General Reviews

NS200 FI ABS ද? FZ – S V3 ද?

Bikers Hub අපි තීරණය කලා මේ දවස් වල වැඩියෙන් කතා වෙන Yamaha FZ V3 එකයි Bajaj NS 200 FI ABS එකයි සසඳන්න. සාමාන්‍යයෙන් මේ වගෙ Capacity දෙකක Bikes Compare කරන්නේ නැහැ. ඒත් ලංකාවේ නම් ඒක වෙන බව තේරුනා. ඉතින් යතුරුපැදියකරුවන්ගේ තැනක් නේ Bikers Hub කියන්නේ ඒ නිසා අපිම මේ දෙන්නගෙ ගුණ අගුණ කියන්න තීරණය කලා.

යතුරුපැදිය දෙකේ පසුබිම සහ යතුරුපැදි දෙක සැසඳීමට පදනම් වූ හේතු.

FZ කියන්නෙ වසර 11ක දිගු ඉතිහාසයක් තියෙන හොඳ අලෙවියක් උන යතුරුපැදියක්. නමුත් 2013 කරළියට එන FZ V2 EFI බයික් එකට FZ 16 එකට ලැබුන සැලකිල්ල නම් ලැබුනේ නැහැ ඒකට ප්‍රධානම හේතුව ඒ කාලෙ තිබ්බ අනිත් 150 එක්ක සැසදුවම FZ එකකට වැය කරන්න උන අධික මිල, අඩු බලයක් ජනනය කරන එන්ජිම වගේ සාධක.ඉන්දියාවේ එහෙම සාර්ථක නොවුනට මොකද්දෝ හේතුවට ලංකාවේ නම් මේ FZ v2.0 එක උපරීමේටම හිට් උනා.‍ බොහෝ විට ලංකාවේ තෝරාගැනිමට තිබු ඉතාම අඩු වපසැරියක යතුරුපැදි මාදිලි නිසා වෙන්න ඇති.

NS කරළියට එන්නේ 2012 දී ආපු ගමන් තරඟ කරන්නේ එයාගෙම මට්ටමේ අයත් එක්ක හරියට KTM Duke 200 වගේ. කොහොම හරි වසරකට කිට්ටු කාලයක් තුල NS එකත් ලංකාවට එනවා.200 සීසී කාණ්ඩය වෙනම මානයකට රැගෙන ගිය NS තරුණ සිත් ආකර්ෂණය කරගන්නවා. කෙසේ හෝ කාලයක් ගත වෙන විට එනම් 2017 පමණ වෙනකොට NS 200 Leser Edge සහ FZ-S V2 කියන බයික් දෙකේ මිල ලඟ ලඟ සැසදෙන්න ගන්නවා. එතකොට මතයක් ගොඩ නැගෙනවා මිල මත පදනම්ව FZ එක යමහා සන්නාමය නිසාත් EFI නිසාත් NS එකට වඩා FZ එක තෝරා ගැනීම වඩා හොඳයි කියල. ඔය කාරණාවට පිරිස් පිල් බෙදිලා තමන්ගෙ මතවාදය සනාථ කරන්න බොහෝ සෙයින් උත්සහා කරනවා.

මේ දේවල් මෙහෙම වෙනකොට 2019 මුලදිම ඉන්දියාවෙ වත් තවම Release නොකරපු NS200 FI ABS ලංකාවට එනවා. ඒ වගේම මීට නොබෝ දිනකට පෙර Yamaha විසින් FZ V3 යතුරුපැදියත් මෙරට යතුරුපැදිය කරළියට රැගෙන එනවා. යතුරුපැදිය දෙක අතර මිල පරතරය මෙවර රුපියල් ලක්ශකට ආසන්නව වෙනසක් තිබුනත් මතවාදය එහෙම්මයි. ඒත් දැන් ඊටත් වඩා තිවෘරයි. මොකද FZ එකත් EFI, NS එකත් EFI, FZ එකත් ABS, NS එකත් ABS අද කතා කරමු කවුද හොඳ කියන එක ගැන.

Engine

* මුලින් කතා කරමු NS එන්ජිම ගැන. NS 200 එන්ජිම බජාජ් ලට ආවේනික උන Triple Spark DTS-i, 199.5cc SOHC 4 Valve එන්ජින් එකක්. මේ එන්ජිමට තත්පර 10කදි පැයට කිලෝමීටර් කිලෝමීටර් 100ක වේගය පහු කරන්න වගේම පැයට කිලෝමීටර් 155ක පමණ ආසන්න උපරිම වේගයක් ලබා දෙන්න තරම් බල සම්පන්නයි. ඒ වගේම මේ එන්ජිම සතු බලය අශ්වබල 24.2 ලෙසට සටහන් වෙනව. ඒ කියන්නේ Carb NS එකට වඩා දශම ගානක බලයෙහි වැඩි වීමක් FI මාදිලියේ දැකගන්න ලැබෙනවා.

* FZ එන්ජිම ගැන කතා කලොත් මේක 149cc SOHC තනි සිලින්ඩර 2 Valve එන්ජිමක්. පැයට කිලෝමීටර් 100ක වේගය ලබා ගන්න තත්වපර 16ක වගේ කාලයක් මේ එන්ජිම වැය කරනවා. මේක Version 2.0 එක සමඟ සැසදුවා නම් ඉතා හොඳ වැඩි දියුණු කිරීමක් මොකද කලින් FZ එකට තත්පර 20කට ආසන්නව ගත උනා පැයට කිලෝමීටර් 100ක වේගය පසු කරන්න. මේ එන්ජිම ලබා දෙන උපරිම වේගය පැයට කිලෝමීටර් 130ක් පමණ වනවාත් සමඟම එන්ජිම සතු උපරිම බලය අශ්වබල 13.2ක් ලෙසට Dyno meter එකෙහි සටහන් වනවා.

මේ අනුව අශ්වබල 10කින් බලය වැඩි ජව සම්පන්න වේගවත් NS200, එන්ජින් දෙක සැසදුමෙන් ජයග්‍රහණය කරනවා.

සිසිලන පද්ධතිය

NS 200 හී ද්‍රව සිසිලන පද්ධතියක් අන්තර්ගත වන අතර මේ නිසා ඉහල වේගයන් වල ධාවනය කරන විට එන්ජිම රත් වීම බොහෝ සෙයින් පාලනය කරනවා මේ නිසා එන්ජිමෙහි කාර්යක්ශමතාව සහ කල් පැවත්වම වැඩි වනවා.

FZ හී සිසිලන පද්ධතිය සාමාන්‍ය යතුරුපැදිය ධාවනයේදි එන්ජිම හරහා ගමන් ගන්නා සුලඟ පමණක් වේ එනම් මෙහි විශේෂයෙන් නිපැයු සිසිල පද්ධතියක් නොමැත. මේ නිසා පැයට කිලෝමීටර් 100කට ඉහල වේගයක යම් දුරක් එක දිගට ධාවනය කරන්නේ නම් NS එකට සාපේක්ෂව එන්ජිමෙහි රත් වීම වැඩියි. මන්ද ද්‍රව හෝ ඔයිල් සිසිලන පද්ධතියක් මෙහි න්නො නිසා.

ඉන්ධන කාර්යක්ශමතාව

* යතුරුපැදිය දෙකම EFI තාක්ෂණය මගින් ඉන්ධන සැපයුම එන්ජිම වෙතට සිදු කරන අතර වෑල්ව 4ක එන්ජිමක් වන NS 200 පෙට්‍රල් ලීටර එකකට කිලෝමීටර් 40ත් 45ත් අතර ඉන්ධන කාර්යක්ශමතාවයක් ලබා දෙනවා. Yamaha Vlue Core තාක්ෂණය සමඟ ගැටි වූ ඉන්ධන කාර්යක්ශමතාව සඳහා තරුණයක් අතර නම් දරා සිටින FZ 3.0 පෙට්‍රල් ලීටර් එකක කිලෝමීටර් 50කට ආසන්න ඉන්ධන කාර්යක්ශමතාවයක් ලබා දෙන අතර මීට ප්‍රධානම හේතුව ජවයෙන් අඩු වෑල්ව 2ක එන්ජිම මෙන්ම අඩු ධාරිතාවයේ එන්ජින් වලට යමහා යොදා ගන්නා Blue Core නම් තාක්ෂණයයි.

සැප පහසුව

* මේ කාරණාව නම් යතුරුපැදි ධාවකයාගේ උස බර යතුරුපැදිය ධාවනය කරනා ආකාරය වැනි සියලුම සාධක මත පදනම් වෙනවා. ඒ වගේම ඒ ඒ පුද්ගලික හුරුව මත එක් යතුරුපැදියක් පරයා අනෙක නැගී සිටිනවා. කෙසේ වෙතත් Clip On Handle Bars, Split seat, Nitrox Suspension වැනි ගුණාංග ඇති NS සැප පහසුව අතින් තරමක් ඉදිරියෙන් සිටිනවා. නමුත් පෙර කී සේ මෙය ධාවකයාට සාපේක්ෂ කාරණාවක්.

චැසිය, උස, බර

*NS 200 නවතම Perimeter Frame එකකින් යුක්තය. දෙදරීම් අවම මෙම චැසිය ද සමඟ යතුරුපැදියෙහි මුලු බර කිලොග්‍රැම් 152ක් වන අතරම Seat Height එක 805mm ලෙසට සටහන් වෙනවා.

* FZ 3.0 යතුරුපැදිය හට Steel Diamond Frame එකක් ඇති අතර යතුරුපැදියෙහි බර කිලෝග්‍රැම් 137ක් ලෙසත් Seat Height එක 790mm ලෙසටත් සටහන් වනවා.

මේ අනුව උසින් සහ බරෙන් වැඩි තරමක් ප්‍රමාණයෙන් විශාල යතුරුපැදියක් ලෙසට NS පෙන්වා දිය හැකියි. ඔබේ ශරීර ප්‍රමාණය සහ කැමත්ත අනුව මෙතනදී ඔබට යතුරුපැදිය තෝරාගත හැකියි. මෙයද ඔබට සාපේක්ෂ තීරණයක්.

Meter එක

* NS මීටර් එක Semi Digital මීටර් එකක් විදියට ලබා දී තිබෙනවා. මේකේ RPM මීටර් එක Analog ලෙසත් වේගය, කාලය, ඉන්ධන ධාරිතාවය, ට්‍රිප් මීටරය වැනි දේ ඩිජිටල් ලෙසත්. Service reminder, ABS, Low Battery වැනි අංග Color indicators හරහත් පෙන්නුම් කරනවා.

* FZ මීටර් එක Fully Digital Meter එකක් ලෙසට Yamaha ලබා දී තිබෙනවා. මේ මීටරය Negative LED ලෙසට නිම කර ඇති අතර වේගය, RPM, Trip, Time වැනි සියලුම අංග මීටර් එකේ ඩිජිටල් ලෙසට දිස් වෙනවා.

Brakes

* NS 200 ඉදිරිපස 300mm Petal Disk එකක් සමඟ Bybre Caliper එකක් මෙන්ම ABS ද එකතු කොට ඇති අතරවාරයේ පසුපස 220mm Petal Disk එකක් සමඟ Bybre Caliper එකක් මෙන්ම RLP (Rear Wheel Lift off Protection) Sensor එකක් යොදාගෙන තිබෙනවා. මේ නිසා ඉදිරිපස පමණක් ABS අන්තර්ගත වූවද පසුපස රෝදය ද හදිසි තිරිංග යෙදීම් වලදී ලිස්සා යෑම සහ හිර වීම අවම කරනවා එමෙන්ම පෙටල් නොහොත් මල් ඩිස්ක් යොදාගැනීම නිසා ඉතා ඉක්මනින් සාමාන්‍ය ඩිස්ක් එකකට වඩා ඉක්මනින් තාපය සහ තෙතමනය Disk එක මතින් ඉවත් කර ගන්නවා.

* FZ හී Brakes ලෙස 282mm සාමාන්‍ය Disk එකක් සමඟ ABS යොදාගෙන ඇති අතර පසුපස 220mm සාමාන්‍ය Disk එකක් යොදාගෙන ඇත. නමුත් මේ පසුපස Disk එකේහි NS හී මෙන් RLP අන්තර්ගත නොවන නිසා පසුපස තිරිංග එක වර යෙදීමකදී රොදය ලිස්සා යෑමට මෙන්ම හිර වීමට ඇති ඉඩක වැඩියි.

මේ අනුව NS 200 Brakes අතර ජය හිමි කරගන්නවා.

Tyres

* NS 200 ඉදිරිපස 100/80 – 17, 52 P ප්‍රමාණයෙන් ටයර් එකක් ද පසුපස 130/70 – 17, 61 P ප්‍රමාණයෙන් ටයර් එකක් ද යොදාගෙන ඇති අතර මේ ටයර් ටියුබ් රහිත ටයර් වනවා එමෙන්ම Factory Size එන ටයර් එක වෙනුවට අවශ්‍ය නම් පසුපස 150 ප්‍රමාණය දක්වා පවතින රිම් එකටම ටයර් එක වෙනස් කර ගැනීමේ හැකියාව ද NS සතුයි.

* FZ 3.0 ඉදිරිපස 100/80-17 ප්‍රමාණයෙන් හා පසුපස 140/60-R17 ප්‍රමාණයෙන් ටියුබ් රහිත ටයර් යොදාගෙන තිබෙනවා.

 

-අවසාන තීරණය-

එය සෑම වීටම ඔබට භාරයි යතුරුපැදිය දෙක අතර හොඳ නරක ඉතාම සරළව පැහැදිලි කලා. මේ යතුරුපැදිය දෙකෙහි මිල පිලිවෙලින් NS හී 579,950 හා FZ – S 479,900 ලෙසට සටහන් වනවා. තෝරා ගැනීම ඔබට බාරයි.

ඔයාගෙ අදහසත් අපේ පේජ් එකේ Comment එකක් විදියට දාගෙන යන්න.

ස්තුතියි.

Facebook Comments
Share
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!