General

Upcomming Bikes In Sri Lanka with Prices  2020

මේ වෙනකොට ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි 2020 2021 කියන අවුරුදු 2 ඇතුලත මොන මොන බයික් අලුතෙන් කරළියට එයිද කියන එක. ඒ නිසා Bikers Hub අපි තීරණය කලා ඒ ගැන ඔයාලව දැණුවත් කරන්න.

1. Husqvarna Svartpilen/Vitpilen 250

Husqvarna කියන Brand එක සමහර අයට නම් අහපු ගමන් නුහුරු ගතියක් ඇති නමුත් KTM සමාගමට අයිති Husqvarna කියන්නේ Motorcross සහ SuperMoto බයික් නිෂ්පාදනය අතින් ලෝකේ නම් දරාගෙන සිටින සමාගමක්.

එයාලා මේ වෙනකොට KTM එක්ක එකතු වෙලා 250/400 Street bikes නිෂ්පාදනයට යොමු වෙලා සිටින නිසාත් ලංකාවේ නිළ KTM නියෝජිතයෙකු ඉන්න නිසාත් මේ වසර අවසන් වීමට පෙර Husqvarna බයික්ස් ලංකාවේ බලාගන්න ලැබේවි.

249cc DOHC 4 valve එන්ජිමකින් එන මේ Svartpilen 250 බයික් එක අශ්වබල 31කින් පැයට කිලෝමීටර් 150ක විතර වේගයක් ලබා දෙනවා. බයික් එකේ මිල අපේක්ෂිත වශයෙන් ලක්ෂ 10ක් පමණ.

2. KTM 390 Adventure

KTM නම් දැන් ඔයාලට හුරු නැති නමක් නෙමෙයි නේ වසර 2කට ආසන්න කාලයක් ලංකාවේ යතුරුපැදි කරළියේ ඉන්නෙ KTM බොහෝ දුරට මේ වසර අවසන් වෙන්න කලින් 390 Duke එන්ජිම මත පදනම් උන 390 Adventure බයික් එක ලංකාවේ වෙළෙඳපොළට නිකුත් කරන්න ඉඩ තිබෙනවා.

373cc DOHC 4 Valve එන්ජිමකින් එන මේ Adventure බයික් එක අශ්වබල 44කින් පැයට කිලෝමීටර් 170 ඉක්මවන වේගයක් ලබ දෙනවා. අපේක්ෂිත මිල ලක්ෂ 16ක් පමණ වෙනවා.

3. KTM Adventure 250

Duke 250 එන්ජිම මත පදනම් උන මේ Adventure 250 බයික් එක 249cc DOHC 4 Valve එන්ජිමෙන් අශ්වබල 30ක බලයක් සහ පැයට කිලෝමීටර් 150 ඉක්මනව වේගයක් ලබා දෙනවා. අපේක්ෂිත මිල රුපියල් ලක්ෂ 11ක්.

4. Yamaha MT-03

මේ වසර අවසානයට පෙර කරළියට ඒවි යැයි ඉඟි පහල කරන තවත් සුපිරි බයික් එකක් තමා MT 03 කියන්නේ. 321cc එන්ජිමකින් අශ්වබල 43ක් ලබා දෙන MT පැයට කිලෝමීටර් 170කට ආසන්න උපරිම වේගයක් ලබා දෙනවා.

අපේක්ෂිත මිල ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 11ක් පමණ.

5. KTM Duke 200 BS6/Euro5

සම්පුර්ණයෙන්ම අලුත් උන KTM Duke 200 යතුරුපැදියත් මේ වසර අවසන් වීමට පෙර ලංකාවේ බලාගන්න බොහෝ දුරට ඉඩ ලැබෙනවා. 199cc DOHC 4 Valve අශ්වබල 25ක බලයක් ලබා දෙන එන්ජිමකින් බල ගැන්වෙන මේ Duke 200 පැයට කිලෝමීටර් 150කට ආසන්න වේගයක් ලබ දෙනවා.

අපේක්ෂිත මිල රුපියල් ලක්ෂ 7.50 පමණ.

6. TVS Apache RTR 200 4V BS6

නවතම RTR 200 මාදිලියත් මේ වසර අවසන් වීමට පෙර මෙරටට සේන්දු වීමට නියමිතයි. 197cc අශ්වබල 21ක එන්ජිමකින් බල ගැන්වෙන මේ බයික් එකට පැයට කිලෝමීටර් 140 ඉක්මවන උපරිම වේගයක් සහිතයි.

අපේක්ෂිත මිල රුපියල් ලක්ෂ 6 පමණ.

7. TVS RTR 160 4V BS6

159cc අශ්වබල 16ක එන්ජිමකින් බල ගැන්වෙන මේ 160 4V යතුරුපැදිය මෙරට 160 කාණ්ඩයේ වේගවත්ම යතුරුපැදියකි. පැයට කිලෝමීටර් 130 ඉක්මවන වේගයක් සහිත මේ යතුරුපැදිය රුපියල් ලක්ෂ 4.50ක ආසන්න මිලකට අලෙවි විය හැක.

8. Hero Xtreme 160

වසර අග වන විට පමණ මේ යතුරුපැදිය ද මෙරට වෙළෙඳපොළට නිකුත් වීමට බොහො දුරට ඉඩක් ඇත. 160cc අශ්වබල 15ක එන්ජිමකින් පැයට කිලෝමීටර් 120ක වේගය ඉක්මවා යෑමේ හැකියාව ඇත.

අපේක්ෂිත මිල රුපියල් ලක්ෂ 4.5 පමණ.

9. Bajaj Pulsar NS 125 FI

එලඹෙන මාස කිහිපය තුල අනිවාර්යයෙන්ම කරළියට එන මේ ලාබාලම NS සාමාජිකයා පාසල් හැර ගිය වයසේ තරුණයන්ට සහ මධ්‍යම පාන්තික තරුණන් හට වඩා ගැලපෙන තෝරා ගැනීමක් වෙන්න පුලුවන්

124cc වෑල්ව 4ක එන්ජිමකින් එන මේ යතුරුපැදිය අශ්වබල 13කින් පැයට කිලෝමීටර් 110 ඉක්මවන වේගයක් ලබා දෙයි.

අපේක්ෂිත මිල රුපියල් ලක්ෂ 3.5 පමණ.

10. Bajaj Urbanite Chetak

බජාජ් සමාගමේ ප්‍රථම ඉලෙට්‍රික් ස්කුටරය වන මෙය වර්තමානයේ ඉන්දියාවේ නිෂ්පාදනය වන ඉලෙට්‍රික් ස්කුටර් අතර හොඳ පිලිගැනිමක් ලබා ඇත. එක් චාජ් කිරීමකින් කිලෝමීටර් 80ක පමණ දුරක් ධාවය කිරිමේ හැකියාව ඇත.

අපේක්ෂිත මිල රුපියල් ලක්ෂ 4 පමණ.

මීට අමතරව තවත් ස්කුටර් සහ යම් යම් යතුරුපැදි වසර මැද සහ අඟ වගේම 2021 මුලදි කරළියට එන්න ඉඩ තිබෙනවා. ඒ පිළිබඳ විස්තර ලැබුන ගමන් දැණුවත් කරන්නම්.


Facebook Comments
Share
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!