General Reviews

Yamaha MT 15 vs KTM Duke 125 Comparison

ගොඩක් අය පේජ් එකට කතා කරලා, මැසෙජස් දාලා අහපු දෙයක් අයියේ MT 15 ද Duke 125 ද ගන්න ගානට වටින්නෙ කියන එක. ඒක මෙහෙමයි සරළවම කිව්වොත් වේගය අතින් නම් MT 15 ඉස්සරහෙන් ඉන්නවා. නමුත් අනිත් දේවල් අතෙනුත් එයා ඉස්සරහෙන් ඉන්නවද ? අපි ඒ ගැන අද කතා කරමු.

KTM Duke කියන මොඩල් එක මුලින්ම කරළියට එන්නේ 2012 දි ඉතින් ඒ කාලේ යුරෝපේ ජනප්‍රියම බයික් එක වෙන මෙයා ආසියාවේ ජනප්‍රිය වෙන්න ගන්නේ 2015 විතර පස්සේ ඒ වගේම මේ Duke 125 කියන කෙනා මුල් වරට දකුණු ආසියාවට එන්නෙත් 2018 අවසාන භාගයේ. Duke 125 Asian සහ Duke 125 EU කියන මොඩල්ස් දෙකම ලංකාවේ අපිට මිලට ගන්න තිබුනත් Yamaha MT 15 බයික් එකේ නම් ඉන්දියන් Version එක විතරයි ලංකාවේ මිලට ගන්න තියෙන්නේ. ඒ නිසා අද අපි ලංකාවේ වෙළඳපොළේ ඉන්න 125 Duke එක්ක MT 15 Indian එක Compare කරලා බලමු.

International Models

ENGINE

MT 15 බයික් එකට 155cc 4 valve R15 v3 එන්ජින් එකම යොදාගෙන තියෙනවා. ඉතාම පහසුවෙන් අශ්වබල 19ක් ලබා දෙන මේ MT 15 VVA කියන Technology එකෙන් බල ගන්වපු එන්ජින් එකක්. පැයට කිලෝමීටර් 135ක විතර වේගයක් සහිත මෙයා 150cc නේකඩ් කැටගරි එකේ බලගතුම එන්ජිමක් සහිත බයික් එකක්.

Duke 125 බයික් එකේ එන්ජින් එක 124.7cc 4 valve DOHC එන්ජිමක් මේ DOHC එන්ජිම නිසා සහ පසුපස දත් වැඩි Sprocket එක නිසා MT එකට වඩා වැඩි පිකප් එකක් බලාගන්න ලැබෙනවා. අශ්වබල 14.5ක බලයක් ලබා දෙන මේ Duke 125 පැයට කිලෝමීටර් 125ක පමණ වේගයක් ගැටලුවක් නැතුව ලබා දෙනවා.

බයික් දෙකේම Cooling System එක Liquid cool මේ නිසා ඉතා හොදින් එන්ජිම සිසිල් කරගන්න දෙන්නටම පුලුවන් කම තිබෙනවා. Overall ගත්තම වේගය සහ බලය අතින් MT ජයග්‍රහණය කලත් පිකප් එක අතින් නම් Duke 125 ඉස්සරහෙන් ඉන්නවා.

DESIGN, GEARS & METER

බයික් දෙකේ ඩිසයින් එක පැත්තට ආවොත් MT 15 එක Duke 125 Asian එකට වඩා නම් පෙනුමෙන් ඉන්නවා. නමුත් Duke 125 EU එකත් එක්ක compare කලොත් නිතරඟයෙන් දිනන්නේ Duke 125 EU මොකද 125 බයික් එකක නැති අමුතුම කැපි පෙනෙන පෙනුමක් Duke 125 EU සතු වෙන නිසා. බයික් දෙකෙ ප්‍රමණයන් අතින් ගත්තත් MT 15 ටිකක් ප්‍රමාණයෙන් කුඩා බයික් එකක් ඒ වගේම පසුපස සීට් එකටත් බොහොම අඩු ඉඩක් තිබෙන්නේ. මේ නිසා පසුපස ගමන් ගන්නා කෙනෙක් ට ටිකක් අමාරුයි. එහෙත් ඒ ගැටලුව Duke 125 එකේ නම් බලාගන්න ලැබෙන්නෙ නැ. හොඳට ඉඩ කඩ සහිත සීට් දෙකක් Duke 125 සහ Duke 125 EU එකේ බලාගන්න පුලුවන්.

බයික් දෙකේම Gears 6ක් බලාගන්න පුලුවන් ඒ වගේම MT 15 එකේ Slipper Clutch එකකුත් ඇතුලත් වනවා.

Meter එක පැත්තට ආවොත් Duke 125 Asian එකේ වඩා විස්තරාත්මක මීටර් එකක් බලාගන්න පුලුවන්. ඒ වගේම මේ මීටර් එක MT 15 මීටර් එකට වඩා දහවල් කාලයේ පැහැදිලිව පේනවා. ඒත් Meter එකේ Layout එක බැලුවම නම් MT 15 එක Duke 125 Asian එකට වඩා ටිකක් කැපි පෙනෙන ලස්සනක් බලාගන්න පුලුවන්. Duke 125 EU එකේ නම් Coloured TFT මීටර් එකක් තමා බලාගන්න ලැබෙන්නේ මෙහෙම මීටර් එකක් අයේ බලාගන්න ලැබෙන ලංකාවේ එකම බයික් එක Duke 390 තමා.

SEAT HEIGHT, GROUND CLEARANCE & WEIGHT

MT 15 එකේ සීට් හයිට් එක 810MM සහ Ground clearance 155mm විදියට සටහන් වෙනවා. ඒ වගේම බර කිලෝ 138යි.Fuel Tank capacity එක ලීටර් 10යි.

Duke 125 බයික් එකේ සීට් හයිට් එක 818mm විදියටත් Ground clearance 175mm විදියටත් සටහන් වනවා. මේ නිසා උසෙන් වැඩි කෙනෙක්ට ගැලපෙනම වණ්ඩිය Duke 125 කියන්න පුලුවන්. බයික් එකේ බර කිලෝ 148.4 වෙනවා. ඉන්ධන ධාරිතාවය ලීටර 10.8ක් වෙන නිසා MT එකට සාපේක්ෂව මිලි ලීටර 800ක වැඩි ධාරිතාවයක්  Duke 125 සතුයි.

බයික් දෙකේ Frame වලට ආවොත් MT විසින් සුපුරුදු Diamond Steel Frame එක යොදාගෙම තිබෙනවා. මේ ෆ්‍රෙම් එක යතුරුපැදි වලට යොදාගන්නා පිරිවැය අඩුම සහ පරණම ෆ්‍රේම් එකක්. කොහොම උනත් Duke 125 නම් නවතම යතුරුපැදි සඳහා වැඩි වශයෙන් යොදාගන්නා Steel Trellis Frame එකක් යොදාගෙන තිබෙනවා Duke 125 බයික් එකට.

FUEL CONSUMPTION

බයික් දෙකෙම ඉන්ධන සැපයුම Electronic Fuel Injection එහෙමත් නැත්නම් EFI, මේ නිසා බයික් දෙකේම හොඳ ඉන්ධන කාර්යයක්ෂමතාවයක් බලාගන්න ලැබෙනවා. Duke 125 පෙට්‍රල් ලීටර එකකට කිලෝමීටර් 45ත් 50 අතර දුරකුත් MT 15 පෙට්‍රල් ලීටර එකකට කිලෝමීටර් 4ක පමණ දුරකුත් සාමාන්‍යයෙන් ධාවනය කිරීමට ඉඩ දෙනවා.

SUSPENSION

MT 15 බයික් එකට FZ v3 එකේ එන සාමාන්‍ය Telescopic Suspension ලබා දී තිබෙනවා මේ නිසා බයික් එකේ Premium Look එක සහ Cornering Stability එක තරමක් දුරට අඩු වෙනවා ඒ වගේම සැප පහසුවත් තරමක් අඩු වනවා.මෙය බොහෝ විට Yamaha විසින් සිදු කරන්න ඇත්තෙ Cost cutting trik එකක් විදියට.

Duke 125 බයික් එකේ Suspension සඳහා ජනප්‍රිය නාමයක් වන WP වෙතින් එක Up side down Suspension යොදාගෙන තිබෙනවා මේ නිසා පෙනුම වගේම සැප පහසුව සහ Stability එක MT 15 එකට වඩා හොඳයි කියල අවිවාදයෙන් කියන්න පුලුවන්.

TYRES

MT 15 ටයර් සයිසස් ඔක්කොම FZ V3 එකට සමාන අගයක් තමා ගන්නේ. Rear 140/70 සහ Front 100/80 ප්‍රමාන වලින් MT 15 ටයර්ස් බලාගන්න පුලුවන්.

KTM Duke 125 එකේ පසුපස පුලුල් 150/60 ටයර් එකක් සමඟ ඉස්සරහ 110/70 ටයර් එකක් බලාගන්න පුලුවන් මේ නිසා කනේ වැලි ගෑවෙන්න වංගු ගන්න විතරක් නෙමෙ බයික් එකට හොඳ පෙනුමක් ලබා ගන්නත් පුලුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේම Duke 125 EU එකේ Michellin Tyres තමා යොදාගෙන තියෙන්නේ.

BRAKES

MT 15 එකේ ඉදිරිපස 282mm ඩිස්ක් එකක් එන්න ABS බලාගන්න ලැබෙනවා. පසුපස 220mm ඩිස්ක් එකක් බලාගන්න පුලුවන් ABS හෝ Rear Speed sensor එකක් අඩංගු වෙන්නෙ නෑ.ඒ වගේම මේ බ්‍රෙකින් සිස්ටම් එක සම්පුර්ණයෙන්ම FZ V3 එකෙන් ලබාගත් එකක්.

Duke 125 එකේ 300mm විශාල ඩිස්ක් එකක් සමඟ පසුපස 230mm ඩිස්ක් එකක් බලාගන්න පුලුවන් ඒ වගේම මේ බ්‍රෙක්ස් ජර්මානු සමාගම් වන බොශ් ඉලෙට්‍රොනික්ස් තමා බල ගන්වා තියෙන්නේ. මේ නිසා හොඳ බ්‍රේකිං රෙස්පොන්ස් එකක් MT 15 එකට සාපේක්ෂව ලබා ගන්න පුලුවන්. ඒ වගේම Duke 125 EU එකේ Dual Channel ABS අඩංගු වනවා

PRICE & SUMMERY

දැන් ඔයාල කල්පනා කරාවි මොකද්ද හොඳ කියලා. ඇත්තටම බයික් දෙකම හොඳයි ප්‍රයිස් එකත් බොහෝම සුලු මුදලකින් තමා එහා මෙහා වෙන්නේ MT 15 එක 579,900 සහ Duke 125 එක 549,950 විදියටයි දැනට ගනන් නියම වෙලා තියෙන්නේ. බලය අතින් MT ඉස්සරහෙන් හිටියත් KTM Brand name, Bosch ABS, USD WP Suspension Telescopic forks වගේ විශේෂාංග එක්ක එන Duke 125 එක 549,950ට හොද තෝරා ගැනීමක් කියන්න පුලුවන්. වේගයට කැමති යමහා ෆෑන් කෙනෙක් නම් FZ V3 සහ R15 සම්මිශ්‍රණයක් වෙන MT 15 එකට යන්නත් පුලුවන් තීරණය ඔයා සතුයි.

Duke 125 EU එකේ මිල  649,950 වන නිසාත් ඒකේ තියෙන Specs එක්ක 150 විතරක් නෙමෙයි 200 බයික් එකක් වත් ලොකුවට Compare කරන්න බැරි නිසා අද ලිපියේ වැඩි අවධානයක් දුන්නේ Duke 125 Asian Model එකට ඒ වගේම මේ මිල ගනන් දැනුම්දිමකින් තොරට වෙනස් වෙන්න පුලුවන්.




Facebook Comments
Share
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!