරයා පිළිබඳ ඔබ දැනගත යුතුම කරුණු 10ක්

ලංකාවේ දැනට ඇති 150/160cc බයික් අතරින් ගෙවන මුදලට ලොකු වටිනාකමක් ඇති බයික් එකක් තමයි NS160 කියන්නේ..

  1. 160.3cc, 4 Stroke, SOHC 4 Valve, Oil Cooled, Twin Spark DTS-i එන්ජිමකින් මෙයමෙය සමන්විතයි . Oil Cooled එන්ජින් එක නිසා ඕනෑම Riding Condition එකක්දී එන්ජින් උෂ්ණත්වය හොඳින් පාලනය වෙනවා.
  2. ඊට අමතරව 8500RPM එකක්දී අශ්ව බල 15.5 ක උපරිම බලයක් ලබා දීමට සමත් මේ යතුරුපැදියට 0-60Kmph වලට ලඟා වීමට තත්පර 5.6 ක පමණ කාලයක් ගත වේ..
  3. ඉදිරිපස 130mm Telescopic with Anti-friction Bush Suspension එකක් හා පසුපස 120mm Nitrox mono shock absorber with Canister Suspension ලබා දී තියෙනවා.
  4. ඉදිරිපස 90/90 -17 49 P Tubeless tyre , පසුපස 120/80 -17 61 P Tubeless tyre ලබා දී තිබෙන අතර , මෙහි පිටුපස තිබෙන පළල් විශාල ටයර් එක නිසා පාර සමග හොඳ Grip එකක් රඳවා
    ගැනීමටත් ගැස්සිලි පැද්දිලි නැති සුමට ධාවනයටත් ඉවහල් වෙනවා.
  5. මෙහි ඉන්ධන ටැංකි ධාරිතාව 12L වන අතර ලීටරයට 40-45Km පමණ දුර ගමන් කල හැකි මෙහි රිසව් ලීටර් 2.4 මෙහි ගබඩා වෙනවා. අදාල එන්ජින් Capacityයට 142Kg වන මෙහි බර හොඳින්ම ගැලපෙන නිසා කොපමණ වේගයෙන් ගියත් බයික් එක ස්ථාවරව පවත්වා ගන්න පුලුවන්.
  6. ඒ වගේම underbelly exhaust සයිලන්සරය යොදා ගෙන තිබෙන අතර එය බයික් එකට හොද පෙනුමක් ගෙන එනවා.එමෙන්ම හදිසි අනතුරකදී වූවද සයිලන්සරයට වන හානිය අවම කර ගත හැකියි.
  7. ඒ වගේම මෙහි ඇති Twin Disc Brakes නිසා Riderගේ Safetyයත් brake කිරීමදී Stopping power එකත් ඉතා වැඩියි. ඉදිරිපස 240mm සහ , පසුපස 230mm brakes මෙයට ලබා දී තිබෙනවා.
  8. ඊට අමතරව බයික් එකේ සමබරතාවයට, වේගයෙන් යාමේදී දෙදරීම් අඩු වීමට හා හොඳින් පාලනය කිරීමට තවත් වැදගත් අංගයක් තමයි මෙහි ඇති steel perimeter frame එක.
  9. ඒ වගේම Engine kill switch එකක් ලබා දි ඇති නිසා traffic වලදී engine standby mode එකේ තබාගෙන ඉන්ධන කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගැනීමට පුලුවන්.
  10. Sport look එකත් ,වැඩ ගොඩත් එක්ක වටින මිලකුත් තියන නිසා ඇත්තටම NS160 බයික් එක කොල්ලෙක්ට අවුලක් නැතුව මිලදී ගන්න පුළුවන්.



Facebook Comments
Share
  • 44
  •  
  •  
  •  
  •  
  •  
  •  
    44
    Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!