General Mechanical

Top 10 tips to store your bike during the LOCKDOWN

දැන් ඉතින් සති ගානක් ගෙදර නේද ? බයික් එකත් බොහෝ දුරට ගෙදරමනේ? වත්ත වටේ වත් පදින්න විදියක් නෑ නේද ? ආයේ ස්ටාර්ට් කරලා වැඩට යන්න ක්ලාස් යන්න ලැහැස්ති වෙනකොට බයික් එක ස්ටාට් උනේ නැත්තම් ? වයරින් කිට් එක මීයෝ නිරෝධායනය කරලා නම් දෙවි පිහිටයි නේද ? එහෙම නොවෙන්න නම් ඉතින් කියවලා බලන්න මේ ලිපිය.

1. බයික් එක සම්පුර්ණයෙන්ම හොදන්න හෝදල පිහදාල බයික් කවර් එකකින් වහන්න, කවර් එකක් නැත්තම් කොටන් රෙද්දකින් වහන්න සම්පුර්ණයෙන්ම.

2. වහලා විතරක් මදි සතියට දවසක් හෝ දවස් 5කට සැරයක් බයික් එක ස්ටාට් කරන්න, කික් තියෙන බයික් එකක් නම් කික් එකෙන් ස්ටාට් කරන්න විනාඩි 3ක් එන්ජිම Idle තියල විනාඩියක් දෙකක් පොඩ්ඩක් රේස් කරන්න.

3. කේබල් ටික පුලුවන් නම් ඔයිල් කරන්න, චේන් එකට චේන් ලූබ් ටිකක් දාන්න අමතක කරන්නත් එපා.

4. ඩබල් ස්ටෑන්ඩ් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන් ඒක ගහන්න. නැත්තම් පැඩොක් ස්ටෑන්ඩ් එකක් හරි කමක් නෑ. ඒ දෙකම නැත්තම් බයික් එකේ ටයර් එකට එකම බරක් වැටෙන විදියට තියන්න එපා ටයර් එකට බර වැටෙන තැන සැරෙන් සැරෙ වෙනස් වෙන්න දවස් 5කට වතාවක් වත් ටයර් පොසිශන් එක වෙනස් කරන්න. නැත්තම් බර වැටිලා ටයර් එක ඩැමෙජ් වේවි.

5. කාබ් එකක් තියෙන බයික් එකක් නම් පෙට්‍රල් වහලා තියන්න අමතක කරන්න එපා.

6. බයික් එක අවුව වැටෙන තැනක තියන්න එපා. ටයර් වල ආයු කාලය, වර්ණය වගේම ප්ලාස්ටික් වල කල් පැවත්ම අඩු වෙනවා.

7. මීයොගෙන් බයික් එක බේරගන්න පුලුවන් හැම දේම කරන්න ගැරෙජ් එකක් වගේ බයික් එක දැම්මොත් මීයොන්ගෙන් හානිය වෙන්න පුලුවන් ඉඩ වැඩියි.

8. බයික් එක ටිකක් පරණ තාලෙ එකක් නම් මතක ඇතුව බැටරිය ඩිස්කනෙට් කරල තියෙන එක වඩා හොඳයි.

9. ජලයෙන්, විදුලියෙන් සහ ගින්දරෙන් හානි නොවෙන තැනක බයික් එක නවත්තලා තියන්න.

10. බයික් එකේ හුලං බැහැලා නම් කොහොම හරි මතක ඇතුව හුලං ගහාගන්න අමතක කරන්න එපා. නැත්තම් ඉතින් ටයර් එකට හානි වෙන්න පුලුවන්.

මේ දේවල් ටික හරියට කලොත් ආයේ බයික් එක වැඩට හරි ක්ලාස් එකට හරි මොන යම් දේකට හරි එලියට අරගෙන යනකොට ගැටලුවක් වෙන එකක් නම් නැහෑ.

Facebook Comments
Share
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!