General Mechanical

NS200 ABS සිහිනය සැබෑ වෙයි.

ඔන්න ඉතින් අපි ගොඩ කාලයක් තිස්සේ බලන් හිතපු Upgrade එකක් සැබෑවක් වෙලා තියනවා..
ඒ තමයි NS200 ABS Version එක ඉන්දියා වල නිකුත් වෙලා.. ලංකාවටත් මේ අවුරුද්ද ඇතුලත එයි කියල තමා ගොඩක් අය කතා වෙන්නේ. දැන් බලමු අපි මොනවද අලුත් Upgrade එකත් එක්ක Bike එකට වෙලා තියෙන්නේ කියලා..

Single Cylinder, 4-Stroke, 4-Valve, SOHC, Triple Spark, DTS-i එන්ජින් එකකින් සමන්විත මෙහි තවත් upgrade එකක් තමයි fuel injection system එක. අපේ කොල්ලන්ගේ පසුම්බියට නම් වාසි දායක දෙයක් මේක. මේ system එක නිසා තෙල් හොදින් වැඩ කරනවා..

එන්ජින් ධාරිතාවය 200cc වන අතර RPM 9500 කදී අශ්වබල 23.52ක බලයක් යතුරුපැදියට ලබා දේ.. තත්පර 9.8 ක් තුල 100kmph ඉක්මවන වේගයක් ලබාගත හැකි ගියර් 6කින් සමන්විත මෙම යතුරුපැදියේ උපරිම වේගය 135kmph වේ.

ඉදිරිපස හා පසුපස Disc Brake හා Single channel ABS වලින් සමන්විත තිරිංග පද්ධතියක් මෙහි අඩoගු වේ. ABS වලදී තිරිංග යෙදීමකදී රථය ලිස්සා යාමේ ප්‍රවනතාව බොහෝ සෙයින් අඩු වේ. මේ නිසා ඕනෑම කාළගුණ හෝ පරිසර තත්වයකදී රෝද ලිස්සා නොයයි ඒ වාගේම Bike එකේ ස්ථායි බව හා පාලන හැකියාව වැඩි වේ. එම නිසා අනතුරු ඇතිවීමේ හැකියාවද අඩු වේ.

මෙහි ඉන්ධන ධාරිතාව ලීටර් 12ක් වේ..ඉදිරිපස 100/80-17 හා පසුපස 130/70-17 Tubeless ටයර වලින් මෙම NS200 ABS යතුරුපැදිය සමන්විත වේ.

Perimeter Frame චැසියකින් සමන්විත මෙහි ඉදිරිපස Telescopic with Anti-friction Bush හා පසුපස Nitrox mono shock absorber with Canister suspension වලින් සමන්විත වේ.

දැනට ලoකාවේ ABS තියෙන්නේ යතුරුපැදි සුළු ප්‍රමාණයක විතරයි. ඉතින් ඒ නිසා මේ NS200 ABS version එක යතුරුපැදි වෙළදපොලේ ලොකු පෙරලියක් ඇති කරන්න ඉඩකඩ තිබෙනවා… මොකද මේ යතුරුපැදියේ මිලත් ඉතා සාධාරණ අගයක් ගන්නා නිසා.

Facebook Comments
Share
  • 17
  •  
  •  
  •  
  •  
  •  
  •  
    17
    Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!