General Mechanical

What is BS6 ? things to know about new BS6 emission norms

කීප දෙනෙක්ම යොමු කරපු තවත් ප්‍රශ්නයක් තමයි මේ BS6 කියන්නෙ මොකද්ද කියල අහපු එක අද ඒ ගැන බොහෝම සරළව ඇහැදිලි කරන්නම්.

මේ BS එහෙමත් නැත්තම් Bharath Stage කියන්නෙ 2000 වසරෙ ඉදන් එන තත්ව සහතියක් හා සමාන දෙයක් උදාහරණයක් හැටියට ගත්තොත් ලංකාවේ ඉකෝ ටෙස්ට් වගේ නමුත් ඊටත් වඩා බොහෝමයක් දියුණු දෙයක්. සාමාන්‍යයෙන් වසර 2කට විතර සැරයක් මේ BS කියන එක වෙනස් වෙනවා ලංකාවේ දැනට තියෙන ඉන්දියන් හැම අලුත් බයික් එකක් ම මේ BS4 කාණ්ඩයට වැටෙන්නෙ. ඒ වගේම ඉදිරියට එන බයික් වල අපිට BS6 බලාගන්න ලැබේවි. මේ BS6 එකටම සමගාමිව යුරෝපයේ රථවාහන වල බලාගන්න ලැබෙනවා Euro 5 කියන Emission Standard එක.

ඉන්දියාවට කුමන බයික් එකක් කාර් එකක් මොන රටෙන් ආනයනය කලත් ඉන්දියාව තුලදි BS වලට අනුකූලව ඉතාම සුලු වෙනස්කම් කරනවා. එහෙම කරන්නෙ නැති නම් ඒ රථවාහන ඒ රටේ ධාවනය කරන්නට ඉඩක් නැහැ. හරියටම ලංකාවෙ ඉකෝ ටෙස්ට් එක වගේ තමා. මේ BS6 කලින් BS4 එකට වඩා ඉතාම හොඳ ඉන්ධන කාර්යයක්ෂමතාවයක් සහිත එන්ජින් වෙනවා.ඒ වගේම වායු විමෝචනය 25% විතර පෙර BS4 මාදිලියට වඩා අඩුයි. ඒ විතරක් නෙමෙයි දෙදරීම් සහ ශබ්දයත් අවමයි. බොහෝමයක් කාබ් යතුරුපැදි EFI තාක්ෂණයට මාරු වීමද සිදු කරනවා එලෙස කල යතුරුපැදි විදියට NS200, Platina 110, Dio 110 වගෙ යතුරුපැදිය පෙන්වා දෙන්න පුලුවන්. මේ සියල්ලෙන්ම බලාපොරොත්තු වෙන්නේ පරිසර හිතකාමී රථයක් නිපදවීමයි.

මේ වෙන විට BS6 සහ Euro 5 වලට ගැලෙපෙනන්න KTM වගේ යතුරුපැදි නිශ්පාදනය කරලා අවසානයි වගේම අනිත් යතුරුපැදි නිශ්පාදකයනුත් BS6 වලට අනුකූලව යතුරුපැදි නිශ්පාදනය කර හමාරයි. ඉදිරියට ලංකාවට එන සියලුම යතුරුපැදි පවා මේ BS6 වලට යටත් වෙලා එන නිසා ඉතාම හොඳ ඉන්ධන කාර්යයක්ෂමතාවයක් සමග එන යතුරුපැදි වෙනවා නොඅනුමානයි .

එපමනක් නෙමෙයි වායු විමෝචනය අවම කිරීමට උපරිමයෙන් කැප වෙන ඉන්දියාව මේ වසර ඇතුලත සියලුම ගියර් සහිත යතුරුපැදි EFI තාක්ෂණයෙන් නිශ්පාදනය කිරීමට සැලසුම් කර තිබෙන අතර 2025 වන විට 125cc ධාරිතාවයෙන් අඩු සියලුම යතුරුපැදි ඉලෙට්‍රික් යතුරුපැදි කිරීමටත් සැලසුම් කර තිබෙනවා. ලොව දැවන්තම යතුරුපැදි නිශ්පාදකයා වෙන ඉන්දියාව ඉදිරි වසර 5 තුල යුරෝපයේ සහ ජපානයේ යතුරුපැදි වලටත් ප්‍රභල අභියෝගයක් වෙන ලකුණු පහල කරමින්ද සිටියි.

තවත් මේ ගැන විස්තරාත්මක දැනගන්න අවශ්‍ය නම් අපේ Page එකට මැසෙජ් එකක් දාන්න…

Facebook Comments
Share
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!